කුණ්ඩලීනි යෝගේ
ටිකක් විතර දිග කථාවක්. කියවලම බලන්නකෝ කොහොමද කියල. මේ විස්තර ටික මේ විදයට ලස්සනට ගලපල ලියපු දුමී අයියට ස්තූතිවන්න වෙන්න ඕනේ.
කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා....
දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා.
දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ ගිය කතා දෙක තුනක් නිසයි. ඔය කතා කියවපු දවස්වල ඉඳන්ම ටයිම් ට්‍රැවලින් මැෂින් එකක් හදන්න ඕනෙයි කියලා දුමීගේ හිතට තදින්ම කාවැදිලයි තිබුනේ. ඒ නිසා දුමී ඒ දවස්වල ඉඳලම පරණ බල්බ් (විශේෂයෙන්ම ටියුබ් ලයිට් ) , පරණ බැටරි කෑලි, යකඩ ඇණ, බෝල්ට් ඇණ වගේ දේවල් එකතු කලේ මේ ටයිම් මැෂින් එක හදාගන්න. ඒ වගේම පකිස් පෙට්ටි දෙක තුනකුත් හොයාගත්තෙ මේ ටයිම් මැෂින් එකේ බොඩි එක හදාගන්න.
ඔය කාලෙ තමයි ඔය බ්ලේක් සෙවන්, බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, ස්ටාර් ට්‍රෙක් වගේ අභ්‍යවකාශ කතා සෙට් එකක් ටී.වී එකේ ගියේ. ඔය හැම යානෙකම එක එක බල්බ් පත්තුවෙන නිවෙන ලොකු ලොකු මැෂින් තියෙනවා දැකලා හොයලා බැලුවම කවුදෝ කිව්වා ඕවා හදලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් වලින් තමයි කියලා. ඔන්න ඉතින් දුමීටත් ඕනෙ උනේ ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් ගැන ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියලයි.මොකද ටයිම් මැෂින් එක හදන වැඩේට ඒවා අනිවාර්යයෙන්ම ඕනෙ වෙන නිසා. ඔය අදහස දුමීලගේ තාත්තට දාන පරක්කුවෙන්ම දුමීව ගොහිල්ලා බැන්දෙව්වා බත්තරමුල්ලේ තියෙන "කැපිටල් රේඩියෝ ටෙලිවිෂන් ස්කූල්" එකට. ඔන්න ඉතින් දුමිත් මාස 8ක් විතර තිස්සෙ ඔකෙන් රේඩියෝ, ඇම්ලිෆයර් වගේ නානා ප්‍රකාර ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් හදන්න ඉගෙන ගත්තා. කොහොමෙන් කොහොම හරි ගෙදර ඇවිල්ලා දුමිත් දන්න දන්න සෙල්ලම් දාලා රේඩියෝ හදන්න පටන් ගත්තා...! මොන කරුමයක්ද දන්නෙ නෑ හදන හදන රේඩියෝ වලින් අහු උනේම දෙමළ චැනල් විතරයි. ඔන්න ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් ටයිම් මැෂිමක් හදන්න ගියොත් තමිල්නාඩුවෙන් එහාට යන්න වෙන එකක් නෑ කියලා දුමීට හිතිලයි තිබුනේ. ඔන්න එහෙම්මම ඒ මැෂිම හදන වැඩේ අත ඇරලම දැම්මා...
ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ තමයි අපේ ජයන්ත චන්ද්‍රසිරි ගොයියගේ "දඬුබස්නාමානයයි" ඊට පස්සෙ "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" කියන ටෙලි ටික ටී.වී එකේ ගියේ. ඔන්න දැන් දුමීට හරි සතුටුයි. මොකද දැන් ටයිම් මැෂින් එකක් හදන්න ඕනෙ වෙන්නෙ නෑනේ. යෝග පාරක් දාලා කුණ්ඩලීණී යෝගය ලබා ගත්තා නම් ගොඩ. අතීතයටද අනාගතයටද ඕනෙම එකකට සුටුස් ගාලා ගිහිල්ලා එතැහැකි.
