කුරුලෑ සුවවෙන්නේ නැත්ද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කුරුලෑ සුවවෙන්නේ නැත්ද?

    කුරුලෑ සුවවෙන්නේ නැත්ද? එහෙම නම් මෙන්න ඇත්ත...

    51fccc7d7519fea84c85898572d90843_L.jpg

    [FONT=&quot]
    කුරුලෑ ගැන සඳහන් කරනවාටවත් සමහරුන් කැමැති නෑ. ඒ එපමණටම ඇතැම් අයට එය පීඩාකාරී තත්ත්වයක් වන නිසයි. කුරුලෑවලට යෙදෙන ප්‍රතිකර්ම ගැන අප බොහෝවිට අසා තිබුණත් ඒ පිළිබඳ කතාකර තිබුණත් සුව නොවන කුරුලෑ ගැන මැසිවිලි නගන අය බොහොමයි. කුරුලෑ සඳහාම වූ ආලේපන වර්ග ද බොහෝවිට දක්නට ලැබේ. එසේ වුවද එම ආලේපනවලින් කුරුලෑ සුවවීමක්ද දක්නට නෑ. නියමිත පරිදි රෝග විනිශ්චයකර කුරුලෑවලට ප්‍රතිකාර යොදනවා නම් එය සුව නොවීමට ද හේතුවක් නෑ.
    [/FONT]​

    [FONT=&quot]එහෙම නම් මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? ආයුර්වේද වෛද්‍ය නිරෝෂා ජයසිංහ ඒ පිළිබඳ හෙළිකළ අදහස් මෙසේ විමසා බලමු.[/FONT]

    [FONT=&quot]බොහෝ දෙනකු මෙයට කුරුලෑ යැයි කීවද එය සැබැවින්ම කුරුලෑ ලෙසින් හඳුන්වනු ලබන විවිධ ශාරීරික හේතු නිසා ඇතිවන සර්වාංග රෝගයකි. එසේ නැතිව යම් යම් අය පවසන ආකාරයට සීබම් තරලය සම මතුපිට සිදුරු අවහිර කිරීමෙන් හෝ බැක්ටීරියා ආසාදනයෙන් හෝ හෝමෝන වෙනස් වීමෙන් හෝ ඇතිවන්නක් නොවේ. එය එසේ නම් සීබම් තරලය හෝ බැක්ටීරියා ආසාදන අද කාලයේ ඇති ඉස්තරම්ම ෆේස්වොෂ් වලින් සෝදා හැරිය කළ කුරුලෑ සුවවිය යුතුයි. නැතහොත් හෝමෝන ක්‍රියාකාරී වන වයස පසුවූ විට ඉබේම සුවවිය යුතුයි. නමුත් එම කිසිම පිළියමකින් කුරුලෑ නම් සුව නොවන බව ඔබ දන්නවා ඇති. එසේ නම් එය ශරීර අභ්‍යන්තර හේතුවක් මඟින් හටගන්නා බව සනාථ කිරීමට තවත් සාධක අවශ්‍ය නොවේ.[/FONT]

    [FONT=&quot]ආයුර්වේදයේ මෙම රෝග තත්ත්වය හඳුන්වන්නේ “මුඛ දූෂිකා” යන නමිනි. ඒ මෙම රෝගය හටගත් විට මුව හෙවත් මුහුණ දූෂ්‍ය කරනවාය යන අර්ථයෙනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මුඛ දූෂිකා (කුරුලෑ) වර්ග රාශියක් පවතී. මුඛ දූෂිකා යන පොදු නමින් හැඳින්වුවද රෝගය හටගන්නා හේතුව අනුව කුරුලෑ බිබිලි වර්ග රාශියක් හඳුනාගත හැකියි. හැමෝටම ඇත්තේ එකම වර්ගයක බිබිලි නොවේ. එකම වයසේ පසුවන දෙදෙනකුට පවා වර්ග දෙකක කුරුලෑ ඇතිවිය හැකියි.[/FONT]

