කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ ( පවුලේ සැමට )
ඕන එකෙක් කුණුහරුප දනී. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත.
කුණුහරුප කීවාට කුනුහරුප ඇසුවාට කුණුහරුප යනු මොනවාදැයි අපි හරියට නොදන්නෙමු. එම නිසා ප්‍රථමයෙන් කුනුහරුප යනු මොනවාදැයි වැහැදිලි කරගැනීම වටී... කුණුහරුප නොදන්නා අයට කුණුහරුප ගැන දැනගැනීමට මෙසේ ලියා තබමි
කුණුහරුප සහ කුණුහබ්බ යනුවෙන් මෙමෙ වචන විවහාරවෙයි.. කුණුහබ්බ යන්න කුණූහරුප යන්නෙන් කටවචනයට පහසුවෙන අන්දමට බිදී ආවකි.. ප්‍රාදේශීය විවහාරයේදි එය කුණුහබ්බ යනුවෙන් විවහාර උනත් හරි වචනය කුණුහරුප වෙයි
කුණුහරුප යන වචනය කුණු + හරුප වශයෙන් විසන්ධි කල හැක..
එවිට...,
කුණු = ඉවතදමන ද්‍රවය... කැලි කසල.. පාවිච්චිය නුසුදුසු... අපිරිසුදු වැනි තේරුමක් ගත හැක... ඉංග්‍රීසි භාශාවෙන් නම් කුණු = dirt.. dirty... impure ...rubbish... වැනි තේරුමක් දෙයි
හරුපය = හරුපය යන්නට නියම තේරුම වචනය යන්නයි... නමුත් විවහාරයේදී නොතේරෙන යම් ප්‍රකාශයකට හරුපය වශයෙන් භාවිතා වෙයි
" මොකද්ද බං ඒ කියපු හරුපෙ ??"
වැනි ප්‍රකාශ ඔබ අසා ඇතයි සිතමි..
නමුත් හරුපය = වචනය / word වෙයි
එසේනම් කුණුහරුප යන්න මෙසේ විග්‍රහ කල හැක...
පාවිච්චියට නුසුදුසු / අපිරිසිදු වචන
සිංහල භාෂාවේදී මෙවැනි කුණුහරුප 19ක් ගැන සදහන්වෙයි... එම එක වචනයක්වත් මෙහි සදහන් කල නොහැකි උවත් ගූ , චූ ,පඩ , පුක, හුජ්ජ, ලබ්බ වැනි බොහෝ අය කුණුහරුපයයි සිතාගෙන සිටින වචන එම කාන්ඩයට ඇතුල් නොවෙයි...
මෙම වචන
ගූ = අසූචි , මල
චූ , හුජ්ජ = මුත්‍ර
පඩ = අධෝ වාතය
පුක = අධෝ මුඛය
ලබ්බ = ලබු කැටය / ලබු ගෙඩිය
දෙන බව අපි කවුරුද් දනිමු... නමුත් සාමන්‍ය විවහාරයෙන් මෙම වචන ඈත්වී ඇත... එම වචන වලට සාපේක්ෂව ඉහත තේරුම සදහන් කල වචන විනීතයැයි මිනිසා විසින් සම්මතයක් ගොඩ නගාගෙන ඇත.. උපන් දවසේ සිට සම්මතයට පුරුදුවී සිටි උන් සම්මතයෙන් පිට පැනීම හෙවත් වැට පැනීමට පැකිලේ.. එසේ තමන්ම පාලනය වීමට හදාගන්න රීති මාලවක් යමෙක්ට තිබිය හැක... එයට ප්‍රතිපත්තියැයි කියමු. පුද්ගලයාගෙන් පුද්ගලයාටද එම ප්‍රතිපත්ති වෙන්ස්විය හැක.
මිනිසුන්ම තම සභ්‍යත්වය පාලනය කරගැනීමට සාදාගත් සම්මත නම් වැට යමෙකු පැන ගියහොත් එය අසම්මතයැයි කියති. ඒත් මෙම සම්මතය රීතියක් මිස නීතියක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි. සම්මතය හෝ අසම්මතය සාපේක්ෂ වෙයි.
මෙසේ උදාහරණයක් ගෙනදක්වනු කැමැත්තෙමි..
කලකට ඉහතදී ගෙදර අයියාට හා මල්ලීට එකම අඹුවක් කැන්දාගෙන ඒම එකගෙයි කෑම නම්විය.. එහිදී පිරිමි දෙදෙනාගෙන් ගැහැනියගේ හදහන සමග වඩාත් ගැලපෙන හදහන ඇත්තා හෝ බොහෝ විට වැඩුමල් පිරිමියාට නීතියෙන් කාන්තාව හිමිවන නමුදු ඇය දෙදෙනා සමගම පවුල් කෑ යුතුය... දෙදෙනා සමගම සංවාසයේ යෙදිය යුතුය.. දරුවන් වැදිය යුතුය... අප්පා කවුරු උනත් ඔවුන් පෝෂණය කල යුතුය..
එකල සමාජ හර පද්දදියට අනුව එය සම්මතයැයි පිලිගැනිනි.. නමුත් වර්තමානයේ අයියාගේ බිරිද සමග මල්ලී තනිපංගලමේ කතා කර කර සිටිනවා දුටුවත් මිනිස්සු හිනාවෙති.. ඔවුන්ට පද හදති.. ඉහත කී අන්දමට එකගෙයි කෑවොත් ගල් ගසා හූකියති.. නැවත නැවතත් එය කියා ඔවුන්ද පොඩි ආතල් එකක් ගනිති.... ඒ වර්ථමානයේ එකගෙයි කෑම සමාජය අසම්මතයැයි සලකන බැවිනි..
එමනිසා සම්මතයැයි අසම්මතයැයි සාපේක්ෂ සීමාවක් මිස නිරපේක්ෂ දෙයක් නැත..... බර වචනවලින් නැතුව කියනවානම් සම්මතයක් හා අසම්මතයක් කියා දෙයක් ලොවෙත් නැත. එය ඒ ඒ පුද්ගලයාට දැණුම පරිචය අනුව වෙයි....
එසේනම් ගූ, චූ . හුජ්ජ , පුක ආදී වචන ලේඛණ කලාවේදී හෝ වාචිකව හෝ යොදාගැනීම කුණුහරුපත් , සම්මතයෙන් පිටත් නොවන බව යලිදු කිව යුතු නැත...
චූ , හුජ්ජ , පඩ . පුක , ලබ්බ වැනි වචන සාමාන්‍ය ප්‍රාදේශීය විවහාරයේ ඕනෑ තරම් දැකිය හැක... එම වචන ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ ලියැවෙන කියැවෙන ඕනෑම දෙයකදී වාරණය කල යුතු නැත....



