කුණුවූ ආණ්ඩුවක් හා ගල්ගැහුණු නායකයෙක්
වෙනසක් සඳහා එකතුවන පිරිස දිනෙන් දින සැලකිය යුතු ලෙස ඉහළ යයි. මේ රට තවදුරටත් එක තැන කුණුවෙමින් තිබෙන බව අවබෝධකරගත් ඒ පිරිස ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනසක් සඳහා ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය.
ඊට පරස්පරව ආණ්ඩුව තවදුරටත් පවතින්නේ කුණුවෙමිනි. එහි කිසිදු අලූත් දෙයක් නැත. කිසිම අලූත් අදහසක් නැත. දැන් විපක්‍ෂයට හා පොදු අපේක්‍ෂකයාට තැන නොතැන බලා එල්ල කරන මඩ ප‍්‍රහාර හැරුණු විට කිසිදු සාධනීය, අලූත් වෙනස් දෙයක් ආණ්ඩු පක්‍ෂය පැත්තෙන් නොකියැවෙයි. එහි තේරුම ආණ්ඩුවේ ඉදිරි ගමන නැවැතී ඇති බවය. ඔවුන්ගේ නිර්මාණාත්මකභාවය අවසන් වී ඇති බවය.
අමෙරිකාවේ වසර හතරකට වරක් ජනාධිපත ිවරණයක් පැවැත්වෙයි. එවැනි වාර දෙකක් ධුරය දැරිය හැකි සෑම ජනාධිපතිවරයෙකුම ඉන්පසු ගෙදර යා යුතුය. ඊළඟට ඔහුගේ හෝ ඇයගේ පක්‍ෂයෙන් ඉදිරියට එන්නේ නව නායකයෙකි. හෝ නායිකාවකි. එනිසා අමෙරිකාවේ සෑම වසර අටකට වරක්ම අලූත් වෙනසක් සිදුවෙයි. ඒ වෙනස කෙතරම් ඉදිරියට යනවාද යන්න ගැන විවාද කළ හැකි නමුත් වෙනසක් සිදුවන බව පැහැදිලිය. දැන් ඩෙමොක‍්‍රටික් පක්‍ෂයේ ජනාධිපති වන බරක් ඔබාමා සිය වසර අට අවසානයේදී අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුය. ඔහුගේ තැන ගන්නට දැන් සිටම හිලර් ක්ලින්ටන් සූදානම් වන බව පෙනෙයි. මීළඟ ජනාධිපතිවරණයෙන් මහජන අනුමැතියෙන් ඩිමොක‍්‍රටික් පක්‍ෂය නැවත ජය ගත්තේ වුවද සිටිනු ඇත්තේ නව නායිකාවකි. ඇගෙන් ලැබෙනු ඇත්තේ නව අදහස් සහිත නව දේශපාලන මෙහෙයැවීමකි.
ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ ජනාධිපතිවරයකුට වසර හයක් ධුරය දැරිය හැකි තත්ත්වය මත 18වැනි සංශෝධනයට පෙර වුවද. ජනාධිපතිවරයකුට අවුරුදු 12ක් එක දිගට රට පාලනය කළ හැකි තත්ත්වයක් තිබිණි. එය අමෙරිකාවේ ජනාධිපති ධුර කාලය මෙන් තුන් ගුණයකි. එක් පුද්ගලයකු අවුරුදු 12ක් එක දිගට රට පාලනය කරනා විට ඒ රටේ දේශපාලන නිර්මාණාත්මකභාවය දුර්වල වන බව අමුතුවෙන් කිවයුතු නැත. රට දේශපාලන වශයෙන් ඉදිරියට නොයනවා පමණක් නොව එක තැන තිබීමෙන් රට, සමාජය බරපතළ ලෙස කුණුවීමට පටන්ගනියි. අසීමිත බලය විසින් අසීමිත දූෂණය ඇතිකරනවායැ’යි කියැවෙන ලෙස රටම දූෂණයෙන් ආතුර වෙයි. 78 ව්‍යවස්ථාවේ තිබුණු ධුර කාල දෙකේ සීමාව ඉවත්කිරීම නිසා දැන් ලංකාව ඇත්තේ ඊටත් වඩා දරුණු ලෙස කුණුවීමේ තර්ජනයකට මුහුණ දී ය.
