අවුරුදු 5 ක් තරම් කෙටි කාලයක් තුළ කුඩු ටොන් 5 ක් පමණ ගනුදෙනු කර මනුෂ්‍ය ඝාතන 30 කට වැඩි ප‍්‍රමාණයක් මෙහෙයවූ මාකඳුරේ මදුෂ් නමැති පාතාලයා ඩුබායි රාජ්‍යයේ ජීවත් වූයේ අජිත් ‘අවංක’ වික‍්‍රමසිංහ යන නම යටතේ බව පසුගියදා හෙළි විය. ඔහු කළ සියලූ වැරදිවලට දඬුවම් කිරීමේදී ‘අවංක’ යන වචනය අපහරණය කිරීම ගැන වෙනම දඬුවම් කළ යුතුය. මේ රටේ සිටින සෙසු අපරාධකාරයන් සමග මධුෂ් සංසන්දනය කරන විට ඉතාම පැහැදිලිව පෙනී යන කාරණයක් තිබේ. එනම් ඔහු ඉතාම පහත් පෙළේ කෲර සහ අධම අපරාධකාරයකු බවය. කොස් මල්ලීට වෙඩි තබා බෙල්ල කපා වෙන් කරන අවස්ථාව ඩුබායි රටේ සිට Video Call එකක් මගින් මධුෂ් විසින් නරඹන ලද බවට සාක්‍ෂි තිබේ. කොස් මල්ලිගේ අවසන් මොහොතේදී ඔහුට අත්වීමට යන ඉරණම ගැන මධුෂ් වීඩියෝ කෝල් එකේදී විස්තර කර ඇත. කොස් මල්ලිද හොඳ මිනිහෙක් නොවේ. පාතාල චරිතයක් වූ ඔහු මියගියේ ඔහු ජීවත්වූ ස්වභාවයට සාපේක්‍ෂවය. ඩුබායි හෝටලයේදී මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ කංචිපාන ඉම්රාන්, කෙසෙල් වත්තේ දිනුක, අංගොඩ චුට්ටේ, පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්, අලූත්කඬේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන අපරාධකාරයන්ගේ නම් දෙස බලන විට පෙනී යන්නේ ජාතික සංහිඳියාව සහ කුඩු ව්‍යාපාරය අතර මනා සම්බන්ධයක් තිබෙන බවය. ඉහත සඳහන් සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු කුඩු ව්‍යාපාරය නමැති බැනරය යටතේ එකට එකතුවී මධුෂ් නමැති පාතාලයා සිය ජාතික නායකයා බවට පත් කරගෙන සිටිති!
*** *** *** *** *** ***
ශ‍්‍රී ලංකාවට කුඩු බිස්නස් එක හඳුන්වා දුන් පුරෝගාමීහු කිහිපදෙනෙක් සිටිති. ඉන් ප‍්‍රමුඛතම මිනිසා වන්නේ කරුප්පයියා වාප්පු බාලන් හෙවත් මුනියන්ඩි වාප්පු බාලන් හෙවත් තෙල් බාලාය. ඔහු 1990 දී සිය මුල්ම කුඩු Shipment එක ලංකාවට ගෙන ආවේය. ලංකාව ජාත්‍යන්තර කුඩු Hub එකක් හෙවත් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නේ ඔහු විසිනි. ඔහු ලංකාවට ගෙන්වූ කුඩු එතැනින් ඉන්දියාවටත් මාලදිවයිනටත් යුරෝපයේ රටවල් කිහිපයකටත් ගියේය. තෙල් බාලාගේ සාපරාධී සගයන්වූවෝ සුධාකරන්, කි‍්‍රස්ටෝෆර් සහ පොට්ට නවුෆර්ය. එක්දහස් නවසිය අනූ ගණන් වලදී කොළඹ බ්ලූමැන්ඩල් සහ මාලිගාවත්ත