කුස්සිය කිචන් විය ගෘහණිය මැඩම් විය
ඉඳහිට ගෙදර ඉදෙනා බත රයිස් විය
මුළුතැන් ගෙදර මෙවලම් ටික අලුත් විය
අප හැම දෙනා ගෙයි මුල්ලට වීසි විය
අඹරණ කොටන දෙය බ්ලෙන්ඩරයෙන් කෙරෙනා
වංගෙඩි මෝල් ගස් ඉවතට විසි. කෙරුණා
විදුලිය ගෑස් ලිප කුස්සිය වෙත ඇදුණා
දරලිප කුමටකද මුළු ගෙයි දුම ගසනා
තුනපහ මිරිස් කහ කුඩු කඩයෙන් ගෙනෙනා
තව කීම මිරිස් ගල ඉඩ අහුරනු මිසකා
ගල් වැලි නොමැති සහලින් කඩ වල් පිරුණා
කොරහත් නෑබිලිය සමඟින්. වැඩවැරුවා
ලෙඩ්ඩුන් මිසක කුරහන් නොබිදින බැවිනා
ඇඹරුම් ගලත් අලසව මුල්ලට වැටුනා
නානා ප්ලාස්ටික් ඇසුරුම් ගෙට ඇදුණා
වට්ටි පෙට්ටි ඇයිදැයි ගෘහනිට පසිතුනා
හලන පොළන දේ කිසිවක් නොමැති නිසා
කුල්ලත් පෙනේරෙත් කටු ගේ තුලට ගියා
නලයක් දිගේ මුළු තැන් ගෙට වතුර ගියා
දියකලයක් සමඟ නැතිවිය ටිකිරිලියා
රෙදි ටික උනත් සෝදන්නේ . මැෂිමෙන්ය
එකවර උයා සතියක් ෆ්රිජ් එක තුළය
ඇඟ වෙහෙසනා කිසිවක් ගෙයි නැති හැඩය
ටිකිරිලියා හට භට සැමදා ලෙඩ ගොඩය