කුප්ප වෙදා නිසා උපුල්ට ක්‍රිකට් තහනම්

Doomed

Banned
Mar 13, 2011
62
9
0
කුප්ප වෙදා නිසා උපුල්ට ක්‍රිකට් තහනම්

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු උපුල් තරංගගේ චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දන්වයි.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ අවසන්වනතුරු ඔහුට එංගලන්ත සංචාරයේ එක්දින තරග හා ටෙස්ට් තරගවලට සහභාගීවීම තහනම් කර ඇති බවද සඳහන්ය.
 
  • Like
Reactions: pawusi

Doomed

Banned
Mar 13, 2011
62
9
0
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ උපුල් තරංග වෙත ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට් විසින් තහනම් උත්තේජක ලබාදී ඇති බව හෙළිවීමත් සමඟ උපුල් තරංග පිලිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට උත්සුක වුයේ රාජපක්ෂලාගේ යටි දේශපාලන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට’යැයි සැකයක් ක්‍රිකට් කේෂ්ත්‍රය තුල මතුවෙමින් පවතී. පසුගිය ලෝක කුසලානයට කෙසේ හෝ තමාව කණ්ඩායමට ඇතුලත් කරන්නැයි මහින්ද හා නාමල් රාජපක්ෂ ඉදිරියේ වැදවැටෙමින් සිටි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතාගේ අවශ්‍යතාවය මෙම එංගලන්ත සංචාරයේදී හෝ ඉටුකර ඇඟබේරා ගැනීම සඳහා, වත්මන් ආරම්භක පිතිකරු උපුල් තරංග එම ස්ථානයෙන් කපා දමා ඒ වෙනුවට සනත් ජයසුරිය ආදේශ කිරීමට උත්සහයක් පවතින බවට වාර්තාවේ.
ජනාධිපතිගේ හොර වෙදා දුන්(ශ‍්‍රී ලංකාවේ බලවත්වන් නීතිය අනුව බටහිර වෛද්‍යවරයෙකු වශයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය) ගුලි ගිල තහනම් උත්තේජක ගත්තායැයි ක්‍රීඩකයන් චෝදනාවට ලක්වීම පිටුපස රාජපක්ෂලාට මෙතෙක් තමන්ගේ දේශපාලන ආධිපත්‍යයට නතුකර ගැනීමට නොහැකිවූ ක්‍රිකට් ක්‍රීඩාවත් තමන්ට රිසිසේ නතුකර ගැනීමේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් පවතින බවට වාර්තාවේ.
මේ පිලිබඳව අප වෙත අදහස් දැක්වු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ, අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත්වීමට දක්ෂතාවලට වඩා අනිවාර්යෙන්ම දේශපාලන බලපුළුවන්කාරකම් අවශ්‍ය විය හැකි බවයි. මෙතරම් දේශපාලන ඇඟිලි ගැසීම් ඉතිහාසයේ කවරදාකවත් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුනොවුනු බවද ඔහු පැවසීය.
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
අනේ මන්ද බන් අපිට උපුල් තරංගයත් නැති වෙයිද දන්නේ නෑ...!!! :( :(
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    කව්ද බන් මේ බූරු දොස්තරයා. එලියන්ත වයිට්? මොන පො***ක්ද ඌ??

    මහින්දය නම් චා වෙනවා මේ දවස්වල හතරවටින්ම
     
    Last edited:

    arosh2011

    Junior member
  • Jun 7, 2011
    46
    3
    8
    ado sana ayeth criket gahanawaluuuuuuuuuu.............
    keeyak gahaida danne naha................
    2 k nethnam 3 y
     

    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    Sanath recalled to ODI and T20 squad
    Sanath Jayasuirya has been recalled to the Sri Lanka ODI and T20 squad to play against England starting June 25, sources told Ada Derana. With opener Upul Tharanga unlikely to be considered for selection after being embroiled in an alleged doping scandal, it was reported that Jayasuriya would likely be an option to open the innings.


    Source :- http://www.adaderana.lk/news.php?nid=13599

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    arosh2011

    Junior member
  • Jun 7, 2011
    46
    3
    8
    Man Hitanne Owa Salliwalata sellam karanawa..........................
    Api Nidi maraagena TV Balanawa Lite Bila Naginawa Vitharai...
    Unta Salli..............
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් කියන කතාවල යම් සත්‍ය තාවයක් තියෙනවා. නමුත් ජයසූරියව මේකට ගාවගන්නෙපා මචන්. මොකද මිනිහ ඔය වගේ ජරා වැඩ කරන මිනිහෙක් නෙවෙයි. තරංග නැතිවුනත් ලෝක කුසලානෙට අපිට හොද ආරම්භක පිතිකරුවො හිටිය. දිනේෂ් චන්දිමාල් වගේ හොද වේගවත් පිතිකරුවො. අනික තමයි දේශපාලන අරමුනු කරගෙන ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක දෙන්න තරම් මොකක්ද තිබුන උවමනාව. එහෙම තිබුනනම් ඒ උවමනාව දැන් ඉටුවෙලාද? ඇත්ත මොකක්ද කියල මම දන්නෑ. නමුද ලංකාවෙ ක්‍රිකට් නම් සිම්බාබ්වේටත් වැඩිය අන්ත වෙනව කියලනම් කියන්න පුලුවන්.