1978ට පෙර ලංකාවේ තිබුණේ වසර පහෙන් පහට දේශපාලන බලය අලූත් මුහුණුවලට ලැබෙන සම්ප‍්‍රදායකි. රටේ නායකයන් වෙනස්වූවාක් මෙන්ම පහළ ස්ථරවල නායකත්වයන්ද නිරන්තරයෙන් වෙනස්විය. ඒ වෙනස මාර්ගය පෑදුවේ අලූත් අදහස්වලටය. එහෙත් 1978න් පසු ඒ අලූත්වීම නැතිව ගියේය. ඒ අපරාධයේ වගකීම පළමුව පැවරිය යුත්තේ ජනාධිපති ජේආර් ජයවර්ධන වෙතය. 1978න් පසු 2014 දක්වා වූ වසර අවුරුදු 36කදී ආණ්ඩු වෙනසක් වී ඇත්තේ එක්වරක් (1994දී) පමණෙකි. ඒ නරක තත්ත්වය නිසා ආණ්ඩුවල ඇතිවූ කුණුවීම කෙතරම්දැ’යි දැන් මේ රටේ ජනතාව අත්දැකීමෙන්ම දනිති. 1994දී එතෙක් අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාප ආණ්ඩුව ගෙදර යනවිට සිටියේ කුණුවීමේ නරකම අවස්ථාවේය. ඒ ආණ්ඩුව තවදුරටත් බලයේ තබාගැනීම රටට මහා විනාශයක් ගෙන දෙන බව හැමතින්ම පෙනෙන්නට තිබිණි. 1994 වනවිට පැවැති තත්ත්වයන් මත තර්කානුකූල පිළිගැනීම වූයේ එජාප ආණ්ඩුවේ කාලය අවසන් විය යුතු බවය. එය සිදුවිය.
දැන් යළිත් පැමිණ ඇත්තේද එවැනි තත්ත්වයකි. මේ ආණ්ඩුව දැන් අවුරුදු 20ක් බලයේ සිට තිබේ. ඒ කාලයට සාපේක්‍ෂව එය කුණුවී ඇති තරමද ඉතාම නරකය. දැන් ආණ්ඩුවේ කිසිවකුට කිසිම නිර්මාණාත්මක අදහසක් නැත. රටේ දැවෙන ප‍්‍රශ්නවලට කිසිම සාධනීය පිළිතුරක් නැත. මහා හෝ කුඩා හෝ පරිමාණ ව්‍යාපෘතියකින් කිසියම් කොමිස් මුදලක් කඩාගෙන බඩ වඩාගන්නට සිතනවා විනා රටේ දියුණුව ගැන අලූත් චින්තනයක් ඔවුන්ට ඇත්තේම නැත. දැන් පිටත සිටින බුද්ධිමත් ජනතාවට ආණ්ඩුව පෙනෙන්නේ හැබිචෝල් කාරයන්ගේ හොර තිප්පලක් ලෙසය. කිසිම තැනකින් බුද්ධිමත් අදහසක්, විචාරයක් ඉදිරිපත් නොවේ. ජනාධිපතිවරයාගේ සිට හැමකෙකුගෙන්ම කියැවෙන්නේ ‘කොහොමහරි දිනනවා, ඇගේ වෛරය’ වැනි තුට්ටු දෙකේ වචන හා අදහස් මිස රට ගැන ඉදිරි දැක්මක් සහිත අදහස් නොවේ. මේ දිනවල පැවැත්වෙන ගුවන්විදුලි හා රූපවාහිනි සංවාදවලදී ආණ්ඩුව වෙනුවෙන් එන දේශපාලන නායකයන්ගෙන් ඉදිරිපත් වන ලජ්ජාසහගත, නොගැඹුරු අදහස් සලකන විට සිතෙන්නේ මීළඟ අවුරුදු හයකුත් මේ පිරිසට රට දුන්නොත්, ඉතිරිවනු ඇත්තේ ඔවුන්ම කියන භූමිය නමැති මවගේ (මාතෘභූමිය) දූෂණය කොට හපකරන ලද සිරුර පමණක් බවය.
