කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස්

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස්

    කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස් දෙන්නාගෙන් ඉදිරියට යන්නේ කවුරුන්ද?

    මෙවර ලෝක කි‍්‍රකට් කුසලාන පිතිකරුවන් කරළියේ පෙරළි කළ තරගාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලකුණු පුවරුවල සිය ගණනින් ලියවුණු මේ ශතකලාභීන්ගේ වාර්තා අතරින් කැපී පෙනෙන දෙන්නෙක් ගැනයි මේ ලියන්නේ. ඒ එක්කෙනෙක් අපේ ආදරණීය ‘සංගා’ – ඒ කියන්නේ කුමාර් සංගක්කාර. අනෙක් පිතිකරුවා දකුණු අපි‍්‍රකාවේ නායක ඒබී ඩි විලියර්ස්.

    4.JPG

    අපේ ‘සංගා’ - එයා ලෝකයේ දැනට ඉන්නා අංක එකේ පිතිකරුවා බව පසුගියදා නැවතත් තහවුරු කළා. ඒ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පිට පිට ඉනිම හතරකින් ශතක හතරක් වාර්තා කරමින්. මෙතෙක් පැවති ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කිසිම පිතිකරුවකු පිට පිට ශතක තුනකට වඩා ලබා ගෙන නැහැ. ඒ වගේ ම මීට පෙර එක්දින තරගවලදීවත් ඒ ජයග‍්‍රහණය ලොව කිසිම පිතිකරුවකු ලබා නැහැ.

    ලෝක කුසලාන තරග ඉතිහාසයේ එක් තරගාවලියක දී පිට පිට තරග හතරකදී ශතක හතරක් වාර්තා කළ ලොව ප‍්‍රථම හා එකම කී‍්‍රඩකයා කුමාර් සංගක්කාරයි. 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දී ඔහු බංග්ලාදේශයට එරෙහිව නොදැවී 105ක්, එංගලන්තයට එරෙහිව නොදැවී 117ක්, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව 104ක් හා ස්කොට්ලන්තයට එරෙහිව 124ක් වශයෙන් ලබා ගත්තා. ඕස්ටේ‍්‍රලියාවේ මාක් වෝ, මැතිව් හේඞ්න් හා ඉන්දියාවේ සරෞව් ගංගුලි යන කී‍්‍රඩකයන් පිට පිට නොවන අවස්ථාවල දී එකම තරගවලියක දී ශතක තුන බැගින් ලබා ගෙන තියෙනවා. මෙතෙක් සංගා ලෝක කුසලාන තරගවල දී ලබා ඇති මුළු ශතක ගණන 5ක්.

    තරග ඉතිහාසයේ මේ තරගවලදී වැඩිම ශතක ලබා ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර්. ඔහු ලැබූ ශතක ගණන 6ක්. අනෙක් වැඩි ශතක ගණන ලබා ඇත්තේ රිකී පොන්ටින්. ඔහුගේ ගණන 5ක්.

    එක් දින තරගවලදී විදේශික කී‍්‍රඩකයකු ලෙස මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේදී ලකුණු 2038ක් රැස් කිරීමට සංගක්කාර සමත් වී ඇති අතර, ඒ අතින් ඔහු දෙවැනි වන්නේ කොදෙව් පිලේ පැරණි කී‍්‍රඩකයන් දෙදෙනකු වන ඩෙස්මන් හේන්ස්ට හා විවියන් රිචඞ්ස්ට විතරයි.

    5.JPG

    සංගක්කාර හා ඩි විලියර්ස් යන දෙදෙනා අතරින් සංගක්කාර පසුගිය එක්දින තරග හයක දී පමණක් මුළු ලකුණු 496ක් ලබා තියෙනවා. ඊට මේ පිට පිට ශතක හතරත් ඇතුළත් වෙනවා. එක්දින තරග හයක දී ඩි විලියර්ස් ලකුණු 417ක් ලබා ගෙන තියෙනවා. ඊට නොදැවී 162ක් හා ලකුණු 99ක් ඇතුළත්. ඔවුන් දෙදෙනා හැර මෙතෙක් පැවති තරගවලදී මුළු ලකුණු 400 ඉක්ම වූ වෙනත් පිතිකරුවන් කිසිවෙක් නැහැ.

    9.jpg

    සංගක්කාර හා ඩි විලියර්ස් යන දෙදෙනාම ඔවුන්ගේ කණ්ඩායම්වල මුදුන්මල්කඩ සේ සලකන්න පුළුවන්. පසුගිය වසරවල ඔවුන් දෙදෙනාම විශිෂ්ට ලෙස ලකුණු අතර සිටියා. මෙවර තරගාවලියේ දී දැනටමත් ඔවුන් දෙදෙනාම තරගයේ වීරයා සම්මාන දෙක බැගින් දිනාගෙන තියෙනවා. සම්මාන එකකට වඩා දිනූ කී‍්‍රඩකයන් හතර දෙනයි, තවමත් ඉන්නේ. අනෙක් දෙදෙනා නවසීලන්තයේ ටෙ‍්‍රන්ට් බෝල්ට් හා ඉන්දියාවේ ෂීකාර් ධවාන්.

