කුණු කඳු විදුලිය බවට හැරවීම
දිනපතා ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා එකතු වන අපද්‍රව්‍යවලට එහෙමත් නැත්නම් කුණු කන්දට කරන්න දෙයක් නැති තරම්. කුණු නිසා අප රට මුහුණ දෙන විවිධාකාර ගැටලු ගැන නිතර දෙවේලේ අහන්න ලැබෙන කුණු කතාවලත් කෙළවරක් නැහැ. කුණු කියන්නේ සම්පතක් කියලා සමහරු කෑගැහුවට හැම වෙලාවෙ ම අපිට නම් දකින්න ලැබෙන්නේ ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත ම තමයි.
මේකට හොඳ ම උදාහරණය තමයි කොළඹ නගර සභාව සීමාවට අයිති බ්ලූමැන්ඩල් කුණු කන්ද. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මේ අපද්‍රව්‍ය රඳවන ස්‌ථානය ආරම්භ වුණේ 1995 වර්ෂයේ දී වුණත් එහි කුණු පිරවීම නියම විදිහට ආරම්භ වුණේ 2001 වර්ෂයේදීයි. මේ ස්‌ථානයට දිනකට අපද්‍රව්‍ය ටොන් 650 - 700ක් පමණ ප්‍රමාණයක් එකතු වන බව කියෑවෙනවා. විවිධ ප්‍රදේශවලින් රැගෙන එන කුණු බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කන්දක් මෙන් මුදුන් වන ආකාරයට සකස් කර ඇති බැවින් මෙයට zබ්ලූමැන්ඩල් කුණු කන්දZ ලෙස ව්‍යවහාර කෙරෙනවා. නිසි කැළි කසළ කළමනාකරණ ක්‍රමවේදයක් ජාතික මට්‌ටමින් ක්‍රියාත්කමක නො වන හෙයින් මෙහි එකතු වන කුණු ප්‍රමාණය දිනෙන් දින ම ඉහළ යමින් පවතිනවා.
අපද්‍රව්‍ය යනු...
අපද්‍රව්‍ය සඳහා අර්ථ දැක්‌වීම් කිහිපයක් ම තිබෙනවා. මිනිසා ගේ දෛනික ක්‍රියාවලීන් ලෙස දැක්‌විය හැකි කෘෂිකාර්මික කටයුතු, වෙළෙඳ කටයුතු, විවිධ කර්මාන්ත, නිවෙස්‌වලින් ඉවත ලන දෑ ආදියෙන් මේ අපද්‍රව්‍ය සමන්විත වනවා.
මේ එකතු වන අපද්‍රව්‍ය නිසා ඇති වන ගැටලු මෙතෙකැයි කියා කියන්න බැහැ. එම ගැටලු පාරිසරික, සමාජයීය සහ ආර්ථික වශයෙන් වර්ග කර දක්‌වන්නත් පුළුවන්. කුණු කඳු ආශ්‍රිත ව බහුලව දැකිය හැකි සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුවලට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ ඒ ආශ්‍රිතව විශාල වශයෙන් මැසි, මදුරුවන් බෝ වීමත්, එයින් පිට වන වායූන් ගෙන් සිදු වන වායු දූෂණයත්, ජල දූෂණයත්. මෙයට අමතරව මේ අපද්‍රව්‍ය හේතුවෙන් පස දූෂණය වීම, ජෛවවිවිධත්වය විනාශ වීම, පරිසර අලංකාරය විනාශ වීම වැනි ගැටලු
රැසකට ම මුහුණ දීමට ද සිදු වී තිබෙනවා.
මෙලෙස අපද්‍රව්‍ය, විපතක් කර ගැනීම වෙනුවට එය සම්පතක් කර ගැනීමට නිසි ලෙස කසළ කළමනාකරණය කළ යුතු ව තිබෙනවා. ලෝකයෙහි ෆොසිල ඉන්ධන සංචිතයන් ප්‍රමාණවත් වන්නේ තවත් දශක කිහිපයකට පමණක් විය හැකි බවටයි අනුමාන කර තිබෙන්නේ. කිසිදු ප්‍රයෝජනයකට නො ගන්නා අපද්‍රව්‍ය භාවිත කරමින් විදුලි බලය ජනනය කිරීමට හැකියාව තිබියදීත් එසේ සිදු නො කිරීම නිසා සිදු ව ඇත්තේ බලශක්‌ති උල්පතක් බවට පත් කර ගත හැකි කුණු සම්පත, විපතක් බවට පත් කර ගැනීමක්. අපද්‍රව්‍ය ගොඩ කිරීමට ඇති භූමි ප්‍රමාණය අවසන් වූ දිනක ඒවාට කුමක් කරන්නේ ද යන්න පිළිබඳ වත් සිතා බැලිය යුතුයි. විදුලිය නිපදවීම සඳහා මේ අපද්‍රව්‍ය යොදාගත හොත් එම ගැටලුවටත් පිළියමක් ලැබේ වි.
