කුලී ගෙවල්වල කුප්පවැඩ

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    බෝඩින් වල ඇනෙක්ස් වල රෙන්ට් එකට ඉන්නකොට ඔයලට වෙච්ච අවුල් මොනව ද?
    ඒවගෙන් බේරෙන්න ගහපු ගේම් මොනව ද?
    • මට නම් එක බෝඩිමක දී පිගාන සෝදනකොට අතත් සේදෙනව නෙ කියල අත හෝදන්න එපා කිව්ව. මළ පැනල බැණල එදාම ගෙදර ආව.ඒ ඉස්කෝලෙ කාලෙ.
    •එක බෝඩිමක කවදාවත් ලයිට් බිල් වතුර බිල් පෙන්නන්නෙ නෑ. බල්බ් දෙකටයි හීටරේටයි මුල දී මාසෙට 250 ක් ගත්තා 2018 ටික ටික වැඩි වෙලා 2021 දී 450 වෙනකම් ආවා.
    ටැප් එක ඇරියෙවත් නැතුව වතුර බිල 150 යි කිව්ව. ලිදෙන් වතුර එන ටැප් එකෙන් විතරමයි වතුර ගත්තෙ. අර ටැප් එක මගේ බාත්රූම් එකෙන් අයින් කරන්න කිව්වට අයින් කරන්නෙ නෑ. මම ඒකෙන් අස් වෙලා ආවා.
    • මම දැන් ඉන්න තැන ඇවිල්ල මාසයයි ලබන මාසෙ ඉදන් 1500 ක් වැඩි කරා කිව්ව.
    මේ තුප්පහි වැඩ වලින් බේරෙන්න ඇග්‍රිමන්ට් ගහන්නෙ කොහොමද ?
    මම කිසිම ඇග්‍රිමන්ට් එකක් ගහල නෑ මීට කලින්.
    අපට ඇග්‍රිමන්ට් ගහන්න පුළුවන් ද එහෙම ඉන්න කාලය ඇතුළත රෙන්ට් එක වෙනස් වෙන්න බෑ කියල?

    @Abaya9001 ඔයාට උන් සීන් ටිකත් දාපන්
    ------ Post added on Apr 25, 2021 at 9:23 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ බෝඩිං ජීවිතේ අවුරුදු 5යි හැබැයි ඔය වගේ මිනිස්සු හම්බවෙලාම නෑ. එක තැනක නම් පොඩි අවුලක් තිබුනා ලඟ ගෙදරක එකෙක් ඇවිත් ඒ ගෙදර කියවන්න ගන්නවා අපිට පාඩම් කරන්න නෑ.

    මම් අඳුරන එකෙක් වීකෙන්ඩ් වල කෝර්ස් එකක් කරන්න බෝර්ඩ් වෙලා තිබුනා. උගෙ කාමරේ රෙදි වගයක් බඩු වගයක් තිබුනලු කලින් හිටපු කෙනාගෙ පස්සෙ අස් කරගන්නම් කියලා තියන්න කිව්වලු. කොහොමහරි මූ සිකුරාදා රෑ බෝඩිමට ගිහින් සෙනසුරාදා ඉරිදා ක්ලාස් ගිහින් ගෙදර යනවලු. මාසෙම කුලියත් මුගෙන් අරගෙන.
    දවසක් මූ එක්සෑම් කාලෙ සතියෙ නවතින්න හැදුවම නවතින්න බෑ කාමරේ රිනොවේට් කරන්න යන්නෙ කියනවලු.

    බලද්දි අරුන් සතියෙ දවස් පහ වෙන එකෙක්ට කුලියට දීලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    1.kunu danna tenak neha.satyen sathiya baasket ekakkata purawala triweel ekaka dala genihin damma kunu dana tenakta.
    2.pol kattak unge midulata wetla kiyawanna awa.

    3.bala dora lock 1k daala kedinama hadala dunne neha.

    4.bathroom eke dora lock eka hadala dunne neha.

    5 .ape sadde wadiy kiwwa

    oya wage prasna godayi ban.unta huka ganna kiyala lorn 1k daal ge kellak hadagena ayi unaden ehema awul neha mokuth
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මගේ බෝඩිං ජීවිතේ අවුරුදු 5යි හැබැයි ඔය වගේ මිනිස්සු හම්බවෙලාම නෑ. එක තැනක නම් පොඩි අවුලක් තිබුනා ලඟ ගෙදරක එකෙක් ඇවිත් ඒ ගෙදර කියවන්න ගන්නවා අපිට පාඩම් කරන්න නෑ.

