කුරුස†යුද්ධය (The Crusade)
ලෝකයේ මහා විනාශ අතරට එකතුවෙන තවත් එක් අවස්ථාවක් ලෙස කුරුස යුද්ධය හැඳින්විය හැක. මෙයින් සිදුවූ හානිය සුළුපටු නොවුවද එක් අතකින් යුරෝපය හා මැද පෙරදිග නවමු මඟකට හැරවීමට සමත්විය. ලෝක යුද්ධයක් ලෙස හැඳින්වුයේ නැති වුවද මෙය ලෝකය කැළඹ වූ සංග්‍රාමයකි. තවද මේ යුද්ධය ශුද්ධ වූ සංග්‍රාමය (Holy War) ලෙසද හැඳින්වින.
මාධ්‍යකාලීන යුගයේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශයෙන් විවිධ ආගමිකයන්ට වාසස්ථාන සැපයින. කිතුණු, යුදෙව් හා මුස්ලිම් වරුන්ට නිදහසේ වාසය කළ හැකි ශුද්ධ වූ භූමියක් ලෙස එම ප්‍රදේශය සැලකින. එහෙත් ක්‍රි. ව.1095 දී තුර්කියේ බලයට පත් මුස්ලිම්වරු මෙම භුමිය කිතුණුවන්ට තහනම් කලාපයක් බවට පත් කරයි. ප්‍රශ්නය ආරම්භවන්නේ එලෙසයි. මේ තීරණයෙන් කිපෙන රෝමයේ බටහිර ක්‍රිස්තියානු පල්ලිය මෙන්ම කොන්ස්තන්තිනොපලයේ නැගෙනහිර ක්‍රිස්තියානු පල්ලිය එක්ව ජෙරුසලම නිදහස් කර ගැනීමට මහා ව්‍යාපාරයක් අරඹයි.
මේ එතැන් පටන් සිදුවූ සිදුවීම් ලුහුඬින්,
ක්‍රි. ව. 1096 - දෙවන උර්බන් පාප්තුමා කුරුස යුද්ධය වෙනුවෙන් කැඳවීම් කිරීම හා යුද්ධයේ ආරම්භය.
ක්‍රි. ව. 1099 - කුරුස යුද්ධ කරුවන් තුර්කි මහමදිකවරුන් පරාජය කර නැවත ජෙරුසලමේ බලය යටත් කර ගැනීම.
ක්‍රි. ව. 1187 - නැවත මුස්ලිම් නායක සලාදීන් ජෙරුසලම අත්පත් කරගැනීම.
ක්‍රි. ව. 1189 - එංගලන්තයේ පළමු රිචඩ් රජු, ප්‍රංශයේ හා රෝමයේ පළමු ෆෙඩ්රික් රජු එක්ව තුන්වන වරටත් ජෙරුසලම අත්පත් කරගැනීමට යුද්ධයක් ඇරඹීම.
ක්‍රි. ව. 1202/ 1221 - තුන්වන ඉනොසෙන්ට් පාප්තුමා විසින් නැවතත් යුද්ධ ඊජිප්තුව හරහා ආරම්බකරයි.
ක්‍රි. ව. 1228 - හයවන යුද්ධයේදී මුස්ලිම්වරුන් නැවත කිතුණුවන්ට ජෙරුසලම භාරදෙයි.
ක්‍රි. ව. 1244 - ජෙරුසෙලම කිතුණුවන්ට භාර දීමට උරනවන මුස්ලිම්වර නැවතත් ජෙරුසලම යටත්කොට ගැනීම.
ක්‍රි. ව. 1248/1270 - ප්‍රංශයේ නමවන ලුවී රජු හත්වන හා අටවන යුද්ධ ආරම්බ කලද විවිධ හේතු මත ඒවා අසාර්ථක විය.
ක්‍රි. ව. 1272 - අවසන් වරට එනම් නමවන යුද්ධය එංගලන්තයේ එඩ්වඩ් කුමරු ආරම්බ කලද එයද සාර්ථක නොවින.
මේ දර්ශනද නරඹන්න.
මෙලෙස කුරුස යුද්ධය අවසන් වේ. සියවස් දෙකක් පුරාවට යුද්ධ දහයක් මගින් සිදුවූ හානිය ඔබටම සිතාගත හැක. ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් වර්ධනය වූ මෙය විවිධ පුද්ගලයන්ගේ බල තණ්හාව ආදිය නිසා උත්සන්න විය. ආගමික ඉගැන්වීම්හි මුලික කරුණු අතහැරදමා අමානුෂික අන්දමින් ක්‍රියාකරත්ම ශුද්ධ වූ භුමිය ඔවුන්ට සාපයක්ම විය. ඉතින් නැවත මෙවන් දේ නොවීම උදෙසා අප අදිටන් කරගනිමු.

Last edited: