කුසල්ට අවස්‌ථාවක්‌

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කුසල්ට අවස්‌ථාවක්‌

    Kusal.jpg


    තහනම් උත්තේජක චෝදනාව මත තරග තහනමකට ලක්‌ව සිටින කුසල් පෙරේරාගේ නිර්දෝෂිභාවය සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මැදිහත්වීම මත කරන ලද තාක්‍ෂණික පරීක්‍ෂණයේ වාර්තාව මෙම සති අන්තයේදී ලැබීමට නියමිතව තිබේ.

    අදාළ වාර්තාව ලැබීමෙන් පසුව එය ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ විශේෂ ක්‍රිකට්‌ කමිටුවකට යොමු කිරීමෙන් අනතුරුව කුසල් පෙරේරාගේ තරග තහනම් වන කාලය අවම කර ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිව ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා සහ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් කුසල් පෙරේරාගේ නිර්දෝෂිභාවය සනාථ කිරීම සඳහා ලොව ඉහළම තාක්‍ෂණික පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තීරණය කළ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නීතිඥයන්ගේ සහය ද කුසල් වෙත ලැබී තිබේ.

    එංගලන්තයේ මෝගන් ස්‌පෝට්‌ස්‌ ආයතනයේ විශේෂ නීතිඥවරුන් සහ පරීක්‍ෂකවරුන්ගේ මඟපෙන්වීම යටතේ කුසල් පෙරේරා පසුගිය කාලයේ විශේෂ තාක්‍ෂණික පරීක්‍ෂණ දෙකකට සහභාගි වු අතර එම පරීක්‍ෂණ දෙකෙහිම තත්ත්වය සුබවාදී බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් එහි සම්පූර්ණ වාර්තාව ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලැබීමට නියමිත අතර ඒ අනුව කුසල් පෙරේරාට ඉතාමත් කෙටි කාලයකින් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිවීමට ඉඩ ඇත.

    මෝගන් ආයතනයේ සේවය කරන නීතිඥවරුන් ක්‍රීඩාවේ සිදුවන දූෂණය, තහනම් උත්තේජක සහ යෝග්‍යතා සම්බන්ධ විශේෂඥ දැනුම ඇති පිරිසක්‌ වන අතර ඔවුන් විවිධ රටවල නීතිඥවරුන් බවද වාර්තා වේ. මෙම ආයතනය ක්‍රීඩාවේ ජීවගුණය

    රැකගැනීම සඳහා මෙන්ම ක්‍රීඩකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සුවිශේෂි ආයතනයක්‌ වේ.

    කුසල්ගේ zඒZ සහ zබීZ මුත්‍රා සාම්පලවල අදාළ තහනම් උත්තේජක සංඝටක ඉතා සුළු වශයෙන් අඩංගු වී ඇති බවටද වාර්තා විය. නමුත් කුසල් පෙරේරා කිසිදු අවස්‌ථාවක තහනම් උත්තේජක නොගත් බවට ප්‍රකාශ කරන අතර කුමන හෝ අයුරකින් මෙම තහනම් උත්තේජක කුසල්ගේ ශරීරයට ඇතුළු වී තිබීම මත ඔහු පසුගිය දෙසැම්බර් මස නවසීලන්ත තරග සංචාරයක්‌ අතරතුර නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනුණි.

    පකිස්‌තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද මෙවැනි තහනම් උත්තේජක චෝදනාවකට හසුවූ අතර ඔහු එහිදී කිසිදු අයුරකින් තහනම් උත්තේජක නොගත් බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් තමාගේ බෙහෙත් සහ බිරිඳගේ බෙහෙත් එක ළඟ තිබෙන බැවින් ඔහු වැරදීමකින් බිරිඳගේ බෙහෙත් වර්ගයක්‌ පානය කරාද යන සැකයෙන් පසුවන බව දැන්වීමෙන් පසුව කරන ලද පරීක්‍ෂණයකට අනුව ඔහුගේ තහනම මාස හයක්‌ දක්‌වා අඩු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය පසුගියදා තීරණය කර තිබුණි.