    මම් අඳුරන එකෙක් වීකෙන්ඩ් වල කෝර්ස් එකක් කරන්න බෝර්ඩ් වෙලා තිබුනා. උගෙ කාමරේ රෙදි වගයක් බඩු වගයක් තිබුනලු කලින් හිටපු කෙනාගෙ පස්සෙ අස් කරගන්නම් කියලා තියන්න කිව්වලු. කොහොමහරි මූ සිකුරාදා රෑ බෝඩිමට ගිහින් සෙනසුරාදා ඉරිදා ක්ලාස් ගිහින් ගෙදර යනවලු. මාසෙම කුලියත් මුගෙන් අරගෙන.
    දවසක් මූ එක්සෑම් කාලෙ සතියෙ නවතින්න හැදුවම නවතින්න බෑ කාමරේ රිනොවේට් කරන්න යන්නෙ කියනවලු.

    බලද්දි අරුන් සතියෙ දවස් පහ වෙන එකෙක්ට කුලියට දීලා.
    දස ම කැරියො ටික්ක නෙ. ඊට පස්සෙ ඌ මොකද කරල තියෙන්නෙ?
     
    • Like
    Reactions: Nidarshana_k

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගෙවල් අයිති එකාගෙ පැත්තෙන් මම ලියන්නම්

    1. ෆෑන් ඕෆ් කරන්නෙ නැහැ එළිවෙන කල්ම දාලාම තියෙනවා (වෙනම කරන්ට් ලයින් ගත්තා හැම කාමරේටම, සල්ලි වැඩියෙන් ගියත් දැන් ප්‍රශ්න අඩුයි)

    2. වතුර ටැෆ් එක ඇරගෙන රෙදි හෝදනවා, රෙන්න ගියත් ගැලුම් 10ක් විතර යන කල් ටැෆ් එක ඇරලා (ගත්තා හැම කාමරේටම එක ලයින් එක ගානේ)

    3. මාසෙ අන්තිමට කරන්ට් බිල් එක ගෙවන්න පරක්කු කරනවා, රෙන්ට් එක දෙන්න පරක්කු කරනවා (දැන් කාමර කුලිය වගේ දෙගුණයක් කලින් ගන්නවා ඩිපොසිට් එක, බිල් එක ගෙවන්න පරක්කු උනොත් ඒකෙන් ගෙවනවා)

    4. එක එක නෑදෑයෝ කොළබ ආවහම උන්ට සති ගනන් ඉන්න කියනවා (ඇග්‍රීමන්ට් එකක් ගැහුවා, පිටින් ඇවිත් රැයක් ඉන්න එකෙක්ට රෑකට 250ක් ගන්නවා, සතියකට වඩා ඉන්න බැහැ)

    5. බොන්න පටන් ගත්තම බජව් දාගෙන අහල පහල උන්ට නින්දක් නැහැ මුන්ගේ ඝෝසාව (හැමදාම බොන්න ගේමු කියන එකාට කෙලින්ම කිව්වා බොන්න බැහැ ඉන්න බැරි නම් පුක නොදී පල කියලා)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    hari ekekta set unama ube ganiwath ussan yai
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මගේ ගෙවල් දෙකක් කුලියට දීල තියෙනවා..
    තාම අවුලක් නම් නැහැ...
    මට නම් වෙලාවට කුලිය දෙනවනම් එච්චරයි...
    ඉන්න උන් මොන මගුලක් කර ගත්තත් මය අවුලක් නැහැ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,015
    113
    -In Darkness-
    ඔහොම සිද්ධි වෙලා තියෙනවා එක බෝඩිමක ඉද්දි 1st Year එකේ. ඒ බෝඩිම අයිති ගෑණු කෙනා පට්ට ලෝබ කෙනෙක්. ටැප් එකෙන් මූණ හෝදගන්න මුල් දවස්වල අවුලක් නෑ. සති දෙකක් විතර යද්දි වෙන අයත් ටැප් එක පාවිච්චි කරනවා කියලා එපා කිව්වා. ඉවසන් හිටියා ලිදෙන් නාලා කරලා එහෙම. මුලින් ලයිට් බිල් ගත්තේ නෑ. මාස 2ක් ගියාම ලයිට් බිලටත් ඉල්ලුවා. අපි දුන්නේ නෑ මොක්ද ලයිට් එකයි ෆෑන් එකයි විතරයි අපි පාවිච්චි කරේ. අපි වෙලාවට සල්ලි ගෙව්වා. හැබැයි එහා කාමරේ හිටි එකෙක් දවස් දෙකක් පරක්කු වුනා කියලා ආඩපාලි කිව්වා. කොහොම හරි මාස 3යි හිටියේ තේරුමක් නෑ.