ඊටත් පස්සෙ දවසක තමයි දුමීට මෙන්න මේ පින්තූරේ තියෙන පුස්කොල පොත පරණ පොත් ගොඩක තිබිලා හම්බ උනේ. පුරාණ සෘෂිවරයෙක් ලියලා තියෙන පුස්කොල පොතේ නම "කුණ්ඩලීණි ෆොර් ඩමීස් (දුමීස්ද මන්දා )". ඔන්න ඉතින් පුස්කොල පොතේ කියලා තියෙන හැටියට උදේ කෑමට පෙරයි, රෑ කෑමෙන් පස්සෙයි පැය ගානෙ දවසට පැය දෙකක් යෝගේ වැඩුවොත් අවුරුදු 5කින් කුණ්ඩලීණි ලැබෙනවා ෂුවර් කියලා තමයි පොතේ නම් තිබුනේ. ඒත් ඉතින් දවසට පැය දෙකක් ඕකට යොදවන්නෙ කොහොමද කියලා කල්පනා කරපු දුමී අඩු ගානෙ විනාඩි 15ක් හරි යොදවනවා කියලා තමයි වැඩේට බැස්සෙ.
දුමී වැඩේට බැහැලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙ ඊයෙ පෙරේද දවසක දුමී රෑ කෑමෙන් පස්සෙ කුණ්ඩලීනි යෝගේ වඩමින් තමයි හිටියේ. එක පාරටම "බරස් බරස්" කියලා සද්දයක් ඇහිච්චි නිසා දුමී ඇස් දෙක ඇරලා බැලුවා. ඒත් මුකුත් නැති නිසා ආපහු ඇස් දෙක පියාගෙන යෝගේ වඩන්න පටන් ගත්තා. ආයෙමත් අර "බරස් බරස්" සද්දෙ සැරටම ඇහිච්ච නිසා දුමී ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට තමයි දුමී දැක්කෙ දුමීගෙ ඉස්සරහා දිලිසි දිලිසි ඔටුන්නකුත් දාගෙන බුවෙක් එරමිණියා ගොතාගෙන ඉන්න හැටි. "ඔබ තුමා කවුද....?" දුමීගේ කඩ හඬත් වෙව්ලනවා....
“දුමී, මම තමයි කුණ්ඩලීනි දෙයියෝ....ඔන්න ඔය සරම ගලවලා දාලා මෙන්න මේක ඇඳගන්නවා දැන්...” එහෙම කියපු කුණ්ඩලීනි දෙයියෝ කහපාටින් මහපු බාච්චුවක් වගේ දිග කලිසමකුයි අත් දිග කමිසෙක්යි දුමී දිහාට විසිකලා.
"ඒ මොකද ඒ...?" අඤ්ඤකොරොස් වෙලා දුමියත් ඇහුවා.
“දැන් තමුන් කුණ්ඩලීනි යෝගෙ ලබලා ඉන්නෙ. ඇහුනේ නැද්ද අර බරස් බරස් සද්දේ...? යෝග ලැබුවහම අඳින ඇඳුම වෙනස් කරන්න ඕනෙ...! හා හා ගලවනවා සරම...!” දෙයියොත් දුමීගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා....
“ඔබ තුමා පොඩ්ඩක් අහක බලා ගන්නවද මට සරම ගලවන්න ?” දෙයියෝ උනත් පොරගේ බැල්ම එච්චර ඇල්ලුවෙ නැති නිසා දුමියත් කියලා දැම්මා.
දෙයියෝ අහක බලනකම් ඉඳලා දුමී සුටුස් ගාල සරම ගලවලා අර කහ පාට බාච්චු කලිසමට බැහැලා අර කහ පාට ෂර්ට් එකත් ඇඳ ගත්තා.
“දැන් දුමී ඔහේගෙ නම අද ඉඳන් වෙනස් කරන්න ඕනෙ. ‘බමන්ත සද්ද’ කියලා.” ඔන්න ආයෙත් දෙයියෝ කියන්න පටන් ගත්තා....
“අර මක්කෙයි අර... මේ යසට තියෙන දුමීගෙ නම වෙනස් කරන්නෙ..? ” මල පැනපු දුමියත් කියලා දැම්මා...
"තමුසෙට කුණ්ඩලීනි ඕනෙද එපාද... ඕනෙ නැත්නම් කියනවා මම වෙන කාට හරි දෙන්නම්....දැන ගන්නවා මේ වගේ යෝග ලැබුනම නම වෙනස් කරන්න ඕනෙ... ඇඳුම වෙනස් කරන්නත් ඕනෙ" දෙයියන්ට මල පැනලද කොහෙද.
