TNL මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබෙනවා.
ඒ පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම හේතුවෙනි.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගෙන තිබෙනවා.
එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.
කෙසේ වෙතත් TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසන්නේ නිසි පරිදි ගෙවීම් සිදු කර ඇති බවයි.