කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    රත්තරං;21306674 said:
    උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ:eek:

    කන්දට සිතා මතා තීරන ගන්න බෑනෙ
    මන් කියන්නෙ සිතා මතා ( සෙල්ෆ් ලනින් මගින් ඉගෙන ගත්ත, කවුරුත් මේක නිසා මේක වෙන්න කිව්ව එකක් නෙමේ ) වැඩ කරන කෘතිම බුද්ධියක් ( අල්මෝස්ට් හියුමන් ලයික් ) දෙයක් කලොත් එතන වෙන සිද්දිය?

    මිනිහෙක් වගේම දියුනු තත්වෙක ආවම, හෙට අනිද්ද නෙමේ තව අවුරුදු 50කින් කියමුකො ( 10 කින් මොන තරම් වෙනස් කම් උනාද කියන එක අය්ඩියා කරගෙන හිතන්න )
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව. මේව එකක්වත් සෘජු ප්‍රත්‍යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව. ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්) මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

    අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

    බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ. ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි. ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි.

    ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ :sorry: :sorry:) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ. ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම. බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්‍රත්‍යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි.

    තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි :no: :no:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    whitewalker : ඔව් එදිනෙදා ජීවිතේ වෙන ගොඩක් දේවල් මොලෙන් පැහැදිලි කලෑකි තමා මතකය තියෙන්නෙ මොලේ ඒත් හිත කියන්නෙ මොලයක් නෙමේ. හිතේ වෙන දේවල් වලට අනුව මොලේ වෙනස්කම් වෙනව ඉතිං විද්‍යාවෙන් (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) වෙන දේවල් මොලේට සම්බන්ධ කරනව.

    me : එහෙම නෙමේ වෙන්නෙ මතකය, සිතුවිලි හටගන්නෙ නියුරෝන වල ඇති වෙන පල්ස් එක මත, මොලයේ සමහර නියුරෝන වලට හානි උනාම සමහර දෙවල් හිතන්න බැරි, මතකය අඩු වෙන්නෙ, නැති වෙන්නෙ ඒකයි, ඒ නැතුව සිතුවිලි වලට සාපෙක්ශව මොලයේ වෙනස් කම් වෙනවා නෙමේ

    whitewalker : මේව එකක්වත් සෘජු ප්‍රත්‍යක්ශ නෙමේ. උදා: සතෙක් මරන්න හිතෙන වෙලාවක් ගන්න විද්‍යාවෙන් කරන්නෙ එහෙම හිතෙන වෙලාවෙ මොලේ වෙන වෙනස්කම් ටික වෙනම නිරීක්ශණය කල්ල තව සිය දහස් ගාණකගෙත් ඒ වගේම මොලේ වෙනස්කම් වෙනවද කියල බලල එහෙම එක සමාන ලඟින් යන වෙනස්කම් වෙනවනං මොලේ මේ කොටසට මෙහෙම වුනාම තමා සතෙක් මරන්න හිතෙන්නෙ කියල ප්‍රවාදය නිර්මාණය කරන එක. නැතුව කිසිම විද්‍යාඥයෙක් මේ මේ කොටසෙ වෙන මේ මේ වෙනස්කම් නිසාමයි සතා මරන්න හිතුනෙ කියල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගත්තෙ නෑ. ඉතිං මොලයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ අපේ චර්යාවන් මතකයන් හැඟීම් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාදයක් විතරයි. අපේ චර්යාවල හැඟීම් වල මතකයන් වල වෙනස් කම් එක්ක මොලේ වෙන වෙනස්කම් දහස් ගානකගෙ නිරීක්ශණය කල්ල ඒව මොලේ වෙනස්වීම නිසාමයි වෙන්නෙ කියල පැහැදිලි කරනව.

    me : මේ කොටසෙන් මේක උනා කියන්න තරම් තාම දියුනු නෑ නිරෝන කනෙක්ශන් ප්‍රමාණය බිලියන 100කටත් වැඩි, නමුත් වෙන්නෙ මේ කොටසින් කියලා ඔප්පු කරන් ඒවට බෙහෙතුත් කරන්න පටන් අරන් ඉවරයි ( අනිවර්යෙන් දන්න උදාහරනෙ තමා පිස්සන්ට ඔලුවට කරන්ට් එක අල්ලනව කියන්නෙ )

    whitewalker : ඒත් මොලෙන් කර්මය කර්මඵලය පැහැදිලි කරන්න බෑ. කර්මය විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නිසා (යම් තාක් දුරකට පැවතිය හැකියි කියල පෙන්නුවත්)

    me : හැමදෙයක්ම විද්‍යාවෙන් කියන්න බෑ තමා, ලොජිකලි වත් කියන්න පුලුවන් නම් ඒ ඇති එහෙමත් බැරි එකනෙ වැඩේ

    whitewalker : මොලේ කියන ප්‍රවාදය අසාර්ථක වෙන තැනක් විද්‍යාවට හොයාගන්න බෑ. කර්මයක් සිද්ද වෙන්න චේතනාවක් පහල වෙන්න ඕනෙ. චේතනා පහල වෙන්න මූලික වෙන්නෙ හිත මිසක් මොලය නෙමේ. ඉතිං කෘතිම බුද්ධියකට හිතක් තියෙනවද නැද්ද කියන එක මතයි ඒකට පව් සිද්ද වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඉතිං ලොකුම ප්‍රශ්නෙ කෘතිම බුද්ධියකට හිතක් තියෙයිද කියන එක.

    me : චේතනාව = සිතුවිල්ල = සිතුවිලි කියන්නෙ නියුරෝන අතර ඇතිවෙන පල්සස් :P

    whitewalker : අනික බුද්ධාගමේ කොහෙවත් කියල නෑ ජීවියෙක් (විද්‍යාවෙ කියන ජීවිය නෙමේ විද්‍යාවට ගසුත් ජීවීන් බුද්ධාගමට ගස් ජීවීන් නෙමේ) ඇතිවෙන්න මව පියා එකතු වීම අනිවාර්යයි කියල. එහෙම වෙන්නෙ බිත්තරේකිං හෝ ගර්භාශෙක ඇතිවෙන ජීවියෙක්ට විතරයි. මවක් පියෙක් නැතුව ඕපපාතිකව බිහිවෙන ජීවීන් බුද්ධාගමේ ඉන්නව දෙවියො බ්‍රහ්මයො ප්‍රේතයො වගේ. තව සංසේදජ කියල ක්‍රමේකටත් ජීවීන් බිහිවෙන්න පුලුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් කල්ල හදන කෘතිම බුද්ධිය බුදු දහමේ හැටියට ජීවියෙක් වුනොත් (හිතක් ඇතිවුනොත්) බොහෝ විට ඌ අයිති වෙන්නෙ සංසේදජ කියන වර්ගෙට.

    me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

    ituru tika ilanga reply eke
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    whitewalker : බුද්ධාගමේ ආත්මයක් නෑ ඒ වුනාට සම්මුති වශයෙන් භාවිතයේ පහසුව තකා ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් යන චිත්තක්ශන පරම්පරාවට ආත්මය කියල ව්‍යවහාර කරමුකො. මිනිස්සු මැරුනත් මේ ආත්මය ඉතුරු වෙනව. ඒක තමා අපි ආයෙ ගිහිං ඉපදෙන්නෙ අපිට කර්මය පල දෙන්නෙ අපි කර්ම කරන්නෙ.

    me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

    whitewalker : ඉතිං මේ ආත්මෙකට ඇවිත් හේත්තු වෙන්න ඕනෙ අවශ්‍යතා කෘතිම බුද්ධීයෙන් ඇති කරන කෘතිම consciousness එක තෘප්ත කලොත් කෘතිම බුද්ධියටත් ආත්මයක් ආවෑකි. එතකොට ඒකට කලින් කරපු කර්ම බලපායි ඌ කරන දේවල් වලිං කර්ම රැස් කරයි. එහෙම එන්න අවශ්‍යතා සැපිරුවෙ නැත්තං ඒක නිකංම උගෙ තියෙන කෘතිම ගණනය කිරීම් වලිං ගන්න තීරණයක් නිසා සිද්ධ වෙච්ච තවත් එක සිදුවීමක් විතරයි.

    me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

    whitewalker : ස්වභාවික උදාහරෙණකට අපි සතෙක් මැරුවොත් අපි කර්මය රැස් කරනව ඒක් බාඳුරා මලක් සත්තු මැරුවට ඒකට කර්මයක් සිද්ද වෙන්නෑ ආත්මයක් නැති නිසා. ඒක නිකංම ඒ ගහේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරයි.

    me : ඔය කියන විදිහට මලට ආත්මයක් තියෙනවා කියන්න පුලුවන්නෙ, ඒකට කතා කරන්න බැරුවද දන්නෙ නෑනෙ ඉන්නෙ
    මෙහෙම කිව්වම ගේනවා සතෙක් වෙන්න ඔනි නම් තියෙන්න ඕනි කිව්ව පොයින්ට් ටික, එකෙ හැටියට ඇස් පේන්නෙ නැත්නම් සතෙක් නෙමේ

    අපෙ මේ වෙන්නෙත් ගහේ වගේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරනම්ම්ම්ම්ම්ම්ම් ?

    whitewalker : ඊලඟ ලොකුම ප්‍රශ්නෙ කොහොමද කෘතිම බුද්ධිය කර්ම රැස් කරනවද නැද්ද කියල දැනගන්නෙ කියන එක. ඒක ඉතිං විද්‍යාවට (බටහිර කියන්න එපා කිව්ව නිසා කිව්වෙ නෑ :sorry: :sorry:) දැනගන්න ක්‍රමයක් නෑ. කර්මය කියන්නෙ විද්‍යාවෙ ගුරුත්වාකර්ශනය අරක මේක වගේ කරපුවට පලදෙන එක තීරණය කරන්න බුදුන් වහන්සේ හෝ ඊටත් පෙර කර්මය ගැන දේශනා කරපු අනික් ශාස්තෘවරු හදපු ප්‍රවාදයක් නෙමේ.

