කෙටි කතාවකි..... ළමා දූෂකයන්ට එරෙහිව.

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කෙටි කතාවකි..... ළමා දූෂකයන්ට එරෙහිව.

    කෙටි කතාවකි..... ළමා දූෂකයන්ට එරෙහිව.
    සිද්ධිය : වුර්තියෙන් විශ්ව විද්යාරල ආචාර්ය වරියක් සිය දිවි නසා ගනී. සැබවින්ම ඇයට කිසිම කායික හෝ මූල්ය මය හේතුවක් මෙසේ කිරීමට නොවුන අතර මිය යන විට ආචාර්ය උපාධි අවසාන නිබන්ධනය අවසන් කරමින් සිට ඇත. සැමියාගේ අනියම් සම්බන්ධ කමකට ඇති වූ සිත් අමනාපය මෙයට හේතු වෙන්නට ඇතැයි ශ්රී ලංකා පොලිසිය මාධ්යො වෙත අදහස් දක්වමින් පවසාඇත......
    යටින් සටහන් වෙන්නේ මියගිය තැනැත්තියගේ සැමියා සියලුම මාධ්යෙ වෙත එවන ලද ලිපියයි.
    හිතවත් මාධ්යව වේදීන්වෙත,
    පසුගිය සතියේ වස පානය කිරීමෙන් මියගිය ආචාර්ය චමිලා එදිරිසිංහ මහත්මියගේ විවාහක සැමියාවෙමි. දයාන් එදිරිසිංහ වන මම වුර්තියෙන් ඉංජිනේරු වරයෙක්මි. ඔබ සියලු දෙනාම එකාවන්ව ඔබේ රාජකාරිය ඉටු කරමින් පොලිසිය සැකයක් ලෙස ඉදිරිපත් කළ කරුණක් එනම් මගේ බිරිඳ මියගියේ මා අනියම් සම්බන්ධ කමක් පැවැත්වූ නිසා හටගත් සිත්වේදනාව බව මුළුරටෙහිම ප්රමචාරයකළෙහිය. ඔබ එහිදී මෙහි සත්යක අසත්යැ කෙසේ වෙතත් බිරිය මළ කම්පනයෙන් සිටින මා ගැන තබා මගේ කුඩා පස් හැවිරිදි ළදරු දියණියට ඇතිවන හැගීම නොතකූහ. මේ ලියුම ලියන්නේ ඔබ ඉදිරියේ හෝ රට ඉදිරියේ නිර්දෝෂ වන අදහසින් නොවේ. අනුන්ගේ පුවත් මඩ විකුණා ජීවිකාව ගෙනයන ඔබ වැනි අමනුස්සයන් කෙරෙහි මගේකිසිම ගවුරවයක් නැත. නමුදු සමාජය විසින් මරණ දහස් ගණන් මගේ බිරිඳ ඇතුළු කාන්තාවන් වෙනුවෙනි. තවත් දහස් ගණන් ගැහැනුන් මගේ දයාබර බිරිඳ ලැබූ ඉරණමෙන් වලක්වනු පිණිසය.
    මිනිසෙකු ලෙස මට මෙලොව සියල්ලම අහිමි වී ඇත්තේය. මට පෙම්කල, මා පෙම්කල එකිනෙකා වෙනුවෙන් කොන්දේසි විරහිතව නැගීසිටි ගැහැණිය සදහටම මගෙන් වියෝ වී අවසන්ය. මට තවත් අහිමි වන්නට දෙයක් නොමැත.
    උසස් පෙළ සමත් වූ පසු විදේශ ගත වූ මම යලි පැමිණියේ අවුරුදු තිහේදී පමණය. චමිලාව මට හමුවුනේ යෝජනාවක් මාර්ගයෙනි. ඉතා උගත් ,දේපොලක් ඇති අහිංසක ගැහැණු ළමයෙක් වූ චමිලා මගේ හිත ගත්තාය. ඇයට කිසිම දිනක පෙම්වතෙක් නොසිටි බව දැනගත් මගේ සිතේ හටගත්තේ අප්රමසාදයකි. මන්ද යත් අවුරුදු 27 ක විශ්ව විද්යා්ල අධ්යාවපනය ලද කෙනෙකුට පෙම්වතෙක් නොසිටියා යන්න අසාමාන්ය් දෙයකි. “ලංකාවේ කෙල්ලොනේ බන් “කියමින් මගේ මිතුරෝ මා අස්වැසූහ.
    විවාහය දක්වා කිසිදිනක තනිව මා හමු වන්නට මැලි වූ හෙයින් මම ඇතැම් විට ඇය සමග කිපුනෙමි. ඇගේ මේ හැසිරීම ඇගේ වයසේ හැටියට ඉතාම බොළඳ විය. කෙසේ නමුත් විවාහය සිදුවුන දවසේ ඇයමට අත පවා අල්ලන්ට නොදුන්නාය. මේ ලෙස සති කීපයක් ගතවිය. අවසාන වශයෙන් දිනක් කෝප වුන මම ඇයට බැන වැදී “ අකමැති නම් අදම දික්කසාද වෙමු” යයි කීවෙමි.
    වඩාත් බියට පත් ඇය වෙවුලා ගියාය. මගේ දෙපා මුල වැඳ වැටුනාය. “ අනේ එහෙම කරන්න එපා... මට බයයි..බයයි කියමින් හඬා වැටුනාය. වැඩිහිටියෙක් වූ මට ඇය කෙරෙහි අනුකම්පාවක් මෙන්ම මේ ගැටළුව ස්වාමියෙක් මෙන් සානුකම්පිතව විසඳන්නට අවශ්යය බව පසක් විය. මම කෙමෙන් සුරතල් නැලවිලි වලින් ආදරයෙන් අයව සමීප කර ගත්තෙමි. අපට අඹුසැමි ඇසුරක් පවත්වන්නට මාස හයක් ගත විය. ඉක්බිති ඕ මට බෙහෙවින්ම සමීප වුවාය. අපේ දියණිය ඉපදී වසර දෙකකට පසු අප දෙදෙනා තනිව විවෙකයකට රට ගිය අවස්ථාවක ඕ ඉකි ගසමින් තමාගේ බාල කාලයේ අවුරුදු 13 දී ගෙදරට පැමිණි ශාන්තිකර්ම කරන යක්දෙස්සෙක් අතින් දූෂණය වූ බව මට හෙළි කලා. මේ කාලකන්නියා ගෙට ගත් දෙමාපියෝ ඔහුගේ අනුගාමිකයන් විය. පසුව සිද්ධිය දැනගන්නා විට ප්රසමාද වී ඇති අතර පොලිසියට යාමෙන් රටපුරාම ප්ර චලිත වී ඇගේම ගවුරවයට හානි වෙන බව කියා මෙය සිදු නොවූ ආකාරයට සිද්ධිය යට ගසා ඇත. මෙවැනි මන්ද බුද්ධික, දුෂ්ට පොලිසි, මාධ්යක සිටින රටක ඒ දෙමාපියන් හරි වන්නටද ඇත. .........
    නමුත් මෙය හදවතේ තද කරගෙන ලොකු වුන මගේ දයාබර බිරිඳ දරුණු ලෙස මානසික අවපීඩනයට ගොදුරුව සිටියාය. අප කොතරම් උගත් වුවත්, මිල මුදල් තිබුනත් මේ අඳුර අපේ ජීවිත වසා ගෙන පැතිරුණේය. ඇතැම් විට නිදියහනේ අයව නින්දෙන් තුරුල් කරගන්නා මට විඳින්නට ලැබෙන්නේ දරුණු අත්දැකීමකි. එනම් ඇය භීතියෙන් ලතෝනි දේ.... එපා, එපා...එපා............
    මම නැගිට විදුලි පහන් දල්වමි. ඇයට වතුර පොවමි.... හිස අතගාමි.... බොහෝ වෙලා සිඹිමි.... අතීතය ගෙවී ඇති බව කියමි..... මම සිටින බව කියමි...... යක් දෙස්සා අහුවුනොත් මරණ බවට පොරොන්දු වෙමි............... ඇය නිදයි. උදේට නැගිට වෙනදා මෙන් මට ආහාරපිළියෙළ කරයි... දරුවාගේ වැඩ කරයි....
    ඇතැම් විට නාට්ය ක බෙර හඬක් ඇසේ.. ඇය මේ වෙලාවට බය වුන කල්හි සිහි නැති වේ...... අප උත්සව වලට යාම සීමා කළෙමු. අර යක් දෙස්සා වැනි පෙනුමක් ඇත්තෙක් දුටුවොත් බය වේ.
    අප අතර ඇති අසීමිත ආදරය නිසා පවුල් ජීවිතය හොඳින් ගෙවුන බව කිව යුතුය. මගේ බිරිඳ මේ ලෝකයේ සිටින යහපත්ම කාන්තාවකි. මගේ සැප පහසුව සතුට තකා ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවුන දයාබර බිරිඳකි.
    ඇයගේ ආචාර්ය උපාධියේ නිබධනය කරමින් සිතියදී අධීක්ෂක මහාචාර්ය වරයා ( ඔහු....... විශ්වවිද්යලගේ ජෙෂ්ට මහාචාර්ය.................................. ) සාකච්චාවක මාර්ගයෙන් කාමරයට ගෙන්වාගෙන ඇයගේ අත් දෙක බලෙන් අල්ලා ඇත. තමාගේ නිබන්ධනය ( වසර තුනක වෙහෙස) කඩාකප්පල් වෙනු ඇතැයි සිතා ඇය බොහෝ බයෙන් සහ පිළිකුලෙන් අත අල්ලාගෙන ඉන්නට දී ඇත. මේ කජේන්ද්ර නාකියාගේ තම බලය පාවිච්චි කර සිදු කරන නාකි මනමාල කම මගේ අහිංසක බිරිඳට මහත් පීඩනයක් විය. මම ඇයට වෙන විශ්ව විද්යා ලයක රැකියාවක් සොයා ගන්නා ලෙසත් ආචාර්ය උපාධිය නවත්වන ලෙසත් නොයෙක් වර ඉල්ලුවෙමි. නමුත් එය කොතරම් අපරාධයක්ද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.
    මෙවැනි දේ මේ වනචර නාකියා විසින් උපාධි අපේක්ෂිකාවන් යොදාගෙන නිතරම කරන බව මට දැන ගන්නට ලැබිණ. නමුත් ඔවුන් සාමාන්යි නිරෝගී ගැහැණු නිසා ඔවුනට මෙය පහසු වන්නට ඇත. අවුන් මේ පිළිකුල නොතකන්නට ඇත....
    අවසාන වශයෙන් අසරණ ඇය පසුගිය සෙනසුරාදා මම ගෙදරින් පිට යන විට ඉදිරියට පැමිණ බොහෝ දයාවෙන් තදින් මාසිපගත් බව කිව යුතුය. ඉක්බිති ඕ මිනිත්තු කීපයක් මා දෙස බලා සිටියාය. රාජකාරිය ගැන කල්පනාවෙන් සිටි මම ඇගේ වෙනස නොතකුවෙමි. යලිත්ඇය පන පිටින් නොදැක්කෙමි......
    ඈ ඝාතනය කරනු ලැබුවේ, ඇගේ අහිංසක ජීවිතය හැම මොහොතක්ම විඳවීමක් කලේ අර කාලකන්ණි ළමා අපචාරකයා විසිනි. අපමේ පිළිබඳව කට පියාගෙන සිටියහොත් තවතවත් යක්දෙස්සන් දරුවන් තලා පෙලා පොඩිකර දමනු ඇති. තව තව මහාචාර්ය වසලයෝ ශිෂ්යාිවන්ගෙන් ලිංගික අල්ලස් ගනු ඇති...... තව තවත් චමිලලා දහස් ගණනක් මැරෙනු ඇති.... ඔබට මෙව්වා හොඳ පුවත් වන අතර මා වැනි වරදක් නොකළ මිනිසුන් තනි වