කුමාර් ගුණරත්නම් vs යහපාලන රාජ්‍ය මර්දනය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුමාර් ගුණරත්නම් vs යහපාලන රාජ්‍ය මර්දනය

    සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන කමිටු සමාජික කුමාර් ගුනරත්නම් අත්අඬංගුවට ගැනීම තරයේ හෙලා දකින අතර, කොන්දේසි විරහිතව ඔහු නිදහස් කල යුතු බව කියා සිටියි. එය කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි පුලුල් ප‍්‍රහාර සඳහා ආන්ඩුව විසින් ඇතිකරනු ලබන සූදානම පිලිබඳ තවත් සලකුනකි.
    15-kumar-gunarathnam-extended-visa.png

    වීසා පිලිබඳ රටේ නීතිය කඩකර ඇතැයි යන චෝදනාව යටතේ නොවැම්බර් 4දා පොලිසිය විසින් ගුනරත්නම් අත්අඬංගුවට ගනු ලැබුවේ, රෝගීව සිටින තම මව බැලීමට ඔහු කෑගල්ලේ නිවසට පැමිනි අවස්ථාවේය. ඔහු කෑගල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදුව නොවැම්බර් 18දා තෙක් රිමාන්ඩ් භාරයේ තබා ඇති අතර ඕස්ටේ‍්‍රලියාවට පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුනපා සිටියි.

    ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රාදේශීය නායකයෙක්ව සිටියදී 1988 වසරේ ගුනරත්නම් රටින් පලාගියේ, ජවිපෙ සාමාජිකයින් හා ගම්බද තරුනයින් 60,000ක් පමන මරුමුව හෙලූ, එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් මුදාහරින ලද ඝාතක කල්ලිවල ප‍්‍රචන්ඩත්වය හමුවේය. ඔහු ඔස්ටේ‍්‍රලියාවේ රැකවරන පැතූ අතර පසුව එරට පුරවැසි භාවය ලබා ගත්තේය.

    ඔහු දිවයිනට පැමිනි 2012 අපේ‍්‍රල් මාසයේ, පෙසප නිල වශයෙන් දියත් කිරීමට පෙර දින, තවත් දේශපාලන කමිටු සාමාජිකයෙකු ද සමග පොලිසිය විසින් අත්අඬංගුවට ගෙන ඔස්ටේ‍්‍රලියාවට පටවා යවන ලදී. ඔහු මේ වසරේ ජනවාරියේදී යලිත් දිවයිනට පැමින පෙසප සමග වැඩ කලේය.

    සංචාරක වීසා බලපත‍්‍රයක් සහිතව දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් කරන ප‍්‍රතිගාමී නීතියක් යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගුනරත්නම් අත්අඬංගුවට ගෙන ඇත. තමන් අත්අඬංගුවට ගෙන පිටුවහල් කිරීම වලක්වන අධිකරන නියෝගයක් ලබාගැනීම පිනිස පෙබරවාරියේදී ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි. කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලේ, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව නැති බවත්, ඔහු පිටුවහල් කිරීමේ හැකියාව තිබෙන බවත් පවසමිනි.

    hnda-01n-img2.gif

    සැබෑව නම් “වීසා නීති උල්ලංඝනය කිරීමේ” චෝදනාව හුදු කඩතුරාවක් පමනක්ය යන්නයි. ගුනරත්නම් අත්අඬංගුවට ගෙන ඇත්තේ, රට තුල අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්විද්‍යාල සිසු උද්ඝෝෂන පැනැගීමට සමගාමීවය. ඔක්තෝබර් 29දා කොලඹ මධ්‍යයේ ගනකාධිකාරී සිසුන් දහස් ගනනකගේ සාමකාමී විරෝධතාවකට එරෙහිව පොලිසිය, කඳුලු ගෑස්, ජල හා බැටන් ප‍්‍රහාර යොදාගෙන ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයක් එල්ල කලේය. අඩුම තරමින් සිසුන් 39 දෙනෙක් අත්අඬංගුවට ගනු ලැබ පසුව ඇප මත මුදා හැරුනි.

