කුඩු හිඟයක් ඇති නොවන්නට හේතුව
අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !
මත්ද්‍රව්‍ය ජාවාරමට පාතාලය හා දේශපාලන සම්බන්ධකම් ද ඇති ප්‍රකෝටිපති ජාවාරම්කරුවන් සම්බන්ධ වන බැවින් අත්අංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඔවුන් සිය බලය යොදවා තමන් වෙත යලි ලබා ගැනීමට උත්සාහ නොගනිතැයි ලංකාවේ සිදුවන සමහර සිද්ධීන් දෙස බලන විට සිතීමට සිදුවන බවද, එබැවින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු පරීක්ෂණවලින් පසුව ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය කාලය තුළ රේගු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද, දේශිය වෙලඳපලේ මත්ද්‍රව්‍ය හිඟයක් නොමැති බව පෙනෙන්නට ඇතැයි ද, උග්‍ර මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවූ විට මත්ද්‍රව්‍ය ලෝලීන් පිස්සුවෙන් මෙන් පාරවල් දිගේ ඇවිදීමට පටන් ගන්නා බවත්, එක් අවස්ථාවකදී හැර එවැනි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

වෙන රටවල් වල නම් කුඩු ඇල්ලුවහම ඒ රටටම පේන්න විනාස කරනවා..