"හා හා හරි හරි, ඕක ඉතින් ඔබ තුමා කලින් කිව්වනම් ඉවරයිනේ" අමාරුවෙන් අතට ගත්ත දේ කටේ දාගන්නවත් කලින් මිස් උනොත් කියලා දුමිත් කැමති උනා.
ඔන්න ඉතින් 'බමන්ත සද්ද' කියලා නම වෙනස් කරගත්ත දුමියත් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කට බලියගෙන දැන් බලාගෙන ඉන්නවා.
"බමන්ත සද්ද, දැන් අහගන්නවා මේ කුණ්ඩලීනි නීති ටික...." දෙයියොත් මහ නපුරු පෙනුමක් ආරුඨ කරගෙනම කියනවා.
"තමුන්ගේ කුණ්ඩලීනි ලයිසන් එක තාම අළුත්. ඒ නිසා වැඩි ඈත යන්න දෙන්න බෑ. අනාගතයට අවුරුදු 100යි අතීතයට අවුරුදු 100යි තමයි පටන් ගන්නකොට දෙන්නෙ. තමුන්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒක වැඩි කරන්නෙ."
“අතීතයට ගිහිල්ලා, අනාගතේදි අදින ස්වීප් ටිකට් ගන්න තහනම්....එහෙම දැනගන්න ලැබුනොත් ඒ වෙලාවෙම කුණ්ඩලීනි ලයිසන් කැන්සල්.”
“අතීතයට ගිහිල්ලා තමුන්ගේ තරහ කාරයන්ට ගේම් දෙන්න තහනම්...”
“මේ ලඟදි එක්කෙනෙක්ගේ ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන ඉඳලා. ඒවගේ ඒව කරලා අහු උනොත් දැඩි දඬුවම්..... තේරුනාද ?”
"එතකොට මොනවද මේකෙන් කරන්න පුළුවන්....?" මේ නීති ටික ඇහුවහම මේ රෙද්දෙන් වැඩක් නෑනේ කියල දුමීට, නෑ බමන්ත සද්දට හිතිච්ච නිසා අහලා දැම්මා.
"හොහ් හොහ් හොහ්... ඒක ගිහිල්ලම බලපන් බමන්ත සද්ද ඒක ගොහිල්ලම බලපන්...." දෙයියොත් නක්කල් හිනාවක් දැම්මා....
"හරි මම දැන් කොහාටද ඉස්සෙල්ලම යන්නෙ.....?" බමන්ත සද්ද අහනවා.
"ඔහේ තාම එල් බෝඩ් නිසා හැමතැනම යන්න දෙන්න බෑ. තමන් ඉපදිච්ච රටේ අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන්...." දෙයියොත් හරියට අතින් පයින් යනවා වගේ කියනව.
හ්ම්ම්..අතීතයට..? වැඩක් නෑ. බමන්ත සද්දට ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට විශිෂ්ඨ සම්මනයක් තියෙන නිසා අතීතයට ගිහින් වැඩක් නෑ. "හරි මට යන්න ඕනෙ ලංකාවෙ ආශ්චර්යය බලන්න අනාගතේට....." බමන්ත සද්දට කියවුනා....!
කට කොණට නක්කල් හිනාවක් දාගත්ත කුණ්ඩලීනි දෙයියෝ..
"හා හොඳයි එහෙනම්....ගොහිල්ලා එමුකෝ බලන්න......" කියන ගමන් සුටුස් ගාලා අන්තරස්දාන උනා.....
දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න දෙයියන්ගේ මූණ ආපහු මතු උනා බමන්තගේ ඉස්සරහින්.
"මොන රෙද්දක්ද බමන්ත, බුදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට..කිඹුහුම් යනවා....මොකද මාව මතක් කලේ....?" ඔන්න බොලේ කුණ්ඩලීනි දෙයියොත් ගෝරණාඩු කරනවා ඔළුව විතරක් දාලා.
"ඔහේ මේ මට බේබි සූට් එකක් වගේ ඇඳුමක් අන්දල, මගේ යසට තිබිච්ච නම වෙනස් කරලා ගියාට මට අනාගතේට යන හැටි කිව්වෙ නෑනේ.....!" ඔන්න බමන්ත සද්දත් කියලා දැම්මා.