ජනාධිපතිවරයාගේ තත්ත්වය ඊට නොදෙවෙනිය. තැන් තැන්වලදී පළවන ඔහුගේ අදහස්වල ඇති නැවුම්භාවය කුමක්ද? ඒ අදහස් සමස්තයක් ලෙස ගෙන බලන විට එයින් සංකේතවත් වන්නේ නැව්වලට පැන කොල්ලකන මුහුද කොල්ලකරුවන් පිරිසකගේ නායකයාගේ භූමිකාවකි. තුන්වරක් බෑ ප‍්‍රශ්නය සමාජයේ කතාබහට ලක්ව තිබියදී ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ රැුස්වීමකදී පිළිතුරු දුන්නේ ‘මට තුන්වරක් බෑ කිව්වාට ළමයි තුන්දෙනෙක් ඉන්නවා’ කියා බව ජවිපෙ නායකයා ප‍්‍රසිද්ධියේ කීවේය. 2010 ජනාධිපතිවරණයේදී ‘කලවැද්දා’ කියූ පමණන් මහජන අවමානයට පාත‍්‍රකරන ලද සරත් ෆොන්සේකා හා සසඳන විට මේ නායකයාගේ දේශපාලන වාග්මාලාව ගැන අප තේරුම්ගත යුත්තේ කෙසේද?
ජනාධිපතිවරයා කියන්නේත්, සිතාගෙන ඉන්නේත්, රටේ යුද්ධය අවසන් කළ නිසා ජනතාව තමාට කළගුණ සැලකිය යුතු බවය. යුද්ධය අවසන්කොට තමා රටට ජීවනය දුන් නිසා ඊට හිලව් ලෙස ජනතාව රට ඔහුට ලියා දිය යුතු බවය. අඩුවැඩි වශයෙන් ජනතාව එසේ කළෝය. ඒ 2010දීය. ඔහු සමග යුද්ධය කළ, හමුදා නායකයා අන්ත පරාජයකට පත්කොට ජනතාව විසින් ඔහු උඩින්ම දිනවන ලද්දේය. අතිවිශාල වැඩි ඡුන්ද ගණනකිනි. ඒ ජනතාව ඔහුට ඉතසිතින්ම කළගුණ සැලකූ ආකාරයයි. කාරණා පෙළගැසී තිබුණු ආකාරයට ඒ ජයග‍්‍රහණය තර්කානුකූලය. රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් නිසා ඔහුට නිතරග ජයක් දියයුතු බවට පවා ඒ අවස්ථාවේ සමාජයේ අදහස් පැනනැග තිබිණ.
එහෙත් ඉන්පසු සිදුවූයේ කුමක්ද? ජනතාව ඔහු උඩින් දිනවා තැබූ බලාපොරොත්තු ඉටුකරන්නට ඔහු සමත්වීද? නැත. ඒ ගැන උත්සාහයක්වත් ගත්තේ නැතිවා පමණක් නොව ඒ සඳහා ඔහුට හැකියාවක් නැති බව ඊට පසු ඔහුගේ ක‍්‍රියාපිළිවෙත විසින් මැනැවින් තහවුරුකරන ලදි. ගැටුම් අවසන්කිරීමෙන් පසු ජාතීන් අතර ගොඩනැගිය යුතුවම තිබූ සහජීවනය, සංහිඳියාව වෙනුවට විරසකය තවත් වැඩිකරවන ලදි. සිංහල මුස්ලිම් විරසකයක්ද අලූතෙන් ඇතිකරන ලදි. කෙටියෙන් කිවහොත් ඒකාධිපතිත්වය සඳහා යන ගමන වේගවත් විය. රට පවුලේ හා ගජමිතුරන්ගේ පාරාදීසයක් කරන ලදි. දූෂණය දෝරේ ගලන්නට විය. සමාජය හැම’තින්ම පාදඩකරණයට ලක්විය. රට නියම මිලිටරි කඳවුරක් බවට පත්කරන ලදි. නීතිය හා රෙගුලාසි කෙතරම් එළිපිට කඩකෙරෙන්නේද යත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස සිටිමින් නමුත් ප‍්‍රසිද්ධ දේශපාලන කතා පවත්වමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවලාද නගන තත්ත්වයට පත්විය. ඔහුට නීතිය කුමක්දැ’යි පෙන්වන්නට කිසිවෙක් නැත. පුරාජේරුවට කියන මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා විශාල සංවර්ධන ව්‍යාපෘති සියල්ලද මේ වන විට ගසාකෑම්වලින්, දූෂණයන්ගෙන්, කොමිස්වලින් ගහණ වූ ඒවා බව සමාජයේ නොදන්නා කෙනෙක් නැත. රටේ හැම අතින්ම දුර්වල වෙමින් පැවතිණි.