යන ප‍්‍රදේශවල සිට ඔවුහු සුවිශාල බලවේගයක් ලෙස වැඩ කළහ. තෙල් බාලාගේ කුඩු ව්‍යාපාරයේ සිල්ලර අංශය භාරව සිටියේ තොටළඟ කිඹුලාඇලේ ගුණා සහ කොච්චිකඬේ ගතීය. කුඩු ව්‍යාපාරයට අමතරව මෙරට එළවළු තෙල් ව්‍යාපාරයේ ඒකාධිකාරය එකල තිබුණේද තෙල් බාලා අතය. ඔහු සිය ජීවිතය පටන් ගත්තේද පොල් තෙල් සහ එළවළු තෙල් කරත්තයක් තල්ලූ කරගෙන ගොස් ගෙවල්වලට තෙල් විකිණීමෙනි. පසු කාලයේදී තමිල්නාඩුවට පලාගිය තෙල් බාලා ඉන්පසු කිඹුලා ඇලේ ගුණාද එහි ගෙන්වා ගත්තේය. 2017 පෙබරවාරියේදී තෙල් බාලා තමිල්නාඩුවේදීම මළේය. ඔහුගේ සිරුර ගුවන් මගින් මෙහි ගෙන්වා ආදාහනය කෙරිණ. එම අවමංගල උළෙල දා ‘‘තෙල් බාලා මහතාට නිවන් සැප ලැබේවා’’ යනුවෙන් මුද්‍රණය කළ අවමංගල දැන්වීම් ලක්‍ෂයක් කොළඹ නගරය පුරා අලවා බෙදාහැර තිබිණි.
තෙල් බාලා රටින් පැන ගිය පසු ඔහුගේ ව්‍යාපාර වල සෑහෙන කොටසකට කර ගැසුවේ පොට්ට නවුෆර්ය. මේ අතර තෙල් බාලාගේ තවත් ගෝලයකු වූ සුධාකරන්ගේ සහචර විජේපාලන් නමැති කුඞ්ඩා නවුෆර්ගේ කුඩු ව්‍යාපාරය කඩා ගැනීම සඳහා නවුෆර් මැරීමට තීන්දු කර ඔහුට බෝම්බ ගැසුවේය. නවුෆර් නොමළද බෝම්බ කැබලි වැදී ඔහුගේ ඇසක් අන්ධ විය. එදා සිට ඔහු පොට්ට නවුෆර් විය. (එක් ඇසක් අන්ධ වීම සිංහල ගැමියා හඳුන්වන්නේ පොට්ට වෙනවා යනුවෙනි. ඇස් දෙකම අන්ධ වූ විට ඇහැ කණ වෙනවා යනුවෙන් කියති. මෙයින් කියැවෙන්නේ අන්ධවූ ඇස්දෙක වෙනුවට කන්දෙක වැඩ කරන බවය)
ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ 1975 වන විටත් පවතින්නේ අරක්කු කසිප්පු, රා, රට බීම සහ ගංජා මත පදනම් වූ සීමා සහිත තත්ත්වයකය. 1977 දී ලංකාව විවෘත ආර්ථිකයක් බවට පත් වීමත් සමග එම වෙළෙඳපොළ පුළුල් වී එතෙක් ටුවරිස්ට්ලා හරහා ඉතා සුළු ලෙස රට තුළට ගෙන එමින් තිබූ හෂීස්, LSD යන මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගෙන ඒම ඇරඹෙයි. හෂීස් සාදන්නේ ගංජා ගසේ කිරිවලිනි. ඒ සඳහා උසස් තාක්‍ෂණයක් අවශ්‍ය වන අතර එබැවින්ම ඒවා ලංකාව තුළ නිපදවීමට බැරිය. LSD හෙවත් Lysergic acid diethylamide යනු ධාන්‍ය සහ බිම්මල්වල හටගන්නා පුස්වල අම්ලයකි. මේ අම්ලය උකහාගෙන LSD මත්ද්‍රව්‍ය සාදනු ලැබේ. LSD ශරීරයට එන්නත් කරගෙන පැය භාගයකින් වැඩ පටන් ගන්නා අතර එමගින් හටගන්නා නිද්‍රාශීලී සොමිය පැය 12 ක් පවතී.
