මමත් higher studies කරන කාලේ හිටිය බෝඩිම සුපිරිම එකක්. හැබැයි ඒ කතාව ස්ලෝ බර්න් හේට් ටු ලව් එකක්

. බෝඩිම සෙට් කරල දුන්නේ අපේ තාත්තා අදුරන කෙනෙක්. ඉතින් ඒ රෙකමන්ඩේශන් එක උඩ පලවෙනි දවසේ බෝඩිමට ගියා ගනන් විස්තර කතා කර ගන්න. මම ඉතින් ඒ දවස් වල කොන්ඩෙයි රැවුලයි වවලා හිටියේ

. ඇන්ටි එක පාරක් මගේ දිහා බලලා ගේ ඇතුලට ගියා. අන්කල් තමයි මන් එක්ක කතා කරේ. මන් තනි කාමරයයි, උදේ කෑම විතරයි ඉල්ලුවේ, අනිත් වේල් දෙක පිටින් ගන්න වෙන නිසා. අන්කල් ගේ ඇතුලට ගිහින් විනාඩි දහයකින් වගේ ආපහු ඇවිල්ලා, 6000 ඉල්ලුවා. ඒ කාලේ හැටියට ඒ ගාන පොඩ්ඩක් වැඩියි බට් තව අඩු කරන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙත් නැති නිසයි තැනත් හොද නිසා ඒ බෝඩිමට ගියා. සතියකට පස්සේ වගේ ඉදලා තමයි මන් බෝඩිමට නවතින්න ගියේ. ඒ ගියපු පලවෙනි දවසේ උදේට කාලා, ඇන්ටිටයි අන්කල්ටයි වැදලා තමයි මන් කැම්පස් ගියේ. බෝඩිමෙන් අයින් වෙනකල්ම මන් ඒ වැඩේ කරා. මොනවා උනත් කන්න බොන්න දීලා බලා ගන්න මනුස්සයො නේ.
ලයිට් වතුර පාවිච්චි කරන එකට මට කිසිම වෙලාවක මොනම දෙයක් වත් කියලා නෑ. මට වෙනම ෆෑන් එකකුත් දීලා තිබුනේ. කොහොමත් ඒක මුළු රෑ තිස්සෙම වැඩ. කෑම ටිකත් සුපිරියටම දුන්නා. මමත් ඉතින් වෙලාවට සල්ලි ටික දුන්නා.
මාසයක් විතර ගියාට පස්සේ තමයි ඇන්ටි මට කිව්වේ, මුලින්ම මාව බෝඩිමට ගන්න ඇන්ටි කැමති වෙලා නෑ, මගේ පෙනුම නිසා. ඇන්ටිලා හිතලා තියෙන්නේ මන් රස්තියාදු ටයිප් එකේ ඩෑල් එකක් කියලා.
එක්සෑම් වගේ දවස් වල බෝඩිමේ නැවතිලා පාඩම් කරන්න වෙන නිසා ඇන්ටිගෙන් ඇහුවා ගාන තව පොඩ්ඩක් වැඩි කරලා උනත් කමක් නෑ දවල්ටයි, රෑටයි කෑම දෙන්න පුළුවන්ද කියලා. ගාන වැඩි කරේ නම් නෑ, රුපියල් 6000 ම තුන් වේලම කන්න දුන්නා

.
මැච් එකක් යන දවසට ටිවි එක උනත් දාගෙන බලන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි මන් කිසිම දවසක එයාලට වාතයක් වෙන්න ගියේ නෑ.