කෘතිම බුද්ධිය යොදාගෙන කරණීය මෙත්ත සූත්‍රය විකෘති කරලා

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇත්තටම ඇත්ත ගත්තො බුදුුුන් දෙසු දහම තමයි මේ විශ්වයේ තියෙන පරමසත්‍ය මිනිසා ඇතුලු හැම සතාම ඒ සත්‍යට යටයි
    බුදුහාමුදුරුවන් කියපු විදිහට ජීවත්වෙන්න බැරි එකනම් හරිම කනගාටුවක් ඒ වගේ ඒ දේශනාවක් විකෘති කිරිම විශාල පවක්.මේවා කිවාම සමහරු ටිපර් වෙනවා ඒ වුනාට මොන සෙල්ලම දැම්මත් ඒක තමයි එකම සත්‍ය.ඒ සත්‍යයෙන් පිට ගෙවන ජීවිතය ඇත්තටම මුලාවක්...
     
    • Love
    • Like
    Reactions: ElaBaba and elajani

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව කරන්න ඕන පිටරට එකෙක් දම්මලා මෝඩ මිට්ටෝ ලංකාවේ නීතියෙන් ලෝකේ පාලනය කරන හැටි බලන්න.
    කාලෙකට කලින් ජයමංගල ගීත ඔපෙරා ස්ටයිල එකට කිව්වා කිසි හෙනයක් නෑ.😁
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.

    අදාළ වීඩියෝව පිළිබඳව සොයා බලා එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/කෘතිම-බුද්ධිය-යොදාගෙන-කරණීය-මෙත්ත-සූත්‍රය-විකෘති-කරලා/11-410342
    දස පනත සහ අනෙක් හූකියන ඒවා විනාස කරන්න කාලෙ හරි