"ඕක තමයි මේ මොනිටිසෝරියත් කට්ටි පැනපු උං කුණ්ඩලීනි වලට දා ගත්තහම මේ අහක ඉන්න අපිට තමයි අමාරු. ඕකට අර හැමදෙනාම දාන ජ්‍යාමිතික සූත්‍රය දැම්මානම් හරිනේ....." දෙයියොත් ගෝරණාඩුවක් දැම්මා....
"එහෙනම් පොඩ්ඩක් ඉන්න දෙයියෝ මම කවකටු පෙට්ටිය අරගෙන එනකං...." බමන්ත නැගිට්ටෙ කවකටු පෙට්ටිය හොයාගෙන එන්න...!
"කවකටු පෙට්ටි මොකටද... ජ්‍යාමිතිය විසඳන්නේ ඇඟිලි වලින්නේ..... ඉස්සෙල්ලම අරක මෙතනින් ගන්න මෙන්න මෙහෙම....." දෙයියෝ වම් අත කරකවලා ඇඟිලි ටික විහිදුවලා බඩ උඩ තියාගත්තා....."ඊට පස්සෙ මේක මෙතනින් ගන්න මෙන්න මෙහෙම...." දෙයියෝ දකුණු අත කරකවලා අරගෙන වම් අතේ ඇඟිලි වලට කිට්ටු කරලා තියාගත්තා..
"ඊට පස්සෙ මේ දෙක එකතු කරන්න, කම්බයින් කරන්න මෙන්න මෙහෙම...." දෙයියෝ ඇඟිලි ටික බඩ උඩ පටලව ගත්තා....
"ඈහ්.......?" බමන්තට කෑගැහුනේ ඉබේටම වගේ....
"පොඩි විහිලුවක් කලේ බමන්තයෝ, ගණන් ගන්න එපා.... මම මේ පහු ගිය දවස්වල ජ්‍යාමිතිය ගැන එෆ්.බී එකේ තිබුනු ජෝක් වීඩියෝ එකක් බැළුවා....”
බමන්තයෝ, ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ... ඇස් දෙක පියාගෙන යන්න ඕනෙ අවුරුදු ගාණ ගණන් කරපු ගමන් ඒ ගණන් කරපු ගාණට අනාගතේට යන්න පුළුවං.පස්සට කරාම අතීතයට යන්න පුළුවන්....ගණන් කරලා ඉවර වෙලා අප්පුඩියක් ගහන්න....එච්චරයි." කුණ්ඩලීනියත් ඇඟට පතට නොදැනී කියලා ආපහු මාරු වෙලා ගියා.......
ඔන්න ඉතින් බමන්ත සද්දත් ඒ කිව්ව විදිහටම ඇස් දෙක පියාගෙන ගණන් කරන්න පටන් ගත්තා...."එකායි, දෙකායි, තුනායි...................... පනස් එකායි, පනස් දෙකායි........, මදුරුවෙක්....චටාස්........පොහ්.......!!”
'පොහ්' ගාල මදුරුවා මැරුනේ කොහොමද බමන්ත ඇස් දෙක ඇරලා බැලුවා.....
ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා....
"මේ කොහෙද බොලේ මේ.....?" බමන්තත් බිරන්තට්ටු වෙලා වගේ බලාගෙන ඉන්නවා ගලටම වෙලා....හෝඩුවාවක් දැන ගන්න....!!
ඔන්න ටිකකින් අර පෝර ඉහ ඉහද කොහෙද හිටපු සීයා එනවා උදැල්ලත් උස්සගේන් අමුඩ කෙටියත් ගහගෙන ගල ගාවින් ඇවිදගෙන යන්න...."
සීයේ....!" බමන්ත අර සීයට කතා කලා....!
"සීයේ......? මම කොහොමද ඕයි තමුසෙගේ සීයා උනේ.... මගේ නම චමින්ද....!"
"අනේ සීයේ ... සොරි සොරි... සමාවෙන්න..අයියේ ඔයා ලංකාවෙද ?" බමන්තට ඉබේම ඇහුනේ හිතේ කොනක සැකයක් තිබිච්චි නිසා....!
අර චමින්දත් එක පාරටම යන ගමන නවත්තලා බමන්ත දිහා ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවා....!
"ඇයි... තමුසේ අහලා තියෙනවද ඉන්දියාවෙ මිනිස්සු කුඹුරු කොටලා යන ගමන් සිංහලෙන් කතා කරනවා....?" චමින්ද සීයත් කරුණාවෙන්ම උත්තර දෙනවා. ඒ හඬේ ලාංකීය බව බේරෙනවා...
