කුහුඹු නගරයක්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කුහුඹුවන්ගේ අති දැවැන්ත නගරයක් සොයා ගනිති! චීන මහා ප‍්‍රාකාරය වැනි පද්ධතියක්!

    කුහුඹුවන් මිලියන ගණනක් වාසය කළ, භූගතව ඇති අති සංකිර්ණ දැවැන්ත කුහුඹු නගරයක් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා.

    අත් හැර දමන ලද මේ කුහුඹු නගරය සොයා ගෙන ඇත්තේ බ‍්‍රසීලයෙන්. සංකීර්ණ උමං මාර්ග, අතුරු මාර්ග, උද්‍යාන ආදියෙන් පිරි මෙම විස්මිත නගරය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම එක ලෙස ද සැලකෙනවා. ‘ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලතම කුහුඹු ජනපදය මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් මෙහි වාසය කළ කොළ කන කුහුඹුවන් හෙවත් කොළදැත්තන් leaf-cutter insects මෙය අතහැර දැමුවේ ඇයි දැයි තවමත් කාටවත් හිතා ගන්නට බැහැ.’ ඒ විශේෂඥ කණ්ඩායම පවසනවා.


    6.JPG

    කුහුඹු ජනපදයේ පොළොව මතුපිට ස්වරූපය මෙසේයි.


    මෙම කුහුඹු නගරය සොයා ගත් පසු විශේෂඥයන් මුලින්ම කළේ එහි කුටි හා උමං යා කළ නළ පද්ධතියට වාතාශ‍්‍රය සැපයූ සිදුරු ඔස්සේ ඒ තුළට කොන්කී‍්‍රට් මිශ‍්‍රණයක් යැවීමයි. එය කෙතරම් විශාල වීද යත් ඒ කාර්යය සඳහා ඔවුන්ට පුරා දින 10ක් ගත වුණා. පොළොව මතුපිට සිට අඩි 26ක් යටට විහිදුණු මෙම උමං හා කුටි පද්ධතිය වර්ග අඩි 500ක් පුරා පැතිර පැවති එකක්. ඉන්පසුවයි, ඒ අවට පස් ඉවත් කරමින් එය අධ්‍යයනය කරන්නට පටන් ගත්තේ.


    7.JPG

    පොළොව යට ඇති සංකීර්ණ උමං මාර්ග හා කුටි පද්ධතියට කොන්කී‍්‍රට් පිරවූ අයුරු.

    මාසයක් තිස්සේ මෙය අධ්‍යයනය කළ මහාචාර්ය ලූයිස් ෆෝජී කීවේ ‘කුහුඹුවන්ගේ මේ දැවැන්ත නිර්මාණය සම කළ හැක්කේ මිනිසාගේ චීන මහා ප‍්‍රාකාරයට පමණක්’ බවයි.

    5.JPG

    නළ හා උමං තුළට කොන්කී‍්‍රට් පිරවූ පසු එහි සංකීර්ණත්වය දැක ගැනීමට හැකි වන්නේ අවට පස් ඉවත් කළ පසුවයි.

    මේ කුහුඹු ප‍්‍රජාව විශේෂඥයන් හඳුන්වන්නේ ‘සුපිරි ජීවීන්’විශේෂයක් ලෙසයි. ඔවුන් එකට එක් වී මේසා විශාල කාර්යයක් ඉටු කිරීමත් සුපිරි යෝධ කටයුත්තක් ලෙසයි, විද්‍යාඥයන් දකින්නේ.

    1.JPG

    පොළොව යට නගරය: බ‍්‍රසීලයෙන් සොයා ගන්නා ලද කොළදැත්තන්ගේ දැවැන්ත ජනපදය. මෙහි වැඩ කරන මිනිසුන්ගේ උස ප‍්‍රමාණය අනුව මෙහි ඇති විශාලත්වය ඔබට සිතා ගත හැකියි.

    මේ දැවැන්ත ඉදිකිරීම සඳහා එක් කුහුඹුවකු වරකට තමන්ගේ බර මෙන් කීප ගුණයක් බර පස් හා මැටි කීප වතාවක් ඔසවා ගෙන යන්නට ඇති. එසේ ඔසවාගෙන යන්නට ඇති දුර අපේ මිම්මේ හැටියට සැතැපුම් බාගයකටත් වැඩිය.

    2.JPG

    සංකීර්ණ කාර්යයක්: විශේෂඥයන් මේ එකිනෙකට සම්බන්ධ කුටි හා උමං පද්ධතිවලට කොන්කී‍්‍රට් පුරවා අධ්‍යයනය කරන අයුරු

    කවුරුන්ද මේ දැවැන්ත නගරවල ජීවත් වූයේ?

