කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි

    (ඩයනා උදයංගනී)

    උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    මේ සඳහා නම් යෝජනා කිරීමේදී යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ
    ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතු බවත්, ස්ත‍්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැතිව නම් ඉදිරිපත් කළ
    හැකි බවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඊට අමතරව ඉදිරිපත් කරන නම් ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුත වන
    අතර රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතු බවත්, උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග‍්‍රීසි බසින්
    ලිවීමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

    යෝජිත නම් අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට
    මෙම මස 15 වන දිනට පෙර යොමු කළ යුතු බවද එහි දැක්වේ.


    ලංකාදීප
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඉතින් මොනවාද ලැබෙන්නේ
    කුණාටුවකින් ආරක්ෂාව??
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    සින්නපොරී... රඳවනිලා....
    සක්පූගල.....මක්පුංගල.....
    මවනලොවික්...රීරිඌශා...ඕගෝලකී....රවලම්ජිතා...