"හරි හරි.... ඇති යාන්තන්....මම ඉන්නෙ ලංකාවෙ තමයි...."අර සුපුරුදු ලාංකීය ආමන්ත්‍රණ කනට වැටුනු බමන්තට හිතුනා.....! අයියේ මොකක්ද මේ අවුරුද්ද....?"
"මේ මනුස්සයෝ මේ 2064...... තමුසේ අංගොඩින් පැනලා එන ගමන්ද....?" සීයට මල පැනලා.....!
"අප්පට සිරි.... 2064...කුණඩලීනි වැඩ...........මම ඉන්නෙ අනාගතේ …......අංගොඩත් තාම තියෙනවලු.......!"
ඒ එක්කම බමන්තට හිතුනේ …. “මේ 2064 නම්, මුගේ වයස පේන හැටියට නම් මේ චමින්ද ඉපදෙන්න ඇත්තෙ එක්දාස් නවසිය අනූ ගණන් වල වගේ වෙන්න ඕනෙ..... හුටා... ඒ කියන්නෙ මූ මට වඩා ඇත්තටම බාලයි...........” බමන්තටත් හිතුනා....
"මචං....උඹේ ගෙවල් කොහෙද....?" අමාරුවෙන් එහෙම කතා කරන්න කට හදාගත්ත බමන්ත අර චමින්දගෙන ඇහුවා......
ඒ විදිහට මචං කියලා කතා කරපු එකෙන් චමින්දත් පොඩ්ඩක් කික් එකක් ඇවිල්ලා....
“මෙන්න මේ හයි වේ එකේ හරියටම අනිත් පැත්තේ බං.....!” චමින්ද ඇඟිල්ල දික්කරලා හරියටම පාරෙ එහා පත්තෙන් පාර අයිනට වෙන්න තියෙන ගෙයක් පෙන්නනවා...
“ මේ මම දැන් මම හයි වේ ඉන්ටර් සිටියක් එනකන් ඉන්නවා ගෙදර යන්න....! ඇයි පයින් මාරු වෙන්න බෑනේ... 5000ක් දඩ...! ඊට වඩා ලාබයි රුපියල් 400ක් දීලා ඉන්ටර්සිටියේ යනවා....!” චමින්දත් ඔරේ කියවනවා....
"මචං ඉන්ටර්සිටියක් එනකන් පොඩ්ඩක් කතා කරමුද ? 2064 වෙලත් තාම අමුඩේ ගහගෙන කුඹුරු කොටන්නෙ ඇයි...?"
"ඇයි ඕයි, තමුසෙ කියන්නෙ 2064 කියලා හෙළුවෙන් කුඹුර කොටන්න කියලද ?" ...මේකා එන්නෙම වලියට....
"නෑ මචං මම අහන්නේ ලංකාව දියුණු වෙලා නැද්ද පහු ගිය අවුරුදු 50ට 60ට....?"
බමන්තත් පොඩ්ඩක් ශාන්ත දාන්තව ප්‍රශ්නේ අහලා දැම්මා...?
"දියුණු වෙලා නැද්ද ? දැන් තමුසේ බලනවකෝ අපි පොඩි කාලේ තිබුනා වගේ අඩි පාරක්, ගුරු පාරක්, තාර පාරක් ඉතුරු වෙලා තියෙනවද කියලා....! බෝක්කුවක්, කාණුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.....! ඒවා ඔක්කොම හයිවේ එහෙම නැත්නම් ගුවන් පාලම් වලට හරවලා තියෙන්නෙ......! බේතකටවත් නිකන් පාරක් නෑ....! පේනවා නේද.. බොහොම අමාරුවෙන් මේ කුඹුරක නියරක්වත් බේරගෙන තියෙන්නෙ.!! දියුණු වෙලාද කියලා අහනවා....! දැන් ලංකාවෙ ප්‍රධාන ආධායම් මාර්ගය තමයි හයිවේ....! " චමින්දත් කියවගෙන කියවගෙන යනවා හරියට මයිනෙක් වගේ.
"ඒකත් එහෙමද..එතකොට දේශපාලනේ.....? දැන් එතකොට කවුද මේ රටේ නායකයා....?"
“රටේ නායකයා තමයි අපේ මහ රජ තුමා.........!”