අපද්‍රව්‍යවලින් බලශක්‌තිය නිපදවීමේ ක්‍රියාවලිය Waste to Energy හෙවත් WTE ලෙසත් හැඳින්වෙනවා. අපද්‍රව්‍ය සෘජු ව ම දහනයට ලක් කිරීම මඟින් නිපදවනු ලබන තාපය විද්යුතය ජනනය කිරීමට යොදාගන්නවා වෙනුවට දහනයට ලක් කළ හැකි වෙනත් සංඝටක බවට පත් කිරීම කෙරෙහි මේ වන විට ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වී තිබෙනවා. මේ සඳහා ලෝකයේ එක් එක් රටවල යොදා ගන්නා තාක්‌ෂණික ක්‍රමවේදයන් කිහිපයක් ම තිබෙනවා. මේ ඒවායින් කිහිපයක්,
1) Gasification - දහනය කළ හැකි විවිධ සංඝටකයන් වන වායූන්, හයිඩ්‍රජන් සහ ඉන්ධන නිපදවයි.
2) Thermal depolymerization - මෙහි දී සිදු වන්නේ කෘත්‍රිම බොර තෙල් නිපදවීමයි.
3) Pyrolysis - දහනයට ලක් කළ හැකි තාර වැනි සංයෝගයන් නිපදවයි.
4) Anaerobic digestion - මීතේන් ප්‍රධාන සංඝටකය ලෙස ඇතුළත් ජීව වායුව නිපදවීම මේ ක්‍රමයේ දී සිදු කරයි.
2001 - 2007 දක්‌වා කාල වකවානුව තුළ ලෝකයේ මෙලෙස අපද්‍රව්‍ය යොදාගනිමින් ශක්‌තිය නිපදවීමේ ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්‌වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ පමණක් මෙලෙස බලශක්‌තිය නිපදවන බලාගාර 50කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබෙනවා.
එහෙත් මේ බලශක්‌ති ජනනයේ දී ඇති විය හැකි ගැටලුවක් වන්නේ එහි මූලික අදියර වන තාපය නිපදවාගැනීම සඳහා අපද්‍රව්‍ය දහනයෙන් වායුගෝලයට නිදහස් වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයයි. සාමාන්‍ය නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1ක් දහනය කළ විට මෙට්‍රික් ටොන් 1කට ආසන්න කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙනවා. එය හරිතාගාර වායුවක් හෙයින් ගෝලීය උණුසුම තවදුරටත් ඉහළ යැමට එය හේතු විය හැකියි. එහෙත් මේ ඝන අපද්‍රව්‍ය නිකරුණේ ගොඩගසා තැබීමෙන් සිදු වන හානිය මීට වඩා විශාලයි. එහි දී සිදු වන්නේ ඒවා මත ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය නිසා නිපදවෙන මීතේන් වායුගෝලයට එකතු වීමයි. මීතේන් යනු කාබන්ඩයොක්‌සයිඩ් වායුවටත් වඩා ප්‍රබල අයුරින් හරිතාගාර ආචරණය කෙරෙහි දායක වන වායුවක්. එනිසා අපද්‍රව්‍ය යොදාගනිමින් බලශක්‌තිය නිපදවීම සැම අතකින් ම වාසි ගෙන දෙන ක්‍රියාවලියක්.
ශ්‍රී ලංකාව තුළත් බලශක්‌තිය නිපදවීම සඳහා මෙලෙස අපද්‍රව්‍ය දහනය කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරනු ලැබුවා. එහෙත් විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වන බලපෑම් හේතුවෙන් මේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීම තවමත් සිදු වන්නේ ඉබි ගමනින්.
උදාහරණයක් වශයෙන් බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව ඇති වී ඇති තත්ත්වය දක්‌වන්නට පුළුවන්. බ්ලූමැන්ඩල් කුණු කන්දට ආසන්නයේ අඩු පහසුකම් සහිත නිවාසවල පවුල් 300ක් පමණ ජීවත් වන අතර ඔවුන් මේ කුණු කන්ද ඉවත් කිරීමට විරෝධය දැක්‌වීමත් එම ව්‍යාපෘතිය අතරම`ග නැවතීම සඳහා හේතු සාධක වී තිබෙනවා. මක් නිසා ද යත් මේ පවුල්වල ජීවත් වන වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද මේ කුණු කන්දෙන් එකතු කරගන්නා පොලිතින්, ප්ලාස්‌ටික් සහ යකඩ විකුණා දෛනිකව උපයා ගන්නා සොච්චම ඔවුනට අහිමි වන නිසාවෙන්. මෙවන් ගැටලු යම් අයුරකින් විසඳා විශාල ගැටලුවක් ව පවතින මේ කුණු බලශක්‌තිය බවට පරිවර්තනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා.
