කුඹුක්_ගසේ_වටිනාකම........
කුඹුක් ගසේ වටිනාකම
ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ. මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර තිබෙන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබේ. එහෙත් අභාග්‍යකට මෙන් වර්ථමානයේදී දැව කර්මාන්තයේ යෙදෙන්නන් ගේ අසත්‍ය කීම් බස් වලට මුලා වී, වැව් ආශ්‍රිතව වැවී තිබුනු කුඹුක් ගස් කපා දැමීම සිදු කරමින් තිබෙන බව දකින්නට ලැබේ.
කුඹුක් ගසේ තිබෙන්නා වූ පුදුමාකාර හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලව මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය. මිල කළ නොහැකිය.
විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.
පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.
එමෙන්ම කුඹුක් යනු ඖෂධමය වටිනාකමක් ඇති ශාකයකි. පැරැන්නන් විසින් කුඹුක් ගසෙන් ලබා ගත් ප්‍රයෝජන,

------------------------------------------------------------------------------------------------------------------------------------
උපුටාගැනීම : දියසර සාර සංග්‍රහය

- කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)
- කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.
- කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.
- මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.