කුඩු කාරයොන්ට ගිය කලක්

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    කුඩු කාරයොන්ට ගිය කලක්

    අපේ සංඛ්‍යාත වෙනත් සමාගමකට නීති විරෝධීව දීලා

    තම ආයතනයට වෙන්කර ඇති සංඛ්‍යාත වෙනත් සමාගමකට නීති විරෝධී ලෙස ලබාදී ඇතැයි චෝදනා කරමින් ටෙල්ෂාන් නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට වෙත ලිපි දෙකක් යවා තිබේ.


    ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ කොමිසම තම හිතවතුන්ට නව ආරම්භයක් ගෙන ප්‍රතිසංවිධානයවීමට ඉඩ ලබාදීම හේතුවෙන් රූපවාහිනි නාලිකා කිහිපයකටම මෙම ගැටලුව බලපා ඇති බවය.

    වසර 20ක් පුරා තම ආයතනය භාවිත කළ යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු කටයුතුවලට මේ වනවිට බාධා මතුව ඇතැයි පැමිණිලි ලැබෙන බව ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිටට යැවූ ලිපියේ දැක්වේ.

    ශාන් වික්‍රමසිංහ පවසන්නේ ඒ පිළිබඳව කළ සොයාබැලීමේදි ඒබීසී නෙට්වර්ක් ආයතනයට යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු සදහා මාතලේ රත්තොට ගම්මඩුව කිලෝවොට් 10ක විකාශන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩදී ඇතැයි හෙලිවූ බවය.

    මෙම නීති විරෝධී විකාශන කටයුතු නතර කර මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨත්වය අනුව සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රමය පිලිපදින ලෙස ටෙල්ෂාන් නෙට්වර්ක් සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටී.

    එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියේ ශාන් වික්‍රමසිංහ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ රෙසවේෂන් යන වචනයට අර්ථ දැක්වීම ගෙනහැර දක්වා තිබේ.

    උපුටා ගැනීම...පසෙකින් තබනා යන අරුත ඇති කීපින් අ සයිඩ් නැතිනම් වෙන්කරනවා යන අරුත ඇති බුකින් එසේත් නැතිනම් යමක් වෙන් කිරිමේ ගිවිසුමක කොටසක් යන අරුත ඇති පාට් ඔෆ් ඇන් ඇග්‍රිමන්ට් ටු කීප් සම්තින්ග් රිසර්චඩ්....උපුටා ගැනීම අවසන්

    මේ අතර මෙම අත්තනෝමතික සංඛ්‍යාත වෙන් කිරීම්වල බලපෑමට ලක්වූ තවත් මාධ්‍ය ආයතන කිහිපයක් ළඟදීම එම ගැටලුව විදුලි සංදේශ නියාමන කොමිසමට යොමුකිරීමට බලාපොරොත්තුවන බව ද වාර්තා වේ.

    මෙය ජාත්‍යන්තර විදුලි සදේශ සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කළ නීතිවිරෝධි ක්‍රියාවක් බව ටෙල්ෂාන් නෙට්වර්ක්ස් සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ පවසයි.

    තමන්ගේ මුදල් අයකරන අතරවාරයේ එකම සංඛ්‍යාතය ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් හා වොයිස් ඔෆ් ඒෂියා ආයතනවලට ද ලබාදීම පිළිබඳව මවිතය පලකරන බව ඔහු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධයක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියේ දැක්වේ.

    එහි දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර මෙම ආයතනවලට විකාශන කටයුතු සදහා යූඑච්එෆ් චැනල් 40 ආසන්නයේ සංඛ්‍යාත ලබාදී තිබුණ ද භාවිතයට නොගැනීම හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසම ඒවා අවලංගු කළ බවය.

    පසුව ඒබීසී නෙට්වර්ක්ස් ආයතනය සිය මුල් සංඛ්‍යාත ඉල්ලා අධිකරණය හමුවට ද ගිය බව ශාන් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

    ඔහු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ස ජනරාල්වරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ එම ආයතනයට මුලින් දුන් සංඛ්‍යාත යළිත් වෙන් නොකර තම නාලිකාව අදාළ ප්‍රදේශයේ භාවිත කරන සංඛ්‍යාත ලබාදීම අභිරහසක් බවය.


    කවුරුත් දන්නවනේ හිරු කාටද අයිති කියලා ඉතින්.

    source - http://newsfirst.lk/sinhala-news/
     
    Last edited:

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    sri lankan kudu POWER

    ඊලග ජනධිපති වෙවිද මංදා කිව්ව විදියටම, මොබයි ෆොන් කොම්පැනි එකක් ගත්තනම් හරිනෙ කියන විදියට තව
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට අයත් හිරු ටීවී ආයතනය සිය විකාශන ආරම්භ කිරීමටත් පෙර සිටම එහි සේවකයන් අමානුෂික ලෙස සූරාකෑම ආරම්භ කර ඇත.


    පැය අටක වැඩ දිනයක් කම්කරුවන්ට හිමිකර දුන් ලෝක කම්කරු දිනයේ ද කිසිදු අතිකාල දීමනාවකින් තොරව රාජකාරියේ යෙදීමට සලස්වා ඇත.

    කම්කරු දිනය සාමන්‍යයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හට නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් රූපවාහිනී ආයතන මෙන් ම වෙතක් අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතනයන්හි ද සාමන්‍ය ක‍්‍රියාපටිපාටිය වනුයේ එවැනි ප‍්‍රසිද්ධ නිවාඩු දින වල සේවයේ යෙදෙන සේවකයින් සඳහා අතිකාල දීමනා හෝ ඒ වෙනුවෙන් වෙනත් නිවාඩු දින ලබාදීමයි.

    ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක කම්කරු නීති වලට අනුව සතියක් තුළ සේවකයකු රාජකාරියෙහි යෙදවිය හැකි උපරිම කාල සීමාව පැය 45ක් වන අතර එය ඉක්මවා වැඩ කරන සෑම සැයක් සඳහා ම අතිකාල දීමනා ගෙවිය යුතු ය.

    කෙසේ වෙතත් මේ සියලූ නීති උල්ලංඝනය කරමින් හිරු ටීවී ආයතනය එක දිගට දින ගණන් සිය සේවකයන් සේවයේ යොදවන්නේ කිසිදු අමතර ගෙවීමක් පමණක් නොව ආහාර වේලක් හෝ නිසි ප‍්‍රවාහන පහසුකමක් පවා ලබා නොදෙමිනි.

    මෙම ආයතනයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය ම පාහේ වැඩි පඩි බලාපොරොත්තුවෙන් සිරස ආයතනයෙන් ඉවත් ව පැමිණියන් වන අතර මෙම තත්ත්වය මත ඔවුන් අල්ලපු අත්තත් නැති, පය ගහපු අත්තත් නැති මහත් අසරණ තත්ත්වයකට පත් ව සිටී.

    තවමත් විකාශන කටයුතු පවා ආරම්භ කර නැති ව තිබියදී පවා මේ ආකාරයෙන් සේවකයන් සූරාකමින් කම්කරු නීති බල්ලට දමා කටයුතු කිරීමට මෙම නාලිකාවට හැකි වී ඇත්තේ මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම නිසා ද?

    දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගි කරගෙන අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන අයුරින් විකාශයන් සිදුකිරීමේ සැලසුමක් ද ඇති බව ආරංචි මාර්ග පවසයි.

    http://aluthwadapage.blogspot.com/2012/05/blog-post_03.html