    me : ඔබට දැනගන්න ක්‍රමයකුත් නෑනෙ, මෙහෙම වෙනවයි කියල අහල තියෙනවා කියෝල තියෙනවා විතරයි
    ගුරුත්වාකර්ශය ඔප්පු කරන්න කිව්වොත් බඩුවක් බිමට දානව, ඔන්න වැටුන වැටුනෙ ඇදෙන නිසා බිමට මේ ග්‍රැවිටෝන්ස් නිසා කිව්වයි කියමුකො
    දැන් මන් අහනව ඔන්න මේ මිනිහ මැරුන දැන් කොහෙ හරි ඉපදුනා කියන්නෙ කොහොමද කියල, එතකොට මට ඒක ප්‍රත්ය කරන්නෙ කොහොමද ? ( අර පොතේ තිබ්බ නොකිය )

    whitewalker : ඒ සංස්කෘතීන් වලයි අද බටහිර සංස්කෘතියෙයි දැනුම නිර්මාණය කලේ ක්‍රම දෙකකට. බටහිර කරන්නෙ ප්‍රවාදයක් හදල ඒකෙන් ස්වභාවිකව වෙන සංසිද්ධි පැහැදිලි කල හැකිද බලල ඒකෙන් දිගටම අලුත් ඊට වඩා හොඳ එකක් හදනකං සිදුවීම් පුරෝකථනය කිරීම.

    me : ඔව් විද්‍යාව හැමදාම ඉස්සරහට යන එකක්, අලුතෙන් දෙ හොයාගන්න හොයාගන්න තව තව දියුනු වෙනවා

    මේ සිද්දිය වෙන්නෙ කොහොමද කියල හොයාගන්න බෑ ( එක්ස් : බිග්බෑන්ග් ) එහෙනම් දෙය්යො තමා කරන්න ඇත්තෙ කියන්නෙ නෑ විද්යාව, දන්නෙ නැත්නම් දන්නෙ නෑ, ඔප්පු උනේ නැත්නම් තියරියක් විතර නම් අලුතෙන් ඉට වඩා හොඳ මොඩල් එකක් ආවම ඒක ඇප්ලයි කරගන්නවා නැතව මේක තමා එකම ඇත්ත කිය කිය ඉන්නෙ නෑ, ඉතින් ඒක හොඳ දෙයක් නෙමේද? එහෙම කියල හැම දෙයම බොරු වෙන්නෙ නෑනෙ, තෙල් කෑවම මහත් වෙනවා කියන එක, පෘතුවිය තැටියක් නෙමෙ කියල එක නෑ කියල ඔප්පු වෙයිද, නෑනෙ

    whitewalker : බුද්ධ කාලීන හා ඊට පෙර පෙරදිග දැනුම හැදුවෙ කෙලින්ම සෘජු ප්‍රත්‍යක්ශ වලිං. ඇස් පේන කෙනාට ඇස් නොපෙනෙන කෙනාට ගෝචර කරගන්න බැරි පාට වගේ කන් ඇහෙන කෙනාට කන් නෑහෙන කෙනාට ගෝචර කරගන්න බැරි ශබ්දය වගේ මනස දියුණු කල කෙනාට මනස දියුණු නොකල කෙනාට ගෝචර නොවෙන කර්මය කර්මඵලය වගේ දේවල් ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර වෙනව. අපි පාට දකිනව වගේ ඒ කෙනාට ජීවියෙක් දිහා මනසින් බලල හිතක් තියෙනද, කර්ම රැස් කරනවද, කර්ම ඵල දෙනවද, මොනාද රැස් කරන කර්ම, මොනාද පලදෙන කර්ම වගේ දේවල් ගෝචර වෙනව. ඉතිං කෘතිම බුද්ධියකට කර්ම රැස් වෙනවද කියල තීරණය කරන්න තියෙන ක්‍රමේ මනස දියුණු කල කෙනෙක් දියුණු කල මනසින් කෘතිම බුද්ධිය දිහා බලල හිත් කර්ම ඵල ක්‍රියාකරනවද කියල ගෝචර කරගැනීම විතරයි.

    me : මට ගෝචර වෙනවා නම් මිනිස්සු මැරිලා වලාකුලු වෙනවා කියල මම ඒක ඔයාට කියනව නම් මට ගෝචර වෙනවා ඒ නිසා පිලිගන්න කියල හරියන්නෙ නෑ, මන් ඒකට පොයින්ට් කියන්න ඕනි නැද්ද? නැතනම් මන් නොකියම ඉන්න ඕනි

    whitewalker : තව ඉතිං විද්‍යාවෙ (බටහිර කියන්න එපා කිව්ව හින්ද කිව්වෙ නෑ :sorry: :sorry:) සංඛ්‍යානය පාවිච්චි කරල තීරණ ගන්න ක්‍රමේට ගියොත් අපිට පුලුවන් කෘතිම බුද්ධියට සත්තුන්ට හානි කරන්න පුලුවන් රොබෝ අත් වගේ සෙට් කල්ල ඌ ලව්වා සත්තුන්ට හානි කල්ල ඒ හානි වලට අනුරූප වෙන විදිහට කෘතිම බුද්ධියටත් මොනා හරි අපහසුතා විඳින්න වෙනවද කියල බලන්න. ඒත් ඉතිං කර්ම රැස් කරනවනං ඵල දෙන්න සමහර විට අවුරුදු ලක්ශ ගානක් යන්නත් පුලුවන් නිසා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි :no: :no:

    me : ගැහුව නිසා එක ඔෆ් උනා කියන්න පුලුවන්, නැත්නම් ලයිට් ගිය නිසා ඔෆ් උන වෙන්නත් පුලුවන්, කර්මය නිසාමයි උනේ කියන්නෙ කොහොමෙයි?