“මොන මහ රජතුමාද ?” තක්බීර් වෙච්ච බමන්තත් ඇහුවා...
“මොන මහ රජතුමාද ? ඒකවත් දන්නෙ නැද්ද... අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන්නෙ...?”
“පණ්ඩුකාභය...? ඒ කියන්නෙ අබා...?” බමන්තට ඒකාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා
“අන්න හරි.... අබාගේ බබා තමයි දැන් රජ කරන්නෙ...!!”
“හුටා... ඒ කියන්නෙ ඇක්සන් ජන්තු වැඩේ දීලා....!” පොර ඉතිහාසය ලියන මුවාවෙන් අනාගතේට ගේම දීල වගේ. මොනව උනත් මීයක් කඩන්නෙ ඇඟිලි ලෙවකන්න නෙමෙයි කියලා ඒ දවස්වල සූ එකේ හිටපු වලහෙක්ද කොහෙද කියලා තිබුනා.
"මචං චමින්ද... අර ඒ දවස්වල හිටපු රාජ පරම්පරාවට මොකද උනේ..? ඒ කියන්නෙ මීට අවුරුදු 50 කට විතර කලින් හිටපු...?" බමන්තත් හිතේ කැකෑරෙමින් තිබුනු පුරස්නේ ඇදලා දැම්මා....!
“අනේ ගොනෝ.....” ….චමින්දයා පටන් ගත්තා..."අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා ගැන දන්නවද ?"
"ඔව් ඔව් ඉතින් ඉතින්" බමන්තට දැන් හරිම කුතුහලේ
"ඒ එක වඳුරෙක් ඉඳලා එහෙම උනේ. ඉතින් හිතා ගන්නකෝ වඳුරො දෙසිය ගාණක් වටේට හිටියහම වෙන සන්තෑසිය..."
අපොයි දෙයියනේ කියලා කම්මුලේ අත ගහගත්ත බමන්ත ඊට පස්සෙ ඒ ගැන මොකුත් අහන්නෙ නැතිව ඉන්න තීරණය කලා.
"එතකොට ඒ වඳුරො ටික ?"
"ආහ්... ඒ වඳුරො ටිකට දැන් පුළුන් පුරවලා දියවන්නාවේ මියුසියම් එකට දාල තියෙනවා ජනතාවට බලලා විනෝද වෙන්න......"
‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’
"මචං චමින්ද.... කවුද එතකොට දැන් රටේ විපක්ෂ නායකයා....?" අමාරුවෙන් අනාගතේට ආපු එකේ ඔන්න ඔක්කොම විස්තර ටික අහගෙනම යනවා කියලා බමන්තට හිතුනා.
“විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.
“රනිල්..? මෙච්චර කල්... ඒ කොහොමද …....? පොර ඒ කාලෙත් සෑහෙන්න වයසයිනේ....”
“ඕකනේ කියන්නෙ.... තමුසේ දන්න අටමගලයක් නෑ කියලා. රනිල් ලොක්කට අර ධවල බමුණා බේතක් මවලා දීලානේ නොමැරී ඉන්න...”
“ධවල බමුණා.......?” බමන්තට නම් හිතුනේ මේ චමින්දයත් අංගොඩින් පැනලා එන ගමන්දෝයි කියලයි.
"ඔව් ඔව්, අර වලියන්ත ඊට් කියලා හිටියේ. අර ඒ දවස්වල එෆ්.එම් එකකින් ගලක් පෙරලලා දාලා මස්ත බාල්දු වෙලා ගියේ. පොර ඒ කාලේම ගිහි ගෙය කල කිරිලා හිමාලේ පැත්තට භාවනා කරන්න ගියා කියලා ආරංචියි."
බමන්තට දැන්නම් වැඩේ හොඳටම පැහැදිලි වීගෙන එනවා...
“එතකොට අර ඒ දවස්වල අනීවාරතේ හිරේ යන්න වෙච්ච ජන රාළ තුමාට මොකද උනේ...? නිදහස් උනාද...?” බමන්තගේ හිතේ තිබිච්ච තවත් ප්‍රශ්නයක් ඇදලා ඇරියා....
“නිදහස් උනා නිදහස් උනා....! ඇමරිකාවෙ ජනාධිපති, උන්නැහේ වෙනුවෙන් සමාව ඉල්ලුවනේ....! ඉතින් නිදහස් උනා....”
