කුමාර සැලොන්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කුමාර සැලෝන්

කපන්නට රුවුල මම හීනයක් පතලා
කොණ්ඩයට බෙහෙත් කළ සැලොන් එක වෙත ගියා
ඒත් ඒ මතකයක සලකුණක් නොතබා
කොන්ක්‍රීට් බිල්ඩිමක් අද එතැන ඉදිවෙලා

ටකට ටක කතුරැ හඬ තවම සිත රුව්දේ
සිනා රුලි නැංවූ නුඹේ මුව අද මැවේ
විනෝදෙන් ජීවිතය ගෙවූ හඬ මැද්දේ
අකාලේ ඇයිද නුඹ ගියේ සිත මොරදේ

මැෂින් තිබ්බට එදත් අපිට නොම රිද්දා
කතුරැ මුවහතින් මුළු හිසම පිරිමැද්දා
නුඹ යළිත් දකින්නට පෙරම වැඩිහිටි වෙලා
අයිතියත් අරගෙනම ගියාද කුමාර මාමා

සැලොන් එක තිබුණු තැන යන මගදි හමුවෙලා
පහුවෙද්දි එතැන මට සැලොන් එක මැවෙනවා
සැලොන් එක දකිද්දී හිත නුඹව සොයනවා
හිත නුඹව සොයද්දී නුඹ නිවන් දකිනවා:no:


මාලන් විදානපතිරණ
:(
 
  • Like
Reactions: asiri_sl

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සිරා බන්.. මමත් පොඩි කාලෙ කොන්ඩේ කපපු සැලෝන් එක අද එතන නෑ. රෙප් +
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    හිත නුඹව සොයද්දී නුඹ නිවන් දකිනවා........