    එම ප‍්‍රචන්ඩ පහරදීම ජනතාව අතර පුලුල් කෝපයක් ඇවිලවීය. සෑම විශ්වවිද්‍යාලයකම පාහේ සිසුහු විරෝධතා දැක්වූහ. නොවැම්බර් 03දා කොලඹදී පොලිස් ප‍්‍රහාරය හෙලාදකිමින් හා අධ්‍යාපන කප්පාදුව නතර කරන ලෙස බල කරමින් 10,000ක් පමන සිසුන්ගේ පෙලපාලියක් පැවැත්වින. එම විරෝධතාව කැඳවා තිබුනේ පෙසප විසින් හසුරුවනු ලබන අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මන්ඬලය විසිනි.

    jjj.jpg

    උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල නොවැම්බර් 3දා පාර්ලිමේන්තුවේදී කථා කරමින්, විරෝධතා ඇවිස්සීම පිලිබඳව “පිටස්තර බලවේග” වලට දොස් පැවරූ අතර තත්වය ගසාකන බවට විපක්ෂ දේශපාලන සංවිධාන වලට චෝදනා කලේය. ඊට පසු දින ගුනරත්නම් අත්අඬංගුවට ගැනුනි.

    ක්ෂනික ඉලක්කය පෙසප හා අවිශිබමය වුවත්, ”පිටස්තර බලවේග” පිලිබඳ කිරිඇල්ලගේ ප‍්‍රකාශයන්හි වඩාත් දුෂ්ඨ අර්ථයක් ඇත. වැඩෙන සමාජ ආතතීන් පිලිබඳව අසහනයට පත්ව සිටින ආන්ඩුව, දේශපාලන විපක්ෂය හා කම්කරු පීඩිත ජනතාවන්ගේ විරෝධතා මැඬීම යුක්ති සහගත කිරීමට ද එවැනිම චෝදනා එල්ල කරනු ඇත.

    නොකඩවා පැතිර යන සිසු විරෝධතා, වැඩෙන මහජන නොසංසුන්තා හා එලඹෙන කම්කරු අරගල පිලිබඳ සලකුනකි. වොෂින්ටනයේ පිටුබලය ඇතිව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, ජනවාරි ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ කෙරෙහි පලව තිබූ පුලුල් මහජන විරෝධය ගසා කමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම පිනිස එජාප නායකත්වය යටතේ ආන්ඩුවක් පිහිටුවන ලදී.

    ජීවන තත්වයනට එල්ල කෙරී තිබෙන ප‍්‍රහාරයන්ට එරෙහිව දැනටමත් වැඩකරන ජනතාවගේ ප‍්‍රතිරෝධය ඇවිල යමින් තිබේ.

    * වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට එරෙහිව වැඩ වර්ජනයක යෙදීමේ ව්‍යාජ චෝදනා මත මාර්තුවේදී, මස්කෙලිය ඩීසයිඩ් වත්තේ කම්කරුවන් අට දෙනෙක් අත්අඬංගුවට ගනු ලැබින.
    * මැයි මාසයේදී පොලිසිය, යාපනයේ පාසැල් සිසුවියක් දූෂනය කර මරාදැමීටම එරෙහිව අධිකරනය ඉදිරියේ විරෝධතා දැක්වූ ජනතාවට කඳුලු ගෑස් එල්ල කර පලවා හැරීය. එය, උතුරු නැගෙනහිර අඛන්ඩව පවත්වාගෙන යන මිලිටරි පාලනය පිලිබඳ පුලුල් කෝපයක් ප‍්‍රකාශයට පත් කලේය.
    * එම මාසයේදීම පොලිසිය විසින්, මීතොටමුල්ල කුනු කඳු ගැසීමට එරෙහිව ප‍්‍රදේශවාසීන්ගෙන් පලවූ විරෝධය විසුරුවා හැරීමට ඒ හා සමාන ක‍්‍රම යොදාගනු ලැබින.
    * ඔක්තෝබරයේදී පොලිසිය, පිරිසිදු පානීය ජලය ඉල්ලා හම්බන්තොට බඳගිරියේ ගොවි විරෝධතාවක් විසුරුවා හැරීමට ද කඳුලු ගෑස් ප‍්‍රහාර යොදාගත්තේය. ගම්වාසීන් දොලොස් දෙනෙක් අත්අඬංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ.