"හෑහ්...? ඇමරිකාවෙ ජනාධිපති...සමාව ඉල්ලුවා..?" බමන්තගේ කට තාමත් ඇරිච්ච ගමන්මයි....
“නැතිව නැතිව.... උන්නැහේට උන්නැහේගේ වැඩක් කරගෙන යන්න බැරි තරමටම වැඩේ දරුණු උනානේ. ලියුං එන තරමක් ආවා කියන්නෙ ලංකාවෙන් යවන පෙත්සං.... ඔන්න ඉතින් උන්නැහේ එතුමා වෙනුවෙන් සමාව ඉල්ලුවා...”
“ඉතින්.. මොකද උනේ....?”
“මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”
හපොයි, මේව ඇහෙනකොට බමන්තට නිකං කැරකිල්ල වගේ......
“එතකොට අර රතු සහෝදරවරු. ඒ ගොල්ලන්ට මොකද උනේ....?” බමන්තගෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න.
“ආ ඒක ඒ කාලෙම විසඳුනානේ....! දැන් බලන්න නයි දෙන්නෙක් ඉන්නවා. එක නයෙක් අනිත් නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අනිත් නයත් අර නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අන්තිමට නයි කී දෙනෙක් ඉතුරුද...?”
“එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑනේ....” බමන්තට ඉබේම කිය උනා......
“මචං චමින්දයෝ, අඩුම තරමේ ක්‍රීඩාවෙන්වත් දියුණුවක් නැද්ද හැබෑටම.....! කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වෙ එහෙම. 96න් පස්සෙ කීපාරක් ලෝක කුසලාණේ දින්නද ?” මොලේ කරපට් වෙලා හිටිය බමන්තත් මාතෘකාව වෙන පැත්තකට හරෝලා දැම්මා....!
“මොකා කිව්වා.....? ක්‍රිකට්...? ඒ මොකක්ද ? ආහ්... ඉස්සර එහෙම එකක් තිබුනා තමයි. ටික කාලෙකට ඉස්සෙල්ල ඒ ගොල්ලන්ව ගොඩවල් ගාණට ඉන්දියාවෙන් සල්ලි දීලා ගත්තයින් පස්සෙ එහෙම එකක් නැතිව ගියා..... ” චමින්දයත් කිසිම විළි සංගයක් නැතිව කියවනවා...
“අඩු ගානේ ජාතික ක්‍රීඩාවක්වත් නැත්ද ?” බමන්තගෙත් ඉවසීමේ සීමාව පැනලද කොහෙද .
“ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.
එතකොටම තමයි චමින්ද මෙච්චර වෙලා බලාගෙන හිටපු හයිවේ ඉන්ටර්සිටිය ආවේ. චමින්ද අත දැම්ම විතරයි යන්තන් ස්ලෝ කරපු පරණ ටකරන් බස් එකට චමින්ද උදැල්ලත් උස්සගෙන ටික දුරක් දුවල ගිහිල්ලා යාන්තම් එල්ලුනා.
අනාගත ආශ්චර්යය බලන්න ආපු බමන්තට දැන් හොඳටම කලන්තෙ වගෙයි. ආපහු යන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඇස්දෙක පියාගෙන පිටිපස්සට ගණන් කරන්න පටන් ගත්තා.... 52, 51, 50.....3,2,1 චටස්. ම්හ්... මුකුත් වෙන්නෙ නෑ... හිටපු තැනමයි.... චටස්....චටස්....චටස්.....!
එතකොටම තමයි බමන්තට හුරු පුරුදු හීනි සොඳුරු කට හඬක් ඇහුනේ.....
“මොන මළ වදයක්ද මම දන්නෙ නෑ.... මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.... මහ රෑ තිස්සේ නැගිටගෙන ඇඳ උඩ උඩ පැන පැන අප්පුඩි ගහන්නෙ....! මේ පොඩි එවුන්වත් ඇහැරවන්න හදනවා.....!
හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......! පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් හිටන් අමතක වෙනවා.....!
අනේ ඉතින් මෙයාට මට කුණ්ඩලීනි යෝගේ ලැබුනා කිව්වොත් පිලිගනීද ? ඒක නිසා දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.
ඉස්සුවේ මෙතනින්.
http://dhumee.blogspot.com/2011/12/blog-post_25.html