    මම කියනෙන් අනෙ කර්මය නෑ කියල ,මම අහන්නෙ තියෙනවා නම් තියෙනව කියන්නෙ කොහොඅම්ද?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113

    :)

    රත්තරං;21306674 said:
    උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ:eek:

    :yes::yes:

    ප්‍රත්‍ය වෙන්නෙ නෑ ඒ නිසා පිලිගන්න කියන්න බෑ, එතකොට අන්ඳ භක්තිය
    ප්‍රත්‍ය කරගන්න ඔනි, නැතුව පිලිගන්න එපා කියල නේද කියල තියෙන්නෙ කවුරුත් කිව්වට හෝ කියෙව්වට
    විඥ්ඥානය කියන්නෙ සිතනෙ, සිත කෘතිමව නිර්මානය උන කාලෙක ( සිත කියන්නෙ මොලයට )
    විඥ්ඥානය කියන්නෙ සිත නෙමේ නම් එහෙම එකක් තියෙ කියල ඔප්පු කරන්න, මම කියන්නෙ එහෙම වෙනම එකක් නෑ කියල
    කවුරු හරි තියෙ කියනව නම් එක ඔප්පු කරන්න ( විද්‍යාත්මකව නෙමේ , ලොජිකලි වත් ) පුලුවන් වෙන්න එපෙයෙ
    නෑ කියල ඔප්පු කරන්න කියන්න එපා, මට අඟහරු වටෙ කැරකෙම තේ පෝච්චියක් නෑ කියල ඔප්පු කරන්න බෑනෙ, හැබැයි ඔයා එහෙම එකක් තියෙනවා කියනවා නම් තියෙනවා කියල ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි

    සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.

    බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.

    මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?

    සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.

    උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    කෘතිම බුද්ධිය ජීවියෙක් නෙමේ.
    කෘතිම බුද්ධියකට පින පව නෑ.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ruchira55 : සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.

    me : එතකොට අන්ඳ භක්තියෙක් ඔක්කොම පිලිගත්තම හරි?
    බැරි වෙලා හරි පොත් වල ලියන්න කලින් කටින් කට එද්දි එකතු උන එකක් තිබ්බ නම්?

    ruchira55 : බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.

    මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?

    me : විද්‍යාව ඉස්සරහ්ට ගිය නිසා තමා අපි මේව ගැන ඉගෙන ගන්නෙ, මිනිස්සු නොමැරි ඉන්නෙ, අපිට අසාදාරනයට විරුද්දව කතා කරන්න තියෙන මානව හිමිකම් කියල එකක් තියෙන්නෙ ඇයි, විද්‍යාව ( විද්යාව කිව්වම ඉලෙක්ට්‍රොනික් කියල හිතන්න එපා ඉතින් ) මේ හැමදෙම මෙච්චර ලේසි වෙලා අපි මෙහෙම හරි ඉන්නෙ විද්යාව පස්සෙ දුවන්න එකෙක් හරි ඉන්න නිසා තමා, ඉස්සර දෙය්යන්ගෙ ලෙඩ කියල මරුන එකාලව අද ගොඩ දාන්නෙ විද්යාව නිසා තමා..නැතුව කොල අතු ඇඳන් හොය්ය හොය්යා ගගා හිටිය නම් අපි කොහෙ ඉඳිද?

    ruchira55 : සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.

    උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන

    me : අල්ලල බලන්න දෙයක් නෑ

    අහසින් වතුර එන්නෙ දෙය්යො චූ කරන නිසා නෙමේ ජල වාශ්ප උඩට ගිහින් කියල ඔප්පු කරද්දි නෑ නෑ දෙය්යො නිසා තමා කියන්න බෑනෙ

    සිතුවිලි කියන්නෙ නියුරෝන පල්සස් කියද්දි ආයෙ විඥ්ඥානය ඒක වෙනම තියෙන එකක් කියන්නත් බෑනෙද?

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    me : එහෙම නෙමේ වෙන්නෙ මතකය, සිතුවිලි හටගන්නෙ නියුරෝන වල ඇති වෙන පල්ස් එක මත, මොලයේ සමහර නියුරෝන වලට හානි උනාම සමහර දෙවල් හිතන්න බැරි, මතකය අඩු වෙන්නෙ, නැති වෙන්නෙ ඒකයි, ඒ නැතුව සිතුවිලි වලට සාපෙක්ශව මොලයේ වෙනස් කම් වෙනවා නෙමේ

    මොලය කියන්නෙ ශරීරයේ තියෙන ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය අංගයක්. ඉතිං ඒ කොටස් නැතුව ඒ කොටස් වලට අදාල දේවල් හිතන්න බෑ තමා. සිතුවිලි මොලයේ හටගත්තට ඒවා හටගන්න මූලික වෙන්නෙ හිත. මතකය කොහොමත් මොලයට තමා සම්බන්ධ. මෙතන වෙලා තියෙන්නෙ විද්‍යාවෙ සිතුවිලියි බුද්ධාගමේ චිත්ත/චිත්තක්ශණ දෙක පටලෝගෙන. දෙක දෙකක්. මොලේ ඇතිවෙන සිතුවිලි වලට හිතේ ඇතිවෙන චිත්තයන් බලපානව කියලයි කිව්වෙ.