    බ‍්‍රසිලයේ මේ කුහුඹු නගර සංකීර්ණයේ ජීවත් වූයේ කොළදැත්තන් ගහණයක්. ඔවුන්ගේ මේ ජීවන පරිසරය පරීක්ෂා කරන විට පෙනීයන්නේ මේ මිහිමත ඇති ගණාවස අතරින් මේවා දෙවැනි වන්නේ මිනිස් ජනාවාසවලට විතරක් බවයි.


    කුහුඹු රැජින තමාගේ ම ජනපදයක් ඇරඹීමට පෙර පිරිමි කුහුඹුවන්ගෙන් මිලියන 300ක ශුක‍්‍රාණු එක් රැස් කර ගන්නවා. ඇය බිත්තර දමන්න පටන් ගන්නේ ඉන් පසුවයි. ඇය දමන බිත්තර අනුව ඒ ඒ කාර්යයන් කිරීමට නියමිත වැඩකාර කුහුඹුවන් බිහි වෙනවා. ඉදිකිරීම් හා ශාක එක් රැුස් කිරීමට වෙනම කුහුඹුවන් බිහි වෙනවා. සෙසු කුහුඹු වර්ගවල රාජකාරිය වන්නේ කසළ හා අපද්‍රව්‍ය බැහැර කිරීමයි. හානිකර අපද්‍රව්‍ය පමණක් නොවෙයි, පරපෝෂිතයන් ඉවත් කිරීමත් ඔවුන්ගේ රාජකාරියයි. වැඩකාර කුහුඹුවන්ගේ හිසෙහි ඇති සිහින් කානුවැනි දාරවල වෙසෙන උකුණන් වැනි ‘ෆොරිඞ් මැස්සන්’ හා උන්ගේ බිත්තර ඉවත් කිරීමත් කරන්නේ ඒ අයමයි.


    3.JPG

    අති විශාලයි: කොළ කන කුහුඹුවන් ගේ මෙම සංකීර්ණ ජනපදය දෙවැනි වන්නේ මිනිස් නගරවලට විතරයි.

    ලොකු කුහුඹුවන්ගෙන් තමයි හමුදාව හැදෙන්නේ. සතුරන් හඳුනා ගන්නා හැකියාව ඇත්තේ ඔවුන්ටයි. ඔවුන් බර උසුලන්නත් සූරයෝ. තමාගේ බර මෙන් පනස් ගුණයක බරක් ඔසවාගෙන යන්න ඔවුන්ට පුළුවන්. 'ලෝකයේ බර ඉසිලීමේ සූරයන් හඳුනා ගන්න ලිපියත්' බලන්න, ඔවුන් ඉන්නවා.

    වංකගිරියක් බඳු මේ සංකීර්ණ නගරය මතු කර ගන්න පස් ටොන් 40ක් විතර ඉවත් කරන්න පර්යේෂණ කණ්ඩායමට සිදුවුණා. මේ බව හෙළි වුණේ ඇමරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ආචාර්ය බර්ට් හොල්ඩොබ්ලර් විසින් ඔහු සහභාගි වූ ‘සොබා දහමේ අබිරහස් බලය’ නම් වාර්තා චිත‍්‍රපටයෙනුයි.


    4.JPG

    කුහුඹුවන් මේ ශාක පත‍්‍ර කැබලි යොදා ගන්නේ හතු (දිලීර) විශේෂයක් වැවීම සඳහායි. එය ඔවුන්ගේ කීටයන්ගේ වැඞීමට අවශ්‍ය ප‍්‍රධාන ආහාරය වෙයි.

    කුහුඹුවන්ගේ මේ බිම්ගත නගරය හොඳින් වාතාශ‍්‍රය සපයන උපක‍්‍රමවලින් මෙන් ම පහසුවෙන් බඩුබාහිරාදිය එහා මෙහා ගෙන යා හැකි උමං මාර්ගවලින්ද සමන්විතයි.

    මේ යෝධ කුහුඹුවන් ඔවුන්ගේ සතුරන්ට පහර දීම සඳහා විශේෂ හමුදා සංවිධානය කර ගත්තා පමණක් නොව ඇතැම් විට අප මෙන්ම ඒ හමුදා භට පිරිස්වල සහය උමං කැනීම වැනි ඉංජිනේරු කාර්යයන්හිදීද යොදා ගත්තා.

    http://www.malkakulu.com:)