කුඩු ජාවාරමෙකුගේ සුපිරි සාදයට ක‍්‍රිකට් තරුවක් පායයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශාන් අරොශ් ජයසිංහ නොහොත් මතුගම ශාන් නැමැත්තාගේ 40 වන උපන්දිනය සමරා 1000 කට ආසන්න පිරිසක් උදෙසා සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

    මතුගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක සාදය පවත්වා ඇතැයි දැනගන්නට ඇත.

    ඒ සඳහා මෑතකදී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයකට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින හිටපු ත්‍රිකට් ක්‍රීඩකයකු සමග මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන්, ටෙලි නාට්‍ය නළු නිළියන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇතැයි කියයි.

    එම ක්‍රීඩකයා එම හෝටලයේ උත්සව ශාලාවේ සෑම මේසයක් වෙතම ගොස් එහි සිටි පිරිස සමඟ කෙටි පිළිසදරක යෙදෙමින් එමගින් දේශපාලන වාසියක් ද ලබා ගැනීමට කටයුතු කර ඇත.

    මතුගම ශාන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ කේක් ගෙඩියක්ද තපා සුබ ප්‍රාර්ථනා ද එක් කර ඇත.

    පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබල දේශපාලනඥයකුට උදව් උපකාර කළ මතුගම ශාන්ගේ බිරිඳ මෙවර ඇයගේ සහය උපන් දින සාදයට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයා වෙත ලබාදීමට තීරණය කර ඇතැයි ද දැන ගන්නට ඇත.

    මතුගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක් ඒ සඳහා යොදාගෙන තිබී ඇති අතර බදුරලිය, අගලවත්ත හා මතුගම ආදී ප්‍රදේශ වල විවිධ වයස් කාණ්ඩ බාල තරුණ මැදිවියේ සහ වයෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින් ද සහභාගි වී ඇති බව දැන ගන්නට ඇත.

    සාදයට සහභාගි වූ බහුතරයක් දෙනා ආරාධනාව ඉවත දැමීමට නොහැකි වීම හේතුවෙන් සහභාගි වී ඇති අතර ආහාරපාන ලබා ගැනීමෙන් අනතුරුව වේලාසනින්ම පිට වී ඇතැයි දැනගන්නට ඇත.


    විවිධ මත්පැන් වලින්ද අඩුවක් නො වූ එම සාදය මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙත් පැවැති ඇති අතර එම සුපිරි හෝටලයේ කළමනාකාරීත්වයට දුරකතන මගින් අමතා ඇති මතුගම ශාන් නැමැත්තා සියලුම දෙනාට හොඳින් සංග්‍රහ කරන ලෙසත් බර පැන තමන් දරන බවක්ද පවසා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
     
    • Like
    Reactions: Morbius

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සාදයට සහභාගි වූ බහුතරයක් දෙනා ආරාධනාව ඉවත දැමීමට නොහැකි වීම හේතුවෙන් සහභාගි වී ඇති අතර ආහාරපාන ලබා ගැනීමෙන් අනතුරුව වේලාසනින්ම පිට වී ඇතැයි දැනගන්නට ඇත.
    @Heshan Daminda ubath giya neda?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද මෙතන වැරුද්ද?

    උපන්දින සමරන්න තහනම් ද?