    me : මේ කොටසෙන් මේක උනා කියන්න තරම් තාම දියුනු නෑ නිරෝන කනෙක්ශන් ප්‍රමාණය බිලියන 100කටත් වැඩි, නමුත් වෙන්නෙ මේ කොටසින් කියලා ඔප්පු කරන් ඒවට බෙහෙතුත් කරන්න පටන් අරන් ඉවරයි ( අනිවර්යෙන් දන්න උදාහරනෙ තමා පිස්සන්ට ඔලුවට කරන්ට් එක අල්ලනව කියන්නෙ )

    ඔප්පු කලා නෙමේ නිගමනය කලා කියල කියන්න. හරියටම තේරුම ගත්තොත් අපිට සොබාදහමෙ තියෙන කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ. නිරීක්ශණ පරීක්ශණ මත පදනම් වෙලා නිගමන වලට එලඹෙන එක විතරයි කරන්න පුලුවන්. විද්‍යාවෙන් කල්ල තියෙන්නෙ වෙන්නෙ මේ කොටසින් කියල නිගමනය කල්ල විතරයි. එක්කෙනෙක්ට ක්‍රියාවක් කරන්න දීල බලනව මොලේ මොන කොටස් මොන විදිහටද ක්‍රියාකාරී වෙන්නෙ කියල. ඒකම තවත් පිරිසකට කල්ල බලනව ඒ ක්‍රියාවම කරද්දි ඒ කොටස් ඒ විදිහටම හෝ ඊට ආසන්න විදිහකට ක්‍රියාකාරී වෙනවද කියල. ඊට පස්සෙ ඒ කොටස් කෘතිමව ඒ විදිහට උත්තේජනය කරන්න පුලුවන්නං කල්ල බලනව අර ක්‍රියාව කරනවද කියල. ඒකෙන් නිගමනය කරනව අහවල් ක්‍රියාවට මොලයේ අහවල් ස්ථානය මූලික වෙනව කියල. මේක සෘජු ඔප්පු කිරීමක්ද ? නිරීක්ශණ යම්කිසි ප්‍රමාණයක් කල්ල රටාවක් නිරීක්ශණය කලා. ඒ රටාව උද්ගාමී තර්කයෙන් ( https://en.wikipedia.org/wiki/Inductive_reasoning ) සියල්ලන්ටම සියලූම අවස්ථා වල එසේ වේ කියල නිගමනය කරනව. පුලුවන්නම් "ඔප්පු කරනවා" කියන එක අර්ථ දක්වල ඉන්න. ඊට පස්සෙ බලන්න විද්‍යාව ඔය අර්ථ දැක්වීමෙ විදිහටද තීරණ ගන්නෙ කියල. විද්‍යාවෙ ඇති ඔප්පු කිරීමක් නෑ. සේරම තියෙන්නෙ සෘජු හෝ වක්‍ර නිරීක්ශණයි ඇතැම් විට ඒ අතර පරීක්ශණයි නිගමනයි විතරයි.

    me : හැමදෙයක්ම විද්‍යාවෙන් කියන්න බෑ තමා, ලොජිකලි වත් කියන්න පුලුවන් නම් ඒ ඇති එහෙමත් බැරි එකනෙ වැඩේ

    ලොජිකලි තමා උඩ කියපු ඔක්කොම කියල තියෙන්නෙ. නැතුව මට ප්‍රත්‍යක්ශ වෙච්ච නෙමේ.

    me : චේතනාව = සිතුවිල්ල = සිතුවිලි කියන්නෙ නියුරෝන අතර ඇතිවෙන පල්සස් :P

    නෑ.

    me : ඒතකොට සන්සාරෙ ඉඳන් අපු එකෙක් එකට එන්ටර් වෙනවද, ඒක ඕෆ් කලාම ඌ අයින් වෙලා යනවද? ඉට පස්සෙ එක ආයෙ ඔන් කලාම වෙන එකෙක් එන්ටර් වෙනවද?

    කලිං කිව්වෙ ඒක තමා. එන්ටර් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. එන්ටර් වුනොත් off කරද්දි අයිං වෙලා යන්නත් පුලුවන් ගිහිං වෙන එකෙක් එන්නත් පුලුවන්. ඒක හරියට දැනගන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට විතරයි.

    me : ඔය කියන විදිහට මලට ආත්මයක් තියෙනවා කියන්න පුලුවන්නෙ, ඒකට කතා කරන්න බැරුවද දන්නෙ නෑනෙ ඉන්නෙ
    මෙහෙම කිව්වම ගේනවා සතෙක් වෙන්න ඔනි නම් තියෙන්න ඕනි කිව්ව පොයින්ට් ටික, එකෙ හැටියට ඇස් පේන්නෙ නැත්නම් සතෙක් නෙමේ

    අපෙ මේ වෙන්නෙත් ගහේ වගේ තීරණ ගන්න හැදිල තියෙන පද්දතියෙන් කරන නිකංම නිකං ක්‍රියාවක් විතරනම්ම්ම්ම්ම්ම්ම් ?