දුර්වල නොවූ එකම දේ නම් ජනාධිපතිවරයාගේ බල තණ්හාවයි. දුර්වල වීමට පරස්පරව එය දෙක-හතර-අට ලෙස වැඩි විය. 2010 ජනාධිපතිවරණයෙන් ජය ලබා, සිය දෙවැනි ධුරකාලය ආරම්භකරන්නට නියමිතව සිටි 2010 නොවැම්බර් මාසය එළැඹෙන්නටත්් පෙර 2010 සැප්තැම්බරයේදී 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන’වුත් දිවිහිමියෙන් බලය තමා අත රැුඳෙන පරිදි සකස් කරගැනීමෙන් පෙනෙන්නේ එලෙස වැඞීගිය බල තණ්හාවේ දිග පළලයි. ඒ බල තණ්හාවේ කිසියම් හෝ සීමාවක්, ලජ්ජාවක් තිබුණේ නම්, අඩුගණනේ ‘දෙවරක්’ යන්න ‘තුන්වරක්’ (එවිට ධුරකාලය අවුරුදු 18කි.* වන පරිදිවත් සංශෝධනය කොට නතර විය හැකිව තිබිණි. එවැන්නක් වත් සිදුනොවීය.
දැන් සමාජය ඉල්ලන්නේ වෙනසකි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිය, 17වැනි සංශෝධනය යළි ගෙනඒම, මැතිවරණ ක‍්‍රම වෙනසද ඇතුළුව දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් තෘප්තකිරීම, රට පාදඩකරණයෙන්, මිලිටරි කරණයෙන්, ඉහවහා ගිය දූෂණයෙන්, අල්ලසෙන්, කොමිස් කාක්කන්ගෙන් මුදවාගැනීම, තොරතුරු දැනගැනීමේ නිදහස දිනාගැනීම වැනි සියලූ ආකාරයේ ප‍්‍රතිසංස්කරණයන් සමාජය විසින් ඉල්ලා සිටියි. ඒ ප‍්‍රතිසංස්කරණ එකිනෙක පෙළගැස්සූ විට පෙනෙන්නේ එයින් රටේ හැම ක්‍ෂෙත‍්‍රයක්ම ආවරණය වන බවය. එනම්, එයින් පෙනෙන්නේ රටේ සෑම ක්‍ෂෙත‍්‍රයක්ම මේ වන විට විනාශයට ලක්වී පවතින බවය. සිය ධුර කාලය තුළ ඒ බලවත් ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්නට රාජපක්‍ෂ ජනාධිපතිවරයා අසමත්වූවා පමණක් නොව, විසඳුම් සඳහා මෙහෙයැවෙන චින්තනයක් ඔහුට ඇති බව වත් පෙනෙන්නේ නැත. ඒ මානසික හිස් බව සමාජයට ප‍්‍රකාශ වන්නේ රට පුරා ලයිට් කණුවක් පාසා එල්ලා ඇති කටවුට්වලිනි. තමා ගැන, තම දැනුම ගැන, අභ්‍යන්තර පිරුණු බව ගැන අල්පමාත‍්‍ර විශ්වාසයක් ඇති කිසිම පුද්ගලයකු තමාගේ රූපය මෙතරම් ග‍්‍රාම්‍ය ලෙස ලයිට් කණුවක් ගානේ එල්ලනවාට කැමැත්තේයැ’යි සිතිය නොහැකිය. තමන්ගේ ආධාරකරුවන් එවැනි සැලැස්මක් ඉදිරිපත් කළත් තමා ජනතාවගේ හදවතේ සිටින පිරුණු නායකයකු නම්, කරනු ඇත්තේ එක හෙළා ඒ සැලැස්ම ප‍්‍රතික්‍ෂෙප කිරීමය.
ඒසා හිස් බවින්ම යුක්ත, ඔහු වටා සිටින්නාවූ පවුල් සමාගම හා ගජමිතුරු සමාගමටද මේ කිසිවක් ගැන විසඳුම් නැති බව ඔප්පුවී තිබේ. එනිසා, තවදුරටත් මේ කුණුවෙමින් පවතින පාලනය ඉදිරියට ගෙනයෑමේ තේරුමක් නැත.