නාගරික අපද්‍රව්‍ය පමණක් නො ව කෘෂිකාර්මික සංස්‌කෘතියක් ඇති හෙයින් අප රටෙහි එකතු වන කෘෂිකාර්මික අපද්‍රව්‍ය ද ප්‍රමාණයෙන් අති විශාලයි. මේවා යොදාගනිමින් විදුලිය නිපදවීම ආරම්භ කළ හොත් එයින් රටෙහි ඇති බලශක්‌ති ඉල්ලුමෙහි කොටසක් හෝ පියවීම සඳහා ලැබෙන්නේ විශාල පිටිවහලක්. නාගරික ඝන අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති 18ක් සඳහා මේ වන විටත් සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය වෙතින් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේ ව්‍යාපෘති සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වුව හොත් ජාතික විදුලි බල පද්ධතියට ඉන් එකතු වන විදුලිය ප්‍රමාණය මෙගා වොට් 100ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා.
බ්ලූමැන්ඩල්, කදිරාන සහ මීතොටමුල්ල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍යයන් මඟින් විදුලිය නිපදවීම සඳහා බලාගාර ඇරඹීමට සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය වෙතින් බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
දැනටමත් මීතොටමුල්ලේ කසළ යොදාගනිමින් 20 MW සහ කඩුවෙල කසළ මඟින් 10 MW විදුලියක් නිපදවනු ලබනවා. කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම ස්‌ථාන කිහිපයක ම අරඹා තිබෙනවා. උදාහරණයක් වශයෙන් සෙවණගල සීනි කම්හල දැක්‌විය හැකියි. සීනි නිෂ්පාදනයෙන් අනතුරුව ඉවත ලන උක් රොඩු භාවිත කරමින් ඒවා දහනයට ලක් කර විදුලිය නිපදවන කුඩා බලාගාරයක් දැනටමත් එහි ක්‍රියාත්මක වෙනවා. මෙගා වොට් 3 පමණ ධාරිතාවකින් යුත් මේ බලාගාරයෙන් නිපදවෙන විදුලිය සෙවණගල සීනි කර්මාන්ත ශාලාවෙහි විදුලි අවශ්‍යතාව සැපිරීම සඳහා ප්‍රමාණවත්. මේ අයුරින් දහයියා යොදා ගනිමින් විදුලි බලය නිපදවන කුඩා පරිමාණයේ බලාගාරයක් මෙන්ම ග්ලිරිසීඩියා යොදාගනිමින් විදුලිය නිපදවෙන බලාගාරයන් කිහිපයකුත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. (වගුව)
කුණු ගොඩවල් එකතු කරමින් තවත් ගැටලු ගණනාවක් නිර්මාණය කර ගනිමින් කණු කුණු ගානවා වෙනුවට එය සම්පතක් බවට පත් කර ගැනීමෙන් බලශක්‌ති අර්බුදයට පිළියම් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය දැන් එළැඹී තිබෙනවා.
---------------------------PS----------------------------------------------
Source Chameera Jeewantha
මුළුමහත් කොළඹම කුණු ටික අසරණයන් තිස්දාහකගේ හිස් මතට පටවා අපි "දැන් කොළඹ ලස්සනයි" කියාගත්තෙමු... ඒ 'ලස්සන' කොළඹ වටේ ඇවිදින්නට ජොගිං පාක්, වෙට්ලන්ඩ් පාක් ද, බෝට්ටු පදින්නට හංස බෝට්ටු ද හදාගත්තෙමු... ඒ ඇවිදින ගමන්, බෝට්ටු පදින ගමන් බඩකට පුරවාගන්නට රේස්කෝස්, ගුඩ් මාකට් ද හදාගත්තෙමු... ගුඩ් මාකට් එකේ 100% 'ඕගැනික් ෆුඩ්' කන ගමන් මීතොටමුල්ලේ, කොළොන්නාවේ, වෙලේවත්තේ, සේදවත්තේ මිනිසුන් හුස්මගැනීමේ අයිතිය ඉල්ලා කඳුළු ගෑස් කන සැටි පුංචි තිරයෙන් උපේක්ෂාවෙන් බලා සිටියෙමු...
නාය ගොස් ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද නොවේ... නායගොස් ඇත්තේ මධ්‍යම පාංතික 'ලස්සන කොළඹ' සිහිනය ය... ඇතුළතින් සැරව පිරුණු තුවාලයකට පිටතින් ලස්සන මෝස්තර පැලැස්තරයක් අලවා අටවාගත් ඊනියා 'ස්මාට් සිටි' සිහිනය ය...
විදුසර 2013

Last edited:

rep