කූරගල මානවයා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

කූරගල මානවයා කලාප දෙකටම ආවේණික වූ සතුන් ආහාරයට අරන් - පුරාවිද්‍යා කැණීම්වලින් හෙළිවෙයි

කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදු කළ කැණීම්වලින් මතු කර ගෙන ඇති සාධකවල විශ්ලේෂණයට අනුව කූරගල මානවයා විසින් වියළි කලාපය හා තෙත් කලාපය දෙකටම ආවේණික වූ සතුන් ආහාරයට ගන්නා ලද බව එහිදී හමුවූ සත්ත්ව අවශේෂ වලින් හෙළි වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුහුදු මසුන්,කළපු කකුළුවන් ඒ අතර බහුලව දක්නට ලැබෙන අතර දුර්ලභ දිවි වර්ග,වල් ගවයා වැනි මේ වන විටත් වඳ වී ඇති සතුන්ගේ කොටස්ද මේ කැණීමේදී හමුවීම සුවිශේෂී කරුණක් වී තිබේ.

ක්ෂීරපායී සතුන් මෙන්ම උරග වර්ග රැසකගේ අස්ථි කොටස් ද දිය හා ගොඩ ගොළුබෙල්ලන් කොටස්ද කැණීමේදී හමු වී ඇත.මෙසේ හමු වී ඇති සියලු දත්ත විශ්ලේෂණය කිරීම මඟින් මේ මානවයාගේ සංක්‍රමණික ක්‍රියාවලිය ව්‍යාප්ත වීමේ රටාව ආදී බොහෝ තොරතුරු ඉදිරියේදී හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.


මානෙල් පුෂ්පකුමාරි
date-left.jpg
 
  • Like
Reactions: [email protected]