ruchira55 : සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.
me : එතකොට අන්ඳ භක්තියෙක් ඔක්කොම පිලිගත්තම හරි?
බැරි වෙලා හරි පොත් වල ලියන්න කලින් කටින් කට එද්දි එකතු උන එකක් තිබ්බ නම්?
ruchira55 : බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.
මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?
me : විද්‍යාව ඉස්සරහ්ට ගිය නිසා තමා අපි මේව ගැන ඉගෙන ගන්නෙ, මිනිස්සු නොමැරි ඉන්නෙ, අපිට අසාදාරනයට විරුද්දව කතා කරන්න තියෙන මානව හිමිකම් කියල එකක් තියෙන්නෙ ඇයි, විද්‍යාව ( විද්යාව කිව්වම ඉලෙක්ට්‍රොනික් කියල හිතන්න එපා ඉතින් ) මේ හැමදෙම මෙච්චර ලේසි වෙලා අපි මෙහෙම හරි ඉන්නෙ විද්යාව පස්සෙ දුවන්න එකෙක් හරි ඉන්න නිසා තමා, ඉස්සර දෙය්යන්ගෙ ලෙඩ කියල මරුන එකාලව අද ගොඩ දාන්නෙ විද්යාව නිසා තමා..නැතුව කොල අතු ඇඳන් හොය්ය හොය්යා ගගා හිටිය නම් අපි කොහෙ ඉඳිද?
ruchira55 : සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.
උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන
me : අල්ලල බලන්න දෙයක් නෑ
අහසින් වතුර එන්නෙ දෙය්යො චූ කරන නිසා නෙමේ ජල වාශ්ප උඩට ගිහින් කියල ඔප්පු කරද්දි නෑ නෑ දෙය්යො නිසා තමා කියන්න බෑනෙ
සිතුවිලි කියන්නෙ නියුරෝන පල්සස් කියද්දි ආයෙ විඥ්ඥානය ඒක වෙනම තියෙන එකක් කියන්නත් බෑනෙද?