කුමටද මෙලෙස දියුණුවක්

dinesh641

Member
Jul 15, 2008
65
18
0
කුමටද මෙලෙස දියුණුවක්

54561515.jpg


වේගයෙන් දුවන ලෝකයක
නැවතිලා මොහොතකට
සිතන්න හැකිනම් එකම වතාවකට
තවදුරටත් අපි මිනිස්සුද යන වග.

මනුස්සකම් යට ගිහින් කවදාවත් නැතිව
මසුරන් ලොකුවෙලා මිනිස් හිත්වල
මොකට දුවන්නද රන්කාසි පසුපස
සිතුනා මට නුඹට නොසිතෙන මොහොතක.

හෑම අතකින්ම ඉහලට නෑගෙන දියුණුව
බලන්න සතුටුයි දෙනෙත් විවර කර ලෝකය
ඒත් තවමත් අපි දුප්පත් කවුරුත් නොදකින
නෑතිවෙලා හිතේ සතුට හෑමදාටම.

මහමග මිනිසුන් තවම්ත් බඩගින්නේ
සෑපවිදිනවා ඈතමුන් මන්දිර ඈතුලේ
කුමටද මෙලෙස දියුණුවක් අප පෑතුවේ
සෑමට සමතෑන නොදෙන සිත් අතරේ...



http://dineshumagiliya.blogspot.com/