කුරුණෑගල විහාර 400 ක් වැසී ගිහින්
කුරුණෑගල විහාර 400 ක් වැසී ගිහින්
ගොකරැල්ල - රණවීර මනුකුලසූරිය
සිංහල ජාතිය වඳවී යැමේ තර්ජනයකට මුහුණදී සිටිනවා. එදා බටහිර ගැති අදූරදර්ශී පාලකයන් විසින් සමාජගත කරන ලද පුංචි පවුල රත්තරන් වැනි සංකල්ප නිසයි මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙය සම්බුද්ධ ශාසනයටත් දැඩිලෙස බලපා තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ නොමැතිකම නිසා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක් විහාරස්‌ථාන හාර සියයක් පමණ අද වැසී ගොස් තිබෙනවා.
ඉබ්බාගමුව ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි ගනේගොඩ සීලානන්ද හිමියෝ එසේ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඉබ්බාගමුව, නැෂනල්වත්ත ශ්‍රී පඤaCදාසාර දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයේදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්‌වූ සීලානන්ද හිමියෝ මෙසේද පැවසූහ.
යහගුණපිරි යහපත් පුරවැසියන් බිහිකරන එකම ස්‌ථානය දහම් පාසලයි. එහෙත් අවාසනාවකට මෙන් අපේ බොහෝ දෙමාපියන් මෙම තත්ත්වය තේරුම්ගෙන නැහැ. ඉරිදා දිනයේත් උපකාරක පංති පැවැත්වීම දහම් පාසලට මහත් තර්ජනයක් තම දරුවා දහම් පාසලට එවනවාට වඩා උපකාරක පංතියට යෑවීමට බොහෝ දෙමාපියන් පෙළැඹී සිටිනවා. ඉරිදා දිනයේදී උපකාරක පංති නතර කිරීම සඳහා අප දැනට කටයුතු කරගෙන යනවා. එය පළාත් සභාව හරහා නීති මගින් කළ යුතු දෙයක්.
අද තාත්තා දුව හඳුනන්නේ නැහැ. අයියා නංගී හදුනන්නේ නැහැ. ඒ තරමට සමාජයේ සාරධර්ම පිරිහිලා. අද දරුවෙකුට බනින්න බැහැ. ගහන්න බැහැ. ඒ තරමටම දෙමාපියන් හා දරුවන් අතර බැඳීම දුරස්‌වෙලා.
නැෂනල්වත්ත ශ්‍රී පඤaCදාසාර දහම් පාසලේ අධිපති, ශ්‍රී බෝධිමළු විහාරාධිපති මුල්ලේගම සුමනවංස හිමි සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් වීරසිංහ මහතාද මෙහිදී අදහස් දැක්‌වූහ.
[http://www.divaina.com/2014/05/28/provin03.html[
ඉරිදාට අමාරුවෙන් නැගිට්ටවලා අපිව දහම් පාසල් යවපු අම්මට තාත්තට පින් .උඹලගේ ළමයින්ව අනිවා දහම් පාසල් යවපන් මේ රට බේරා ගන්න ඕනේ නම්