කුරුදු වත්තක් ගත්තා

CONDORI4NO

Junior member
  • Aug 11, 2024
    94
    32
    18
    අලුතෙන් ගත්තෙ, එකපරක් දෙපාරක් කුරුදු කපල තියන එකක්. කපන්න කලින් මොකද කරන්න ඕනෙ. පෝර දාන්න කියල එහෙම අහපුහම කට්ටිය කිව්වා. මොකෝ කරන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පෝර දාන්න ඕන, හැබැයි ගොඩක් ලොකුවට නිතරම දාන්න ඕන නැහැ

    නමුත් බිම සුද්ධ කරන එක හරියට කරන්න ඕන, මොකද කුරුඳු වතු ලොකුවට මේන්ටේන් කරන්නෙ නැති නිසා ලොකුවලට වල් වැවෙනවා එතකොට කුරුඳ ගස් ඒ තරං හොඳට හැදෙන්නෙ නැහැ
    තව එහෙම හැදෙන එක එක වැල් කුරුඳ ගස් පිරෙන්න වැවිල ගස් ඇද වෙලා වටේටම අතු හැදෙන්න ගන්නවා එතකොට කුරුඳු තලද්දි අහක යන ප්‍රමානෙ වැඩියි
    කාලෙන් කාලෙට කුරුඳු පඳුරෙ ගස් එකට තියල ගැටගහන සීන් එකක් කරනවා එතකොට ගස් ඇදෙවන්නෙ නැතිව හැදෙනවා, කුරුදු තලන්න ලේසියි සහ අහක යන ප්‍රමානෙ අඩුයි

    කුරුඳ පැල හිටවනවා නං ආධාර එහෙමත් දෙනවා පැල ගන්න

    ගත්ත ගමන් හොඳට වත්ත සුද්ධ කරලා වැඩක් නැති අතු කපලා දාල හදලා ගනින්
    වයිපරේගෙ කුරුඳු වතු තියනවා, මහා ලොකු වැඩක් කියලා කරන්නෙ නැහැ ඔය කියලා තියන ඒව තමයි කරන්නෙ
    සුද්ද කරද්දි සහ ඇවිදින්න යනවා නං අනිවා බූට් දෙකක් දාගෙන පලයන් සර්පයො ඉන්නවා ඉන්නෙම නයි සහ පොලොන්ගු.

    තව ඕනවට වඩා ලොකු වුනු ගස් තියනවා නං ඒව කපලා අයින් කරන්න එතකොට අලුතෙන් හොඳ අතු හැදෙනවා, අලුතෙන් දාපු කුරුඳු නං මේ ප්‍රශ්නෙ නැතිව ඇති. කුරුදු කපද්දි ඒ කුරුඳු තලන එවුන් ඔය මෝරපු(කට්ට කුරුඳු) ගස් අත ඇරලා කපනවා ඒක උන්ට පාඩු නිසා, එතකොට ඒව ඉතිරි වෙලා මහ ගස් වෙනවා කිසි තේරුමක් නැහැ.
     
    👍 එල, හොද සුද්දයක් දැම්මා
     
    • Like
    Reactions: wissnshaftler

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    අලුතෙන් ගත්තෙ, එකපරක් දෙපාරක් කුරුදු කපල තියන එකක්. කපන්න කලින් මොකද කරන්න ඕනෙ. පෝර දාන්න කියල එහෙම අහපුහම කට්ටිය කිව්වා. මොකෝ කරන්නෙ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    machn business ekakata invest karanna kalin godak research karanna ona pro and cons , profit, roi.. etc. otherwise u gonna loose it
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    පෝර දාන්න ඕන, හැබැයි ගොඩක් ලොකුවට නිතරම දාන්න ඕන නැහැ

    නමුත් බිම සුද්ධ කරන එක හරියට කරන්න ඕන, මොකද කුරුඳු වතු ලොකුවට මේන්ටේන් කරන්නෙ නැති නිසා ලොකුවලට වල් වැවෙනවා එතකොට කුරුඳ ගස් ඒ තරං හොඳට හැදෙන්නෙ නැහැ
    තව එහෙම හැදෙන එක එක වැල් කුරුඳ ගස් පිරෙන්න වැවිල ගස් ඇද වෙලා වටේටම අතු හැදෙන්න ගන්නවා එතකොට කුරුඳු තලද්දි අහක යන ප්‍රමානෙ වැඩියි
    කාලෙන් කාලෙට කුරුඳු පඳුරෙ ගස් එකට තියල ගැටගහන සීන් එකක් කරනවා එතකොට ගස් ඇදෙවන්නෙ නැතිව හැදෙනවා, කුරුදු තලන්න ලේසියි සහ අහක යන ප්‍රමානෙ අඩුයි

    කුරුඳ පැල හිටවනවා නං ආධාර එහෙමත් දෙනවා පැල ගන්න

    ගත්ත ගමන් හොඳට වත්ත සුද්ධ කරලා වැඩක් නැති අතු කපලා දාල හදලා ගනින්
    වයිපරේගෙ කුරුඳු වතු තියනවා, මහා ලොකු වැඩක් කියලා කරන්නෙ නැහැ ඔය කියලා තියන ඒව තමයි කරන්නෙ
    සුද්ද කරද්දි සහ ඇවිදින්න යනවා නං අනිවා බූට් දෙකක් දාගෙන පලයන් සර්පයො ඉන්නවා ඉන්නෙම නයි සහ පොලොන්ගු.