    අයවැය හිගය 2018 වන විට, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 සිට 3.5 දක්වා අඩකින් කපාහල යුතු බවට ජාමූඅ කර ඇති නියෝග ආන්ඩුව විසින් ක‍්‍රියාවට නගන කල, සමාජ නොසංසුන්තා තවත් උග‍්‍ර වනු ඇත. සමාජ සහන කපාහරින අතර ආන්ඩුව මර්දනකාරී රාජ්‍ය යාන්ත‍්‍රනය පුලුල් කරමින් සිටී. රුපියල් බිලියන 306ක පෙර නොවූ විරූ ප‍්‍රතිපාදන අයවැය තුලින් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබෙන අතර අමතරව තවත් බිලියන 60ක් පොලිසියට වෙන්කර ඇත.

    ගුනරත්නම් කොන්දේසි විරහිතව හා වහාම නිදහස් කල යුතු බව කියා සිටින අතරම සසප, 2012දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසපට කිසිදු දේශපාලන සහයෝගයක් ද නොදක්වයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ හවුල් ආන්ඩුවට සහභාගී වීම ද බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව යලි ඇරඹූ රාජපක්ෂගේ යුද්ධයට සහාය දැක්වීම ද හමුවේ ජවිපෙ, විශේෂයෙන්ම තරනයින් අතර පුලුල් ලෙස අපකීර්තියට පත්ව තිබුනි.
    6440232-3x2-340x227.jpg

    එහෙත් පෙසපට, ජවිපෙ ජාතිකවාදී දේශපාලනය සමග කිසිදු මූලධර්මාත්මක වෙනසක් නොමැති අතර කොලඹ දේශපාලන සංස්ථාපිතයට තමන් ද ඒකාග‍්‍ර වීමේ ව්‍යායාමයක නිරතව සිටියි. ජනවාරි ජනාධිපතිවරනයේදී පෙසප, “ප‍්‍රමුඛත්වය” ලැබෙන්නේ “රාජපක්ෂ ආඥාදායකත්වය” පරාජය කිරීමට බව පවසමින් සිරිසේන බලයට පත් කල, ඇමරිකාව අනුග‍්‍රහය දැක්වූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමට වක‍්‍ර ලෙස සහාය දැක්වීය.

    නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් සමග පෙල ගැසෙමින් පෙසප, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පල වන නො සතුට, ඉන් ඔබ්බට යා නොහැකි ලෙස පාර්ලිමේන්තු අවෘත්ත අන්තයකට සිර කිරීමටත්, ධනපති පාලනය නගා සිටුවීමට හා ග‍්‍රීක මොඩලයේ සිරිසා සංවිධානයේ වැනි වාම පෙරමුනක් ගොඩනැගීමට උත්සාහ කරයි. පෙසප පිලිවෙත අනු යමින් අවිශිබමය, සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් වැදීමට විරුද්ධ වෙයි.