    ඒක තමා බං කලිනුත් කිව්වෙ ආත්මය කියන එක තියේද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් ඒක ගෝචර වෙන්න මනස දියුණු කල අයෙකුට විතරයි. අපි කරන්නෙ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ටිකෙන් තර්කය පාවිච්චි කල්ල තීරණ ගැනීම විතරයි. අපිට මනස දියුණු කල කෙනෙක්ට මනසෙන් ගෝචර වෙන දේවල් ගෝචර වෙන්නෑ. ඉතිං අපි පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගන්න ටික අනුව බාඳුරා මලටත් ආත්මයක් තියෙනව දන්නෑනෙ කියන තර්කය ඉදිරිපත් කලෑකි. ඒත් එහෙම නැති බව මනස දියුණු කල කෙනාට මනසට ගෝචර වෙනව. උදා ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය :sorry: :sorry:

    me : ඔබට දැනගන්න ක්‍රමයකුත් නෑනෙ, මෙහෙම වෙනවයි කියල අහල තියෙනවා කියෝල තියෙනවා විතරයි
    ගුරුත්වාකර්ශය ඔප්පු කරන්න කිව්වොත් බඩුවක් බිමට දානව, ඔන්න වැටුන වැටුනෙ ඇදෙන නිසා බිමට මේ ග්‍රැවිටෝන්ස් නිසා කිව්වයි කියමුකො
    දැන් මන් අහනව ඔන්න මේ මිනිහ මැරුන දැන් කොහෙ හරි ඉපදුනා කියන්නෙ කොහොමද කියල, එතකොට මට ඒක ප්‍රත්ය කරන්නෙ කොහොමද ? ( අර පොතේ තිබ්බ නොකිය )

    හම්මේ ගුරුත්වාකර්ශණය ගැන නං කියන්න ගොඩාක් දේවල් තියෙනව ඒව මේකට අදාල නැති හින්ද නිකං ඉන්නව :baffled: :baffled:
    හරි ඒක එහෙම දැනගන්න පුලුවන් කියමුකො. ඉතිං මැරුණ කෙනා ඉපදෙන එක, කර්ම රැස් කරන එක, කර්ම ඵල දෙන එක, චිත්තයන්ගේ ඇතිවීම මේ සේරම මනස දියුණු කල්ල දැනගන්න පුලුවන්. මනස දියුණු කලාම ප්‍රත්‍යක්ෂ වෙනව. ඒකට තමා භාවනාව තියෙන්නෙ. බුද්ධාගම නැතත් තවත් ඕනෙ තරම් ආගම් වල මනස දියුණු කරන විදිහ කියල තියෙනව.

    me : ඔව් විද්‍යාව හැමදාම ඉස්සරහට යන එකක්, අලුතෙන් දෙ හොයාගන්න හොයාගන්න තව තව දියුනු වෙනවා

    මේ සිද්දිය වෙන්නෙ කොහොමද කියල හොයාගන්න බෑ ( එක්ස් : බිග්බෑන්ග් ) එහෙනම් දෙය්යො තමා කරන්න ඇත්තෙ කියන්නෙ නෑ විද්යාව, දන්නෙ නැත්නම් දන්නෙ නෑ, ඔප්පු උනේ නැත්නම් තියරියක් විතර නම් අලුතෙන් ඉට වඩා හොඳ මොඩල් එකක් ආවම ඒක ඇප්ලයි කරගන්නවා නැතව මේක තමා එකම ඇත්ත කිය කිය ඉන්නෙ නෑ, ඉතින් ඒක හොඳ දෙයක් නෙමේද? එහෙම කියල හැම දෙයම බොරු වෙන්නෙ නෑනෙ, තෙල් කෑවම මහත් වෙනවා කියන එක, පෘතුවිය තැටියක් නෙමෙ කියල එක නෑ කියල ඔප්පු වෙයිද, නෑනෙ

    විද්‍යාවෙ කරන්නෙ අලුතෙන් දේ හොයාගන්න හොයාගන්න දියුණු වෙන එක නෙමේ. කවුරු හරි වෙනස් විදිහකට හිතල හරය වෙනස් කරනව. උදා: නිව්ටන් කාලය නිරපේක්ශයි කියල ගනිද්දි අයින්ස්ටයින් ආලෝකයේ වේගය නිරපේක්ශයි කියල ගත්ත. ඉතිං වෙනස් කරපු හරය මත පදනම් වෙලා ඒකෙන් ප්‍රතිඵල අපෝහනය කරනව.ඊට පස්සෙ ඒව පරීක්ශා කල්ල ආසන්න වශයෙන් නිවැරදි ප්‍රතිඵල එනවද කියල බලනව එනවනං ඒක තමා ඇත්ත. වැරදි නං පැලැස්තර විසඳුම් ඉදිරිපත් කර කර ඉඳල ආයෙ තව කාලයක් ගිහිං තව කවුරු හරි ආයෙ හරය වෙනස් කරනව. ඊට පස්සෙ කලිං වගේම ඒකත් පරීක්ශණ කල්ල බලනව ආසන්න වශයෙන් හරිද කියල ඊට පස්සෙ ඒක තමා ඇත්ත. විද්‍යාවෙන් පැහැදිලි කල හැකි නොහැකි දේ තීරණය වෙන්නෙ ඔය හරය, මූලික උපකල්පනය මත. මනස දියුණු කල්ල දියුණු කල මනසින් ගෝචර කරගත්තු දෙයක් පදනම් කරගෙන හදන මොඩලයකට හැර දැන් යන ප්‍රවාහයේ විදිහට හදන කිසිම විද්‍යාත්මක මොඩලයකට කවදාවත් කර්මය,කර්මඵලය,සංසාරය ඔප්පු කරන්න බෑ.

