කුරුමිණි වසංගතයක් help

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කුරුමිණි වසංගතයක් help

    ගෙදරට කුරුමිණි වසංගතයක් ඇවිල්ලා. බිත්තිවල කැඩුණු තැන්වල හැංගිලා ඉන්නේ. කුරුමිණියෝ කිව්වට මැක්කෝ වගේ පොඩි සත්තු ජාතියක්. ගේ හැමතැනම. එළියේ තාප්පේ කැඩිච්ච තැන්වල ඉන්න එවුන් වැස්සට උඩට ඇවිල්ලා නොතෙමෙන තැන්වල ඉන්නවා. මට මුංගෙන් ගැලවෙන්න ඕන. නොමරා මුංගෙන් ගැලවෙන්න බැලුවා හරියන්නේ නෑ. පවු පින් බලන්න ගියොත් මට ගේ දාලා යන්න වෙනවා. ‍මේකට මොනවා හරි කෙමිකල් එකක් දන්න අය කියන්නකෝ. මම මාර ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Machan ara Mortin Spray ekak thiyenawa. Paw thamai. wena karanna deyak na. ape gedarath Karapottho hariyata hitiya. dan nam shape
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මැක්කන්ට ගහන බෙහෙතක් තියෙනවා..
    ඔය සත්තුන්ට බෙහෙත් කරන තැන්වල තියෙනවා..
    ඒක අරගෙන වතුරෙන් දිය කරල ස්ප්‍රේ කරන්න වෙනවා...
    පොටෝ එකක් දාපන් සත්තුන්ගෙ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
     ගෙදර බල්ලෙක් ඉන්නවද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බල්ලො ඇවිත් ගේ අයිනෙ ඉන්වද
    අපි දන්න තැනකත් ඔය වගේම සීන් එකක් උනා. ඒක වෙලා තිවුනෙ බල්ලොන්ගෙන් හැලෙන කිණිතුල්ලො වගේ සත්තු ජාතියක් බිත්තියෙ කඩතොලු අස්සෙ බිත්තර දාල පැටවු හැදිලා උන් පොදි පොදි වගේ ඒ කඩතොලු අස්සෙ හිටියා'

    මේ වගේ දුඹුරු පාටට හුරු තැඹිලි පාට එවුන් තමයි හැදිලා හිටියෙ
    DeerTick2.jpg


    මුන් ටික දවසකින් ගේ ඇතුලටත් එනවා. ජනෙල් රෙදි වල වගේ හැම තැනම ඉන්නවා. මිනිස්සුන්ගෙ ඇගත් කනවා, ගෙදර පොඩි උන් එහෙම ඉන්නවා නම් කේස්

    මුන්ට නම් කරේ
    බල්ලට බෙහත් දුන්නා(බෙහෙතෙ නම මතක නැහැ. ටිකක් සැර ඉන්ජෙක්ශන් දෙකක් දුන්නෙ, ඒක කීප සැරයක් දුන්නොතින් බල්ලගෙ කිඩ්නි අවුල් ගිහින් මැරෙන්නත් පුලුවන්ලු)
    බිත්ති වල හිටපු එවුන්ට මෝටීන් ස්ප්‍රේ ගැහුවා. ලග ලග දවස් වල(දවසක් ඇර දවසක් වගේ) සම්පූර්ණයෙන්ම සත්තු වද වෙනකන් ගැහුවා. එක සැරයක් ගැහවට වැඩක් නැහැ සත්තු මැරුනට උන් දාල තියන බිත්තර වලින් ආපහු හැදෙනවා
    ඊට පස්සෙ වත්ත පුරාම බිමට මොකක් හරි කෘමිනාශකයක් තුන්පාරක්ද කොහෙද ගැහුවා (සතියට සැරයක් සති 3ක්)

    මම කියන උන් නම් පට්ට අමාරුයි වද කරන්න
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මැලතියන් කියල එකක් තියෙනවා ඒක ගහපන් ටික කාලෙකින් වඳ වෙලාම යනවා. ලොකු සත්තු නම් ලාබෙට තියෙන ස්ප්‍රේ එකක් අරං ගිනි පෙලෙල්ලක් අල්ලල ස්ප්‍රේ කරහන් ඔක්කොම පිච්චිලා යන්න. අපේ ගෙදර කරපොතු වසංගතයක් ඇවිල්ල ඔය වැඩේ කරල තමා ඉවරයක් කලේ :angry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙදර කොතන හරි කොම්පෝස්ට් හදනවද ? මුන් ආව අපේ ගෙදරත් ඒ අපේ උඩ තට්ටුවක පොඩි පැල තවානක් හැදුවා ගෙදර දිරන කුණු දාලා.. ඒ දවස් වල මුන් පට්ට විදිහට හිටියා.. පස්සේ උඩ තට්ටුවේ වතුර නිතර රැඳෙන එක හොඳ නැති නිසා අයින් කලාම මුන් එහෙම්මම නැති වෙලා ගියා

    soldier_fly_pupa_gene.jpg



    මුන් මැස්සෝ ජාතියක් (Black Soldier Fly) මේ ඒ මැස්සාගේ පණු අවදිය :yes:





    Black-Soldier-Fly-2-400x300.jpg