කුමන්ත්රණකාරී ‘ඊ-නිවුස්’ නිහඬවම පල්ලම් ş
ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. දැනට නිකුත් වී ඇති ප්‍රථිපළ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මනාප 2,105,561 (60.9%) ලබා ඇති අතර විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා ලබා ඇත්තේ මනාප 1,333,999 (38.07%)ක් පමණි. මේ අනුව මේ වන විටත් ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වැඩි ඡන්ද 771,562 ප්‍රමාණයක් ලබා ගෙන ඉදිරියෙන් සිටියි.
මේ වන විට දිවයිනේ සමස්ථ තැපැල් ඡුන්ද ප්‍රථිඵළය නිකුත් වී ඇති අතර එයින් යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්ක හැර අන් සියළු දිස්ත්‍රික්ක වල ඉදිරියෙන් සිටින්නේ ජනාධිපතිවරයාය. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ විපක්ෂ අපේක්ෂක ෆොන්සේකා විසින් රාජ්‍ය සේවකයන් ඉලක්ක කොට දුන් රු.10,000ක වැටුප් වැඩිකිරීමේ පොරොන්දුව තුට්ටුවකට නොතකා ඇති රාජ්‍ය සේවකයන් අතිශය බහුතරයක් ජනාධිපති ජනපති මහින්දයන් වෙත සිය කෘතවේදීත්වය පිරිනැමීමයි.
එමෙන්ම දිවයිනේ සිවුදිගින් අපවෙත ලැබෙන වාර්තා අනුව ජනපති මහින්ද රාජපක්ෂයන් ඉතා පහසු එමෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබෙන බවට අනුමාන කල හැක.
මේ වනවිට නියත පරාජය දැන සිටින එජාප හා ජවිපෙ සියළු වගකිව යුතු නායකයන් සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත කර හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිති.
එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය පුරා සිය මාධ්‍ය භාවිතාව සැහැසි ලෙස භාවිතා කල අන්තර්ජාල පුවත් අඩවියක් වන ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය සිය භූමිකාව නිහඬවම හකුළුවාගෙන එම අඩවිය පාඨකයන් හට අවහිර කර ඇත. ඔවුන් විසින් පවසන්නේ එය ආණ්ඩුව විසින් කල අවහිර කිරීමක් බවය. එහෙත් ඔවුන් නොපවසන දෙය නම් මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම ජනාධිපතිවරයාට එරෙහි ප්රවෘත්ති විකාශය කලද ඒ කිසිදු අවස්ථාවක එම වෙබ් අඩවිය ආණ්ඩුව විසින් අවහිර නොකල බවත්, ජනාධිපතිවරණ ඡුන්ද ප්‍රකාශ කිරීම අවසන් වී ඇති තත්වයක් තුල එය අවහිර කිරීමෙන් ආණ්ඩුවට ලැබෙන කිසිදු වාසියක් නොමැති බවයත්ය.
mahinda-5