    me : මට ගෝචර වෙනවා නම් මිනිස්සු මැරිලා වලාකුලු වෙනවා කියල මම ඒක ඔයාට කියනව නම් මට ගෝචර වෙනවා ඒ නිසා පිලිගන්න කියල හරියන්නෙ නෑ, මන් ඒකට පොයින්ට් කියන්න ඕනි නැද්ද? නැතනම් මන් නොකියම ඉන්න ඕනි

    ඉතිං පොයින්ට් එකට තමා බුදු දහමෙ කියල තියෙන්නෙ. කොහෙවත් පරස්පර විරෝධී තැනක් එහෙම තියෙනවද බලන්නකො. ගෝචර වුන දේ, ඒව ගෝචර කරගන්න විදිහ සේරම කියල තියෙන්නෙ. කරන්න තියෙන්නෙ ඒ කියල තියෙන විදිහට මනස දියුණු කල්ල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න එක විතරයි.

    me : ගැහුව නිසා එක ඔෆ් උනා කියන්න පුලුවන්, නැත්නම් ලයිට් ගිය නිසා ඔෆ් උන වෙන්නත් පුලුවන්, කර්මය නිසාමයි උනේ කියන්නෙ කොහොමෙයි?

    මම කියනෙන් අනෙ කර්මය නෑ කියල ,මම අහන්නෙ තියෙනවා නම් තියෙනව කියන්නෙ කොහොඅම්ද?

    ඒක තමා කිව්වෙ ඒක සාර්ථක ක්‍රමයක් නෙමේ කියල. සාර්ථක එකම ක්‍රමය මනස දියුණු කල්ල ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර කරගැනීම විතරයි.
     
    • Like
    Reactions: thelaa rox

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    ruchira55 : සතර අචින්ත්‍ය ධර්මයන් සෘද්ධි විෂය, බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය සාමාන්‍ය මිනිස් හිතකට ගෝචර වෙන්නේ නෑ බන්.

    me : එතකොට අන්ඳ භක්තියෙක් ඔක්කොම පිලිගත්තම හරි?
    බැරි වෙලා හරි පොත් වල ලියන්න කලින් කටින් කට එද්දි එකතු උන එකක් තිබ්බ නම්?

    ruchira55 : බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය ධර්මයක් වෙන බුද්ධ විෂය පවා බුදු කෙනෙකුගේ ජීවිත කාලයේ හිතලා නිමකරන්න බෑලු.

    මුගලන් මහරහතන් වහන්සේ පවා දවස් ගානක් තිස්සෙ ලෝකෙ කෙලවර හොයන්න ගිහින් අතරමං උනාම බුදුහාමුදුරුවො එක ක්ෂනයකින් මුගලන් මහරහහන්වහන්සේව තමන් ලඟට ගෙන්න ගත්තලුනේ. අපේ විද්‍යාඥයෝ ග්‍රහාලෝක එක දෙක හොයාගන්නවා. කීයක් නම් තව හොයාගන්න තියේවිද? ඔය අචින්ත්‍ය විෂයන් ගැන වැඩිය හිතන්න එපා කියලා බුදු රජාණන්වහන්සේම දේශනාකරලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ අපිට ප්‍රත්‍ය කරගන්න හිතන්න නැවත නැවත හිතන්න කියලා දේශනාකරපු දේවල් අපි සතපහකට වත් ගනන් ගන්නේ නෑනේද? අපි අර එපා කියපු දේ පස්සේම නේද දුවන්නේ. අපේ හිත ඇලෙන්නෙම අර එපා කියපු දේටම නේද?

    me : විද්‍යාව ඉස්සරහ්ට ගිය නිසා තමා අපි මේව ගැන ඉගෙන ගන්නෙ, මිනිස්සු නොමැරි ඉන්නෙ, අපිට අසාදාරනයට විරුද්දව කතා කරන්න තියෙන මානව හිමිකම් කියල එකක් තියෙන්නෙ ඇයි, විද්‍යාව ( විද්යාව කිව්වම ඉලෙක්ට්‍රොනික් කියල හිතන්න එපා ඉතින් ) මේ හැමදෙම මෙච්චර ලේසි වෙලා අපි මෙහෙම හරි ඉන්නෙ විද්යාව පස්සෙ දුවන්න එකෙක් හරි ඉන්න නිසා තමා, ඉස්සර දෙය්යන්ගෙ ලෙඩ කියල මරුන එකාලව අද ගොඩ දාන්නෙ විද්යාව නිසා තමා..නැතුව කොල අතු ඇඳන් හොය්ය හොය්යා ගගා හිටිය නම් අපි කොහෙ ඉඳිද?

    ruchira55 : සිත කියන්නෙ මොළය නෙවෙයි. විඥ්ඥානය ලේ ධාතුව ඇසුරු කරගෙන ඇති වෙවී නැති වෙන දෙයක්.

    උබ කියන්නේ විඥ්ඥානය කියල දෙයක් නෑ කියලද? අතින් අල්ලලා මෙන්න මේකයි කියලා කියන්න බැරි බව ඇත්ත. සාමාන්‍ය මස් ඇහැකට දකින්න බැරි උනා කියලා එහෙම එකක් නෑයි කියලා හිතන එක හරි නෑනේද? අද විද්‍යාඥයන්ට ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විඥ්ඥානය. කරන තරමක් පරීක්ෂන කරන්නේ ඕක ගැන තමයි. අලුතෙන් එන චිත්‍රපටි වලට පවා පාවිච්චි කරන්න අරගෙන

    me : අල්ලල බලන්න දෙයක් නෑ

    අහසින් වතුර එන්නෙ දෙය්යො චූ කරන නිසා නෙමේ ජල වාශ්ප උඩට ගිහින් කියල ඔප්පු කරද්දි නෑ නෑ දෙය්යො නිසා තමා කියන්න බෑනෙ

    සිතුවිලි කියන්නෙ නියුරෝන පල්සස් කියද්දි ආයෙ විඥ්ඥානය ඒක වෙනම තියෙන එකක් කියන්නත් බෑනෙද?

    මචන් මම විද්‍යාව බොරුයි කිව්වේ නෑ. ඔය විද්‍යාව කියනදේ කලින් හොයා ගත්තු දෙයක් කපලා කොටලා එකතු කරලා දවසින් දවස වැඩි දියුනු වෙවී යන දෙයක් මිස මෙන්න මේකයි විද්‍යාව කියලා ඇඟිල්ල දික් කරලා අපිට කියන්න බෑනේ. අදට තියෙන විද්‍යා දැනුමෙන් පෘතුවිය වගේ ග්‍රහයෙක් අපි හොයාගත්තා කියමුකෝ, තව අවුරුද්දකින් ඒක තවත් ලොකු ග්‍රහයෙක්ගෙ චන්ද්‍රයෙක් වෙන්න පුලුවන් නේද. උබෙ වැස්සෙ කතාව උදාහරනයකට ගත්තොත්, ඉස්සර හිටපු මිනිස්සු වහඉනකොට දෙයියන්ගේ චූ කියලා ගෙවල් ඇතුලට යන්න ඇති. එහෙම නැත්නම් දෙයියන්ගේ කඳුලු කියලා කැමැත්තෙන්ම තෙමෙන්නත් ඇති. පස්සෙ පස්සෙ මුහුදෙන් වතුර එහෙම අදිනව දකිද්දි, "ආ මේ මුහුදෙන් ඇදලා දෙන වතුරනේ කියලා හිතන්න ඇති" ඊට පස්සේ ඉතින් දියුනු වෙද්දි, මුහුදෙන් අරගෙනම විතරක් නෙවෙයි, වහින්න තව හේතුත් තියෙනවා ඒකට ඉතින් වාෂ්පීකරනය වගේ බරවචන පස්සෙ එකතු වෙන්න ඇති. හිම වැටෙන රටවල් වල මිනිස්සු දෙයියන්ගෙ මොනවා කියලා හිතන්න ඇතිද? කාලයත් එක්ක හිම වෙන්නේ ඇයි කියලත් මිනිස්සු හොයාගත්තා. එදා පවතුන විද්‍යාවෙන් හිතපු නිසා ගැලිලියෝ ගැලලිට පවා අසාධාරනකම් උනා. අවුරුදු ගානකට පස්සේ සමාව ගත්තා. අපි අද දන්න දේ දියුනු උනේ පොඩ්ඩ පොඩ්ඩ මිසක් එක පාරටම නෙවෙයි. වර්ථමාන විද්‍යාවෙන් හොයානොගත්තු නිසා අපි ප්‍රතික්ෂේප කරන, අභියෝග කරන දේවල සමහරවිට තව අවුරුදු 10කින්, 50කින්, 100කින්, 1000කින් ඔප්පුවෙවි, සමහරවිට කවදාවත් ඔප්පු කරගන්න බැරි වේවි.
     
    • Like
    Reactions: GadgetPodda

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය :sorry: :sorry:
     
    • Like
    Reactions: ruchira55

    සැර වැඩිද මන්දා :dull::dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්.
    :no: Doing the same thing but expecting a different result is the definition of insanity.
     
    • Like
    Reactions: WhiteWalker

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෘතිම බුද්ධිය කියන්නෙ බොරුවක් බං.. ඕකට ඇති බුද්ධියක් නෑ :lol:
    කෘතිම බුද්ධියට මමයි කියල හැඟීමක් (විඥානයක්) නෑ
    සයිෆයි චිත්‍රපටිවල වගේ රොබෝල හදන්ඩ බෑ.. එයාලට මම කියල සිතුවිල්ලක් නෑ.. අහක ඉඳං බලන් ඉන්න අපිට තමා රොබෝව එහෙම පේන්නෙ..
    ඉන්පුට් අනුව අවුට්පුට් එකක් විතරයි දෙන්නෙ.. නිකම්ම automated
    කෘතිම බුද්ධිය කියල අලුතින් ඇවිල්ල තියෙන්නෙ ස්වයං ඉගෙනගැනීමට වෙන්ඩ ඕන. ඒකට අවශ්‍ය පිලිවෙලත් අපිම තමා ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මිනිස් මොළේ වගේ සංකීර්ණ ජාලයක් තියෙන රොබේවෙකුට මිනිහෙක් ආවේස වුණ දාට ඔය කතාව කියන්ඩ පුලුවන් ;)