    2nd Year වෙද්දි සෙට් වුනා සුපිරිම බෝඩිමක්, අයිතිකාරයගේ ගෙදර උඩතට්ටුවෙම කෑල්ලක්. ටික දවසක් ඉද්දි කිව්වා ඉගෙන ගන්න ළමයිනේ සල්ලි එහෙම ටිකක් පරක්කු වුනාට කමක් නෑ කියලා (එහෙම කියලාත් අපි කිසිම දවසක සල්ලි පරක්කු කරේ නෑ) පොරගේ කඩයක් තියෙනවා. ඒකෙන් ණයට බඩු ගන්න කියලා කියලා තිබ්බේ ඕන වෙලාවක. එක පාරක් අපි බෝඩිම අස් කරන්න මේසයක් උඩට නැගලා බර වැඩි වෙලා කකුළක් කැඩුනා. අපි සල්ලි දෙන්නම් කිව්වා හදන්න. පොර සත පහක් ගත්තේ නෑ හදලා දැම්මා ඒක. ලයිට් බිල් ඉල්ලුවේ නෑ. ඉල්ලුව එකම දේ ඇතුලේ කෑම උයන්න එපා කියලා විතරයි. තේකක්, මැගි එකක් අවුලක් නෑ. දන්නවනේ කොල්ලෝ සෙට් එකක් බෝඩිමක ඉද්දි කෑගහන කෑගැහිල්ල, වචනයක් කිව්වේ නෑ. අයිති බුවයි නෝනයි දෙන්නම පට්ට හොඳ ගතිගුණ තිබ්බ මිනිස්සු. අවුට් වෙනකන්ම හිටියේ එතන. එක පාරක් වත් හිත් රිදවෙන දෙයක් පොරගෙන් වුනේ නෑ. අදටත් ඒ පැත්තට ගියොත් එහාට ගොඩවෙලා කතා කරලා එන්නේ.

    බෝඩිම් දෙකක සම්පූර්ණෙන්ම වෙනස්ම අත්දැකීම් දෙකක්. අයිති කෙනාගේ ගතිගුණ හැටියටයි, ඉන්න උන්ගේ ගතිගුණ වලයි බැලන්ස් එක හැටියට තමා ඕවාගේ හොඳ නරක සෙට් වෙන්නේ.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle

    අඩෝ ෆස්ට් ඉයර් එකේ අපි ඉඩියෙත් මෙහෙම තැනක.. මේ කියන තරම් ම පහසුකම් තිබ්බේ නැති උනත් හොද මනුස්සයෙක් අයිතිකාරයා..ඒක්සෑම් කාලෙට එහෙම පට්ට සපෝට්.. කෑම බීමත් ගෙනත් දීලා තියෙනවා පාඩම් වැඩ කරගනින් කියලා... ඉදලා හිටලා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එහෙම ගෙනත් දෙනවා.. බින්දුවේ ඉදලා නැගිටපු පොරක්.... කොල්ලොන්ට පට්ට බන දෙනවා ...

    අපේ තියන පෙරේත කමට ගාන තව ටිකක් අඩු කරගන්න කියල ඊට පස්සේ මල මුඩුක්කුවකට ගියා.. අපරාදේ.. 😢😢
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,015
    113
    -In Darkness-
    අඩෝ ෆස්ට් ඉයර් එකේ අපි ඉඩියෙත් මෙහෙම තැනක.. මේ කියන තරම් ම පහසුකම් තිබ්බේ නැති උනත් හොද මනුස්සයෙක් අයිතිකාරයා..ඒක්සෑම් කාලෙට එහෙම පට්ට සපෝට්.. කෑම බීමත් ගෙනත් දීලා තියෙනවා පාඩම් වැඩ කරගනින් කියලා... ඉදලා හිටලා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එහෙම ගෙනත් දෙනවා.. බින්දුවේ ඉදලා නැගිටපු පොරක්.... කොල්ලොන්ට පට්ට බන දෙනවා ...