    [FONT=&quot]* කුරුලෑ ඇතිවීමට බලපාන හේතු ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ආයුර්වේදයේ සඳහන් වන පරිදි කුරුලෑ අයත්වන්නේ ක්ෂුද්‍ර රෝග ගණයටය. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ශරීරයේ බලපවත්නා වාත – පිත්ත – කප යන ත්‍රිදෝෂයන්ගේ විකෘතිතාවය හේතුකොට මූලික වශයෙන් රෝගය හටගන්නා අතර එම ත්‍රිදෝෂ විකෘතිතාවය ද එකිනෙකාගෙන් එකිනොකට වෙනස් වේ. ත්‍රිදෝෂ විකෘතියට හේතු හඳුනා ගැනීම ආයුර්වේදයේ ඉතා සිත් ගන්නා සුලු රෝග විනිශ්චයකි. එම රෝග විනිශ්චය වෛද්‍යවරයාගේ දක්ෂතාවය මතම සිදුවන්නකි. කුරුලෑ මුඛ දූෂිකා සුවවීම හෝ නොවීම තීරණය වන්නේ එම රෝග විනිශ්චය මතය.[/FONT]


    • [FONT=&quot]ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කුරුලෑ වලට ප්‍රතිකාර [/FONT]

    [FONT=&quot]කුරුලෑ සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම රාශියක් පුරාණ ඍෂිවරුන් විසින් දක්වා ඇත. එය ඉතාමත් විද්‍යානුකූලව ක්‍රමවත්ව කලයුතු ප්‍රතිකාරයකි. තමාටම විශේෂ වූ අදාළ දෝෂය හඳුනාගෙන ඒ අනුව අදාළ වූ ඖෂධීය ප්‍රතිකාර යෙදීම කළ යුත්තේ ඒ සඳහාම ප්‍රවීණ වූ වෛද්‍යවරයකුට පමණි. මාධ්‍යවල පළවන වෙළෙඳ දැන්වීම තමන්ගේ වෛද්‍යවරයා ලෙස තෝරාගන්න එපා. එසේ පොදුවේ කුරුලෑ සඳහායැයි කියමින් දක්වන ආලේප මගින් සුවවන පොදු කුරුලෑ අද කාලයේ කිසිවකුට හටගන්නේ නැත. මෙයට අවුරුදු හාරදහසකට එපිට රචනා කරන ලද පුරාණ වෙද ග්‍රන්ථවල මේ සඳහා ඉතාමත් ප්‍රත්‍යක්ෂ චිකිත්සා ක්‍රම ඖෂධ වර්ග සහ ආලේපන දක්වා ඇති අතර ඒවා යෙදීම කළ යුත්තේ ඉතාමත් ප්‍රවේසම් සහිතවයි.[/FONT]

    [FONT=&quot]හේතුව අද කාලයේ ඇති ඇතැම් ඖෂධ වර්ග පවා කෘෂි රසායන මගින් ගුණ වෙනස්වීමට භාජනය වී ඇති බැවිනි. එම බාධක මඟහරවා ගෙන ඖෂධ පිළියෙල කිරීම කළ හැක්කේ විශේෂ දැනුමක් ඇති වෛද්‍යවරයකුට පමණි. ඖෂධ පිළියෙල කිරීමේදී එම ඖෂධයේ ගුණ විනාශ නොවන පරිදි අදාළ උෂ්ණත්වය පවත්වා ගැනීමට, ඖෂධයේ ගුණ සහ වීර්යය යන ගුණාංග දෙක අදාළ ආලේපයට උකහා ගැනීම හැකිවිය යුතුය. එම ආලේපය ආලේප කළපසු අදාළව ලැබෙන ප්‍රතිඵලය ලැබිය යුතුයි. එම ආලේපය භාවිත කළයුතු ආකාරය සහ ආලේප කළයුතු කාලය ආදී චිකිත්සා විධි රාශියක් පිළිබඳ දැනුමක් ඇති වෛද්‍යවරයකු ඔබට ලබාදෙන ඖෂධ සහ ආලේප පිළිබඳ සැකයක් ඇතිකර ගත යුතු නොවේ.[/FONT]