    සංගක්කාර හා ඩි විලියර්ස් යන දෙදෙනාම ලෝක කුසලාන තරගාවලියට පෙර පටන් ම එක් දින තරගවල දස්කම් දක්වමින් ආවා. 2013 ජනවාරියේ පටන් මේ දක්වා ලකුණු 1500 ඉක්මවූ ලෝක පිතිකරුවන් අතර ඉහළින්ම ඉන්නේ මේ දෙදෙනායි. එසේ ඉහළම ලකුණු ලබා ගෙන ඇති පිතිකරුවන් හත්දෙනාගේ ලැයිස්තුව මෙසේයි.

    2013 ජනවාරියේ පටන් මේ දක්වා ලකුණු 1500 ඉක්මවූ ලෝක පිතිකරුවන් හත්දෙනා මෙසේයි:

    8.jpg

    මේ වසර දෙකක කාලය තුළ සංගක්කාරගේ ලකුණු ගැනීමේ සාමාන්‍යය 59.5ක්. පහර දීමේ අනුපාතය 93ක්. ඩි විලියර්ස්ගේ සාමාන්‍යය 62ක්. පහරදීමේ අනුපාතය 112ක්. ඉනිම 51කදී ඩි විලියර්ස් 23වාරයක් ලකුණු පනහ ඉක්මවා ඇති අතර සංගා ඉනිම 63කදී 31 වාරයක් ලකුණු පනහ ඉක්මවා තියෙනවා. එසේ ම මේ වසර දෙකක කාලය තුළ සංගා තරගයේ වීරයා සම්මාන 11 ලබා ඇති අතර ඩි විලියර්ස් ලබා ගෙන ඇත්තේ 10ක් පමණයි.

    එක් දින තරගවල දී විතරක් නොවෙයි ටෙස්ට් තරගවලදීත් මේ දෙන්නා එකසේ දස්කම් දක්වා තියෙනවා. එහිදී ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නා සංගාගේ ලකුණු සාමාන්‍යය 77.07ක්. එහිදී ඩි විලියර්ස්ට හිමි වන්නේ තුන්වැනි තැනයි. ඔහුගේ සාමාන්‍යය 65.84ක්. දෙවැනි තැන ඉන්නේ ඇන්ජීලෝ මැතිව්ස්.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී වේගවත්ම ශතකය වාර්තා කළේ ඩි විලියර්ස්. ඔහු මේ වන විට වැඩිම හයේ පහර සංඛ්‍යාවටත් (20ක්) හිමිකම් කියනවා. ඒ අතින් සංගා ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිට පිට තරග හතරක දී ශතක හතරක් වාර්තා කළ එකම පිතිකරුවා පමණක් නොවෙයි මෙතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ කඩුලූ රකින්නකු ලෙස වැඩිම දවා ගැනීම් කළ කී‍්‍රඩකයාත් සංගක්කාරයි. එය 54ක්. ඔහු ළඟට එන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ගිල් කි‍්‍රස්ට්. ඒ ගණන 52ක්.

    මෙවර ලෝක කුසලාන තරගවලදී සංගක්කාර හා ඩි විලියර්ස් මෙතෙක් දක්වා ඇති දස්කම්

    10.JPG

    ලෝකයේ එක් දින තරගවල ඉහළින් ම ඉන්නා සංගක්කාර හා ඩි විලියර්ස් යන මේ දෙදෙනාගේ ම දස්කම් එක විට අපට මීළඟට දැක ගත හැකි වන්නේ අර්ධ අවසන් පූර්ව තරගයේදි පමණයි. ශී‍්‍ර ලංකාවත් දකුණු අපි‍්‍රකාවත් අතර මාර්තු 18 වැනිදා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ දී තමයි, ඒ තරගය පැවැත්වෙන්නේ. ඒ තරගයෙන් ඉදිරියට යන්නේ අපේ ‘සංගා’ද? ඩි විලියර්ස් ද? කොහොම වුනත් ලෝක කුසලාන ඉදිරි තරගවලදී අපට දැක ගන්නට ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් විතරයි.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    THEIR TOP SECRET OF BEING GOOD BATSMEN -
    THEY ARE BOTH VERY GOOD TENNIS PLAYERS.


    Especially d
    e Villiers, looks at how he instantly moves out of the off-stump and smash the wide ball to a SIX or FOUR..... WI lata gahapu shots tika kattiyata mathaka athi neda ?? loweth nathi shots ewa.. welawakata hina yanawa..

    Any Tennis/Badminton/Squash/Golf Player MUST need a very good Hand-Eye Connection... Apart from that if you were a"Center Player" in Rugby/Football, you can run in a lightening speed between wickets..
    If you do all well in Tennis, it will be a very good plus point for your Cricket Batting.
    and if you are LEFT-HANDED too, You can be a real explosive Batsman.
    Also when that is coupled with WICKET KEEPING. You can attack any Baller.

    (Just like our DEAREST SANGA)..

    B
    ecause the WICKET KEEPER watches the ball from the point it is released from the baller, and where it pitches the ground and lastly how the Batsman faces it.. Therefore, when he keeps wickets sometimes he is able to advice the baller how to ball, where to pitch and accordingly where to place the fielders (although he may not be the captain), because behind the wickets he watches every move the batsman makes....oya wade sanga karanawa mama hodata dakala thiyenawa.. SANGA kiyanne oluwen cricket gahana ekek.. eda SCOTALAND match eke Tip catch SNICKO Review eka illuwe Umpire a ball eka WIDE da nadda kiyala kiyanakam bala idala... boruwata anik aya wage HOWZAT gaawe na... e athin SANGA maara game karayek.. ALL THE VERY BEST