ශී‍්‍ර ලංකාවේ මත් කුඩු ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා කරුප්පයියා වාප්පු බාලන් හෙවත් තෙල් බාලා 1990 සිට දුන් පුරෝගාමී දායකත්වය ගැන අපි ඊයේ (10) මේ තීරුව ඔස්සේ සාකච්ඡා කළෙමු. තෙල් බාලා තමිල්නාඩුවට පැන යෑමෙන් පසු ඔහුගේ කුඩු ව්‍යාපාරය ඔහුගේ හොඳම ගෝලයන් වූ සුධාකරන් සහ පොට්ට නවුෆර් අතර බෙදී ගිය නමුදු ස්වල්ප කලකදී මේ දෙදෙනා පාරවල් දිගේ වෙඩි තබා ගන්නට වූහ. මේ අතර පොලිස් අත්අඩංගුවට පත්වූ පොට්ට නවුෆර් හිරේ සිටින අතරම වසර 2004 දී තමාට එරෙහිව තිබූ කුඩු නඩුවක තීන්දුව දීමට සිටි මහාධිකරණ විනිසුරු වූ ජූඞ් සරත් අඹේපිටියව වෙඩි තබා මැරවීය. කෙසේ වුවද තෙල් බාලා සමග සමගාමීව කුඩු බිස්නස් එක පටන් ගත් බොහෝ දෙනා අද වන විට ජීවතුන් අතර නැත. ඉන් ප‍්‍රමුඛයා වන්නේ 1990 පටන් මාලිගාවත්තේ සිට කි‍්‍රයාත්මක වූ කොන්ත‍්‍රාත් ‘මිනී මාර’ යකු වූද 2009 දී මරා දමනු ලැබුවා වූද ආනමාලූ ඉමිටියාස් ය. කෙසේ වුවද පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය යන රටවල කුඩු ජාවාරමේ ‘කප් එක’ හිමිවන්නේ ඉන්දියානුවකු වූ ඩාවුඞ් ඊබ‍්‍රාහිම්ට නම් ශී‍්‍ර ලංකාව තුළ එම තැන හිමි වන්නේ ගම්පොළ විතානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාටය.
පානය කරන මත්ද්‍රව්‍ය, නාසයට උරන මත්ද්‍රව්‍ය, ශරීරයට එන්නත් කරගන්නා මත්ද්‍රව්‍ය යනුවෙන් කොටස් තුනක් ලොව තිබේ. ලොව තිබෙන ඕනෑම මත් ද්‍රව්‍යයක් මේ කොටස් තුන යටතේ කාණ්ඩගත කළ හැකිය. 1970 ගණන්වල ලංකාවේ තිබූ ප‍්‍රමුඛ උරන මත්ද්‍රව්‍ය දෙක ගංජා සහ අබිං ය. එකල විසූ ඇතැම් වැඩිහිටියෝ අබිං ගුලියක් කෝපිවලට දමා එය පානය කරන මත්ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කර චූන් එකක් ගත්හ. ගංජා උරන්නට මිස පානයක් වශයෙන් සකසා ගන්නට කිසිදු හැකියාවක් නැත. නමුත් ගංජා සාරය උකහාගෙන බාබුල්, පුවක් කැබැලිවලට මිශ‍්‍ර කරන වැඩපිළිවෙළක් ඇත. මේ වන විට වියළි ගංජා මල් මත් දුම් උරන්නන් අතර බෙහෙවින් ජනපි‍්‍රයය. ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයෙන් එන කේරළ ගංජා නමැති ද්‍රව්‍යය මත් ලෝලීන් අතර ඉතා වේගයෙන් විකිණෙයි. කේරළයේ කාමනනස නමැති ප‍්‍රදේශයේ බහුල ලෙස වැවෙන කේරළ ගංජා මත්ද්‍රව්‍ය මුදලාලිලා විසින් හඳුන්වනු ලබන්නේ ‘ඉදුක්කි රත්තරන්’ යන නාමයෙනි. ගංජා පත‍්‍රයෙහි විවිධ රසායනික සංයෝග 483 ක් තිබේ. මේ සංයෝග අතරින් ගංජා ගසන්නාගේ මොළය විකාර කිරීමට බලපාන ප‍්‍රධාන සංයෝගය වන්නේ ඔ්‍යක් හෙවත් ඔැඑර්යහාරදජ්බබ්ඉසබදක ය. ගංජා නිද්‍රාජනන මත්ද්‍රව්‍යයක් නිසා ගංජාකාරයා කෝලාහලවලට සම්බන්ධ නොවන බව කියනු ලැබේ. ඒ අනුව ‘අහිංසක ගංජා - ගුටිකන අරක්කු’ යන කියමනක් ගංජා ප‍්‍රජාව අතර ප‍්‍රචලිතව ඇත. ගංජා ලෝලියා පැණි රස ආහාරයට ගැනීම මහත්සේ පි‍්‍රය කරයි. ඒ නිසා ඔහු නිතර දකින සිහිනය ‘‘කිරි සේ මුහුදේ මස්කට් නැව් - නැව්...’’ යැයි කියනු ලැබේ. මෙහිදී වැදගත් යමක් සඳහන් කළ යුතුය. ගංජා ගැසූ තරමට ස්නායු දුර්වල වෙයි. දීර්ඝ කාලයක් ගංජා ගසා අඩපන වී දෙකට නැමී මුහුණ බිම ගාවන ගංජා ලෝලියා කෙළින් කිරීම කිසිදු බෙහෙතකින් කළ නොහැක.
මීළඟ භයානකම මත්ද්‍රව්‍ය වන කොකේන් මෙයට අවුරුදු 8000 ක සිට අද දක්වාම පරිහරණය කරනු ලැබේ. කොකා නමැති පැළයේ පත‍්‍රවලින් ලබා ගන්නා සාරයෙන් නිපදවන කොකේන්, දකුණු ඇමෙරිකාවෙන් හමුවූ අවුරුදු 3000 ක් පරණ ‘මමි’ තුළින් පවා සොයාගෙන ඇත. මේ ලෝකයේ ශිෂ්ටාචාර කිහිපයක්ම වඳවී ගියේ මත්ද්‍රව්‍ය නිසාය. දකුණු ඇමෙරිකාවේ ඇස්ටෙක් සහ ඉන්කා ශිෂ්ටාචාර පෘථිවි තලයෙන් සහමුලින්ම පාහේ අතුරුදන් වීමට කොකේන් බලපෑවේය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ විනාශයට ප‍්‍රධානතම හේතුව වූයේ ලංකාවේ මුහුදුබඩ හොරපොළවල්වලින් මිලට ගත් විදේශික මiසාර ය. රජු ඉහළම තලයේ බේබද්දෙකි. ඔහු සියලූ ජනතා ද්‍රෝහී තීරණ ගත්තේ වෙරි මතිනි. ඒ කෙසේ නමුත් ලෝක මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ මේ මොහොතේදී ඉතාම ඉදිරියෙන් සිටින්නේ හෙරොයින්ය. පොපි ගසේ කිරිවලින් නිපදවන මේ මත්ද්‍රව්‍යය ඇසුරෙන් උප මත්ද්‍රව්‍ය රැසක් තනනු ලැබේ.
ලංකාවේ මත් ලෝලීන්ට මත්ද්‍රව්‍ය ගැන අමුතුවෙන් කියා දිය යුතු පාඩම් නැත. ඔවුහු ගංජා සිට එක්සටසි දක්වා සියලූම මත්ද්‍රව්‍ය ගැන දනිති. අපේ මේ කෙටි සටහන ඒවා නොදත් අය වෙනුවෙන්ය.
divaina.com