"කූඹියෝ" ටී.වී. සීරිස්
කූඹියෝ (Koombiyo. English: Ants) යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 වසරේ දී ප්‍රදර්ශනය ආරම්භ කල අපරාධ ගණයට වැටෙන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි මෙම ටෙලි නාට්‍යය මිනිත්තු 30 බැගින් වූ කෝටස් වශයෙන් 2017 අගෝස්තු 26 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.00 ට විකාශය වේ.
කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "පර්චේසින් ලංකා" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගන්නට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පිරිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ ජූඩ් නැමති හයිරංකාරයෙකි. නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.
චරිත
ප්‍රධාන චරිත
තුමිඳු දොඩන්තැන්න, ජෙහාන් ප්‍රනාන්දු (ජයලත් ආරච්චිලාගේ දොන් සුසන්ත සගර චන්ද්‍රසිරි) ලෙස
කලණ ගුණසේකර, ප්‍රියන්ත මහඋල්පතගම ලෙස
සහය චරිත
යුරේනි නොශිකා, හිරුණි ලෙස
ජගත් මනුවර්ණ, ජූඩ් ලෙස
සේනක ටයිටස්, ඔස්ටින් ලෙස
ඇන්ඩෘ පුලර්, ටිරාන් ලෙස
සීමිත චරිත
නිෂ්පාදනය
මූලික නිෂ්පාදන කටයුතු 2012 ඇරඹුණ අතර 2015 දී රූගත කිරීම අවසන් විය. නමුත්, මෙහි කතාව දිවයන්නේ වංචාකාරයෙක් වටා බව පවසා ශ්‍රී ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීම ප්‍රතික්ශේප විය. අවසානයේදී, දෙවනවර ඉල්ලුම් කිරීමේදී ස්වාධීන රූපවාහිනිය (ITN) මෙය විකාශය කිරීමට 2017 දී එකඟ විය.
ප්‍රේක්ශක පිළිගැනීම
2017 ඔක්තෝබර් මස දී IMDb හි අපරාධමය රූපවාහිනී නාට්‍ය වර්ගකිරීම් හි ඉහළම ස්ථානය ලබාගන්නට සමත් විය.
එන්න අපි කතා කරමූ මේ ගැන...