    [FONT=&quot]අපගේ චිකිත්සීය ප්‍රතිකාර අතර කුරුලෑ සහිත මුහුණට යෙදිය යුතු විශේෂ ෆේෂල් ප්‍රතිකාරය ප්‍රධාන තැනක් ගනියි. සම්පූර්ණ ඖෂධවලින් පමණක්ම සමන්විත වූ එම ප්‍රතිකාරය මඟින් බොහෝදුරට කුරුලෑ මඟින් විකෘති වූ මුහුණු යථා තත්ත්වයකට පත්කර ගත හැකියි. ඒ සමඟම ශරීර අභ්‍යන්තරයට ඖෂධ යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ මන්දැයි කිවහොත් ශරීර අභ්‍යන්තර හේතුවක් නිසා හටගන්නා රෝගයකට එම හේතුවට ප්‍රතිකාර නොකොට බාහිර ආලේප මඟින් පමණක් කුරුලෑ නිට්ාවටම සුවකළ නොහැකි බැවිනි. කුරුලෑ සඳහා ඇති ආලේප වර්ගය ඉතා දීර්ඝ කාලයක් ආලේපකර පහව නොයන කුරුලෑ කැළැල් අපගේ ඖෂධ වර්ග ශරීර අභ්‍යන්තරයට යෙදීම මගින් සති තුනක් වැනි කාලයකදී ඉතා හොඳින් මකා දැමිය හැකියි.[/FONT]
    [FONT=&quot]සැබැවින්ම එය ආයුර්වේදයේ හාස්කම් පෙන්වන අවස්ථාවකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ නිවැරැදි රෝග විනිශ්චයක් යටතේ එන ඖෂධ වර්ග යොදා ගැනීමත් ඉතා නිවැරැදි පිළිවෙළට එම ඖෂධ වර්ග පත්තියම් වන ආකාරයට රෝගියා පාවිච්චි වී එම ඖෂධ වර්ග බීමට ගැනීමත්ය. එසේ නොමැතිව ආයුර්වේදයේ ඖෂධ වර්ග තිබූ පමණින් ඖෂධ වර්ග ආලේප කළ පමණින් හෝ ආයුර්වේද නම් වලින් ඇති ෆේස් වොෂ් වර්ග ගෑ පමණින් හෝ කුරුලෑ සුවපත් කරගත නොහැකි වේ. වෙළෙඳ ලෝකය තුළ කුරුලෑ සඳහා ඇති ආලේපන නම්කර ඇත්තේ කුරුලෑ සුවවීමට තබා කුරුලෑවලට අංශ මාත්‍රයක් හෝ බලපෑමක් නොමැති ඖෂධ වර්ගවල නම් වලිනි. උදා. කොහොඹ, කහ, පෙපර්මින්ට්, සුදු හඳුන් ආදිය. මෙම ඖෂධවලින් කුරුලෑ සුවකළ නොහැකිය. නමුත් ආයුර්වේදයේ ඇති ඖෂධ වර්ගවල ද්‍රව්‍ය ගුණ පිළිබඳ කිසිදු දැනීමක් නැති වෙළෙඳ ප්‍රජාව කරනු ලබන බොරු රඟපෑමට හසු නොවී බුද්ධිය මෙහෙයවා තමන්ගේ කුරුලෑ ප්‍රශ්නය විසඳා ගැනීමට සැලකිලිමත් වීම වඩාත් වැදගත් වේවි.[/FONT]

    [FONT=&quot]උපදෙස් - ආයුර්වේද වෛද්‍ය නිරෝෂා ජයසිංහ[/FONT]
    [FONT=&quot](Dr. Yaya’s Ayurveda)[/FONT]
    [FONT=&quot]0770547474 - 2878295[/FONT]

    උපුටා ගත්තේ: Harindu Randeepana ගෙන්
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තැන්ක් මචන් :):)
    You must spread some Reputation around before giving it to Supunqw again
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් මේ ලියලා තියෙන ඒවා උබද ලියුවේ .. ? :confused::confused::confused::confused::confused:

    පට්ටට ලියලා තියෙනවා ... ඒත් මේවා ඇත්තද... ? උබ ගිහින් තියෙනවද මෙතෙන්ට... ??

     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මචන් මේ ලියලා තියෙන ඒවා උබද ලියුවේ .. ? :confused::confused::confused::confused::confused:

    පට්ටට ලියලා තියෙනවා ... ඒත් මේවා ඇත්තද... ? උබ ගිහින් තියෙනවද මෙතෙන්ට... ??


    නැහැ මචන් මම නෙමෙයි මේක ලිව්වෙ..
    මේ යට තියන නම්බෙර් එකට කොල් එකක් දීල වැඩී විස්තර දැන ගන්න පුළුවන් බ්‍රෝ :)

    [FONT=&quot]ආයුර්වේද වෛද්‍ය නිරෝෂා ජයසිංහ[/FONT]
    [FONT=&quot](Dr. Yaya’s Ayurveda)[/FONT]
    [FONT=&quot]0770547474 - 2878295[/FONT]