    අපේ තියන පෙරේත කමට ගාන තව ටිකක් අඩු කරගන්න කියල ඊට පස්සේ මල මුඩුක්කුවකට ගියා.. අපරාදේ.. 😢😢
    අපේ පොරගෙත් ගණන් පට්ට සාධාරණයි බං. අපිට කලින් ඒකේ ඉඳලා තිබ්බේ කපල් එකක්. උන්ගෙන් ගත්ත ගාණට වඩා අඩුවෙන් තමා අපෙන් ගත්තේ ඉගෙන ගන්න නිසා. සල්ලි මත්තෙම නැහුනේ නෑ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපි ගෙදරක් කුලියට දීලා මෙන්න උන් කරන වැරදි.
    1. මාසෙකට සැරයක් වත් ගෙදර අතු ගාන්නේ නෑ.අලුත් අවුරුද්ද ටාවත් අතු ගාල තිබුණ නෑ.
    2. කාල බිල ඉදුල් ෂොපින් වල දාලා එහෙමම ගේ පිටිපස්සේ ගොඩ ගහලා.
    3. කුරුම්බා තැඹිලි බීලා ඒව පලනේවත් නැතුව පිටිපස්සේ දාලා. උන්ගේ ළමයෙක්ට ඩෙංගු ත් හැදුන ඒත් ගානක් නෑ.
    lawyer කෙනෙක් ගාව agreement ගහලා ගේ බාර දුන්නේ. අපිට ඕනි වෙලාවට ගේ ඉලන්න බෑ.එයාලට ඕනි වෙලාවට යන්නත් බෑ. අවුරුද්දෙන් අවුරුද්ද කුලී වැඩි කරන්නේ නෑ.
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    අපේ පොරගෙත් ගණන් පට්ට සාධාරණයි බං. අපිට කලින් ඒකේ ඉඳලා තිබ්බේ කපල් එකක්. උන්ගෙන් ගත්ත ගාණට වඩා අඩුවෙන් තමා අපෙන් ගත්තේ ඉගෙන ගන්න නිසා. සල්ලි මත්තෙම නැහුනේ නෑ.
    Same here machn, 2nd year to 4th year wala set una. eyalage vehicles pawa apita dunna use kranna ( bike ekai Car ekai). apith welawata okkoma salli dunna. bording place ekath hodatama thiyagane hitiya. gedra mona hari special haduwama apitath denwa. kotinma api eyalage family eke aya widiyta treat kale. api exam iwara unama hoda party ekak danwa. Christmas ekata uncle gane partyk denwa

    mehemai api hodata innwa nm . e minissu apith ekka hodata innwa.
    wali daganna giyama eyalath epa wenwa.
    anika bording place ekak select kranna kalin rent eka withrak ma balanna epa. owner ekka poddak katha krala balanna uge hati kohomda kiyala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපිටත් නියම ප්ලේස් එකක් සෙට් උනා. ඒ ගෙදර ඇන්ටියි අන්කලුයි හිටියේ දරුවෝ රට. ඉතින් අපිට දරුවන්ට වගේ සැලකුවේ. ඒගොල්ලෝ අලුත් ගෙයක් හදලා ඒකෙ හිටියේ අපිට රෙන්ට් එකට දීලා තිබ්බෙ පරණ ගෙදර.

    අපේ රෙදි පවා වේලිලා නම් ගෙට දානවා. කාලයක් රෑට කෑම පවා දුන්නා පොඩි ගානක් අරගෙන. ජරාව දුන්නේ නෑ ඒගොල්ලෝ කන එව්වම වැඩිපුර උයලා දුන්නා.

    ඒගොල්ලෝ යන දවසේ කෑමකුත් දුන්නා. ඒ බෝඩිම කලින් සෙට් එකකට දීලා එපා වෙලයි ඉඳලා තියෙන්නෙ. බීලා කෑගහලා.