    තව ඕනවට වඩා ලොකු වුනු ගස් තියනවා නං ඒව කපලා අයින් කරන්න එතකොට අලුතෙන් හොඳ අතු හැදෙනවා, අලුතෙන් දාපු කුරුඳු නං මේ ප්‍රශ්නෙ නැතිව ඇති. කුරුදු කපද්දි ඒ කුරුඳු තලන එවුන් ඔය මෝරපු(කට්ට කුරුඳු) ගස් අත ඇරලා කපනවා ඒක උන්ට පාඩු නිසා, එතකොට ඒව ඉතිරි වෙලා මහ ගස් වෙනවා කිසි තේරුමක් නැහැ.

    NEMISIS කියපු ටික කරන්න

    තව
    කුරුඳු පෝර කාලෙකට ඕන , යුරියා ටිකක් දාන්න ඕන අවශ්‍ය වෙලාවට ගණන් වෙන්නෙත් නැහැ වැස්ස නැති වෙලාවක් බලල දාන්න යුරියා දාල දවස දෙකක් තුන යනකන් වැස්සේ නැති උනාම ඇති .

    කපල ඉවර උනාම උස කුරුදු කෝටු ටිකක් අරං තියන්න ගස් බඳින්න ගන්න .
    අනිත් ඒවා උයන්න ගන්න හෝ වත්ත අහල පහල අයට දෙන්න ටිකක් (එහෙම උනාම ළඟ අය පොඩ්ඩක් බලනවා හොරු එහෙම ආවොත් ).

    කැපුවට පස්සේ area එකේ තියෙන කුරුදු තෙල් හදන තැනකට කිව්වම කුරුඳු කොළ ටික අරං යනවා , මේකේ දෙපැත්තක් තියෙනවා , කොළ ටික පෝර වෙන්න අරින්න පුළුවන් ඕන නම් , කොහොමත් ලොකු ගාණක් එන්නේ නැහැ කොළ වලින් ගොඩක් පොඩි ගානක් එන්නේ .

    කැපුවට පස්සේ අලුත් එන පල පඳුරු වලින් හරියට හැදෙන්න පුළුවන් වෙන්න වැල් අනන් මනං නැති වෙන්න සුද්ද කරලා තියන්න පුරුදු කෙනෙක් දාල , සමහර උන් සුද්ද කරන්න ගිහින් අලුත් රිකිලි බාගෙට බාගයක් උදලු පාරවල් වැදිලා .

    එක එක ආධාර දෙන program එනවා කාලෙන් කාලෙට area එකේ කෘෂිකර්ම office එකෙන් අහන්න , කාලයක් අලුතෙන් හිටවන අයට , පැල නොමිලේ රජයෙන් දුන්න , කොන්දේසි තිබ්බේ කියන දුර ප්‍රමාණ/ගැඹුරට වලට වල් කපලා තියෙන්න ඕන ඇවිත් check කරනවා . machine වලින් කපන්නේ . පොර දෙන ඒවත් කාලෙකට තිබ්බ . කලාතුරකින් තියෙන ඉඩම් වල extra දානවා නම් පැල දෙනවා ඒක නම් අඩුයි වෙනවා .
    පැල ගන්න තියෙනවා අමතර දන්නා ඕන නම් ගණන් නැහැ ගොඩක් .

    කට්ට කුරුඳු දෙකක් තියෙනවා
    මෝරලා වැඩි වෙලා පොතු ගැලවෙන්නේ නැති ගස් ,
    අනිත් එක අතු කුරුඳු කාපුවම ඉතිරි වෙන .

    ගොඩක් වෙලාවට අතු නම් කෙලින්ම හෝ වරුවක් දවසක් වගේ තෙත ගොනියකින් වහල තිබ්බම බුරුල් වෙනවා .
    මෝරලා වැඩි වෙලා පොතු ගැලවෙන්නේ නැති ගස් , එහෙම පොඩ්ඩක් වතුර ටැංකියක හෝ පරණ ළිං වල ටිකක් දාල ගත්තම බුරුල් වෙනවා ,

    කට්ට සල්ලි වලට තලන අය තලන්නේ නැහැ , තේරුමක් නැහැ ,
    කට්ට පොඩි ළමයි , වයසක අය එහෙම තලනවා , pocket money හෝයා ගණන් , දවසට 1000-3000 හෝ ඊට වැඩියෙන් උනත් හොයා ගන්න පුළුවන් ,

    කට්ට කන්න වෙනවා කට්ට තලන්න . පොල්ලකින් ගහන එක කරන්නේ , ඊට පස්සේ හූරනවා .

    කට්ට තෙල් හදන්න ගණන්ව පොඩ්ඩක් , වැඩියෙන් ගන්නේ කුරුඳු කුඩු වගේ එකෙක හදන්න afaik , සමහර කට්ට කෙලින්ම රට යවනවා වේලලා .

    දළු එද්දී සත්තු කන්න chance එකක් තියෙනවා අලුත් දළු කැපුවට පස්සේ එන . ඉන්න area එකක් අනුව මුවෝ , ගෝන්නු , මීමින්නෝ ඉන්නවා නම් ටකයක් වගේ දාල තියන්න අවශ්‍ය උනොත් විතරක් .

    කොහොමත් වැඩිය වැඩක් කරන්න නැහැ කුරුදු වල තියෙන ප්‍රධානම වාසිය ඒක .

    අවුරුදු දෙකට 4 පාරක් සාමාන්යෙන් කපන්නේ ,
    ඒත් සමහර අය අවුරුදු දෙකට 5-6 පාරක් කුරුඳු කපනවා , maintain කරන විදිහට තමයි , තව වැස්ස /අව්ව .
     
    Last edited:
    • Love
    Reactions: NEMISIS