කුස්සිය කිචන් විය ගෘහණිය මැඩම් විය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    451378522_1510506973231033_5016222861321018443_n.jpg
    451855140_1510507019897695_3841594181624154129_n.jpg


    කුස්සිය කිචන් විය ගෘහණිය මැඩම් විය
    ඉඳහිට ගෙදර ඉදෙනා බත රයිස් විය
    මුළුතැන් ගෙදර මෙවලම් ටික අලුත් විය
    අප හැම දෙනා ගෙයි මුල්ලට වීසි විය

    අඹරණ කොටන දෙය බ්ලෙන්ඩරයෙන් කෙරෙනා
    වංගෙඩි මෝල් ගස් ඉවතට විසි. කෙරුණා
    විදුලිය ගෑස් ලිප කුස්සිය වෙත ඇදුණා
    දරලිප කුමටකද මුළු ගෙයි දුම ගසනා

    තුනපහ මිරිස් කහ කුඩු කඩයෙන් ගෙනෙනා
    තව කීම මිරිස් ගල ඉඩ අහුරනු මිසකා
    ගල් වැලි නොමැති සහලින් කඩ වල් පිරුණා
    කොරහත් නෑබිලිය සමඟින්. වැඩවැරුවා

    ලෙඩ්ඩුන් මිසක කුරහන් නොබිදින බැවිනා
    ඇඹරුම් ගලත් අලසව මුල්ලට වැටුනා
    නානා ප්ලාස්ටික් ඇසුරුම් ගෙට ඇදුණා
    වට්ටි පෙට්ටි ඇයිදැයි ගෘහනිට පසිතුනා

    හලන පොළන දේ කිසිවක් නොමැති නිසා
    කුල්ලත් පෙනේරෙත් කටු ගේ තුලට ගියා
    නලයක් දිගේ මුළු තැන් ගෙට වතුර ගියා
    දියකලයක් සමඟ නැතිවිය ටිකිරිලියා

    රෙදි ටික උනත් සෝදන්නේ . මැෂිමෙන්ය
    එකවර උයා සතියක් ෆ්‍රිජ් එක තුළය
    ඇඟ වෙහෙසනා කිසිවක් ගෙයි නැති හැඩය
    ටිකිරිලියා හට භට සැමදා ලෙඩ ගොඩය
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    පෝන් එකත් අරගෙන ඇය ඇඳට ගියා
    කාම ලෝකවල දවසම සැරිසැරුවා
    අන් පුරුෂයන් වෙත තම සෙනෙහස පෑවා
    තමන්ගෙ සැමියා තව නොදනී මේවා
     
    • Haha
    Reactions: Kalegana