ජනාධිපතිවරයා සමාජය ඉල්ලන මේ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්‍ෂෙප ද කරයි. ආණ්ඩුව තුළින්ම විධායක ජනාධිපති ක‍්‍රමය අවසන්කළ යුතුයැ’යි හඬක් නැගුණු තැන ඔහු කීවේ එය කරන්නට දැන් කාලය මදි බවත්, ජනාධිපතිවරණයක් කැඳවන්නට බලාපොරොත්තු වන බවත්ය. මේ කල් මදි කතාව ඔහු කියන්නේ ධුර කාලය තවත් අවුරුදු දෙකක් ඉදිරියට තිබියදීය. ප‍්‍රතිසංස්කරණ ගැන අබමල් රේණුවක කැමැත්තක් තිබුණේ නම්, හදිසි ජනාධිපතිවරණයක් නොතබා ඉතිරි අවුරුදු දෙකද යොදාගෙන ඒ ප‍්‍රතිසංස්කරණ තමන්ට වුවමනා පරිදි හැඩගස්වාගෙන හෝ ක‍්‍රියාවට නංවන්නට ඔහුට අවකාශය තිබිණි. එසේ වී නම් තව අවුරුදු දෙකකින් ඔහු ජනතාව ඉදිරියට එන්නේ යුද්ධයෙන් රට මුදා ලූ පමණක් නොව රටට අවශ්‍ය ප‍්‍රතිංස්කරණද ඉටුකළ ජනතා වීරයකු ලෙසිනි. එහෙත් දැන් සිදුවන දෙයින් පෙනෙන්නේ බලලෝභය විසින් ඒ ඉස්පාසුව වත්, රට ගැන සිතීමේ ඒ නිමේෂයවත් ඔහුට දෙන්නේ නැති බවය.
තමා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්නට කැමති නමුත්, ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කොට ඇති බැවින් ඊට පිටින් එය කළ නොහැකි බවට ඔහු කියන්නේ කෝඳුරු තෙල් හත් පට්ටයක කතාවකි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරනවා නම්, ඒ සඳහා පෙළඹුමක් ලබන්නට අලූත් පාර්ලිමේන්තු කමිටු නිර්දේශ අවශ්‍ය නොවේ. 2005, 2010 තමාගේම මහින්ද චින්තනය හා ඉදිරි දැක්ම නැවත අළු ගසා එළියට ගෙන කියැවීමෙන් පමණක් වුවත් කරගන්නට තිබිණි. 17වැනි සංශෝධනය ගැන මේ නායකයා දැක්වූ හතුරු ආකල්පය දකින විට. එය නොසලකා කටයුතු කළ ආකාරය දකින විට එවැනි ප‍්‍රතිසංස්කරණයකටද ඔහු කිසිසේත් නොකැමති බව පැහැදිලිය. මැතිවරණ ක‍්‍රමය වෙනසක්ද ඔහුට අවශ්‍ය නැත. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කමිටු වාර්තාව එළි දැක දැන් සෑහෙන කාලයක් ගතවී ඇති නමුත්, ඒ ගැන කිසිදු උනන්දුවක් නැති රාජපක්‍ෂ මහතා මැතිවරණ ක‍්‍රමය වෙනස්කරතියි’යි කිසිවෙකු සිතන්නේ නම් විහිළුවකි. මේ වනවිට බොදු බල සේනාවද ප‍්‍රකාශිතවම තම ස්වාමියා වූ ජනාධිපතිවරයාගේ තුරුලට පැන ඇත. බොදු බල සේනාව තුරුලේ තබාගෙන ජාතික, ආගමික සංහිඳියාව ගැන කතාකිරීම කවර නම් විහිළුවක්ද? ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපතිවරයාගේ ක‍්‍රියා පිළිවෙතෙන් පෙනෙන්නේ යහපත, නිවැරදි දෙය, නිවැරදි පැත්ත වෙනුවට ප‍්‍රසිද්ධියේම, ප‍්‍රකාශිතවම, පුළුවන් දෙයක් කරපල්ලා යන උද්දච්චභාවයෙන් යුතුව වැරදි පැත්තට, අයහපතට, එනයින් අඳුර දෙසට යන බවය.
පුරවැසියන් හැටියට මේ රට එවැනි විනාශයකට ගෙනයන්නට ඉඩ දී බලාසිටිය යුතුද? ඒ ඉරණම වෙනස් කළ යුතුද?
කේ. ඩබ්ලිව්. ජනරංජන