    ගුනරත්නම් වෙනුවෙන් පෙසප ගෙන යන අරගලය මුලුමනින්ම පදනම්ව ඇත්තේ රටේ නීති රාමුවේ ආකෘතිය තුලය. එහි ප‍්‍රධාන පෙලේ අයෙකු වන පුබුදු ජාගොඩ මෙසේ පැවසීය. “රටේ නීතියට අනුව ගුනරත්නම් ගැන කටයුතු කිරීම පිලිබඳව අපට විරුද්ධත්වයක් නැත. එය පාර්ලිමේන්තුව තුල යොජනාවක් මගින් සංශෝධනය කර ඒ අනුව ඔහු ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස පිලිගත යුතුය.”
    පසුගිය නොවැම්බරයේදී සසප මෙසේ අනතුරු ඇඟවීය. “සිරිසේන හා එජාපය රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක පාලන ක‍්‍රමය හෙලා දකින නමුත් ඔවුන් ද වැඩකරන ජනතාව මත ජාමූඅ කප්පාදු පැටවීමේදී රාජපක්ෂ තරම් ම නිර්දය වනු ඇත.” වසරකට පසුව අද, එම අනතුරු ඇඟවීම් මැනවින් සනාථ වී ඇත.

    ගුනරත්නම් අත්අඬංගුවට ගැනීම, සූදානම් කෙරෙමින් තිබෙන රාජ්‍ය මර්දනය පිලිබඳ තවත් සලකුනකි. මෙම දේශපාලන පාඩම් උකහා ගනිමින් ධනපති පන්තියේ සියලු කොටස්වලින් වෙන්වන ලෙසත්, දකුනු ආසියාවේ හා ලෝකය පුරා සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙතේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින ලෙසත්, සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. පක්ෂ ක‍්‍රියාමාර්ගය හදාරන ලෙසත්, එලඹෙන අරගල ඉල්ලා සිටින විප්ලවවාදී නායකත්වය ලෙස සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ගොඩනගන ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේවා ප්‍රශ්න කරන්න මේකේ එකෙක් වත් නැ මහින්ද පන්සල් ගියා රනිල් ජපන් ගියා කියුවොත් කියන පරක්කුව විතරයි :P

    එක එකා උස්සන්න නැතුව අපේ වටේ ඉන්න අපි වගේම පුරවැසියන්ව රජ කරන්න කවදා නුවණක් එයිද මචංලා :eek:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19269301 said:
    මේවා ප්‍රශ්න කරන්න මේකේ එකෙක් වත් නැ මහින්ද පන්සල් ගියා රනිල් ජපන් ගියා කියුවොත් කියන පරක්කුව විතරයි :P

    එක එකා උස්සන්න නැතුව අපේ වටේ ඉන්න අපි වගේම පුරවැසියන්ව රජ කරන්න කවදා නුවණක් එයිද මචංලා :eek:

    එහෙම නුවනක් එන්නේ නැ සිංහලුන්ට කවදාකවත් ...:no::dull:
    උන්ට ඕනේ අපි ටෝයියෝ අපි බයියෝ කියල මරාගන්න විතරයි ..
    අපි කොච්චර මේකේ කිව්වත් unp එකා ට පෙන්නේ කොළ පාට විතරයි පෙරමුණේ උන්ට පෙන්නේ නිල පාට ..දැන් ජෙප්පෝ හොයන්නත් නැ ...

    ඔන්න ඕකයි සිරි ලංකාවේ සිංහලුන්ගේ තත්වේ :dull::no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19270137 said:
    එහෙම නුවනක් එන්නේ නැ සිංහලුන්ට කවදාකවත් ...:no::dull:
    උන්ට ඕනේ අපි ටෝයියෝ අපි බයියෝ කියල මරාගන්න විතරයි ..
    අපි කොච්චර මේකේ කිව්වත් unp එකා ට පෙන්නේ කොළ පාට විතරයි පෙරමුණේ උන්ට පෙන්නේ නිල පාට ..දැන් ජෙප්පෝ හොයන්නත් නැ ...


    ඔන්න ඕකයි සිරි ලංකාවේ සිංහලුන්ගේ තත්වේ :dull::no:

    sinhalu අනේ මන්දා කියන්න වචන නැ :eek: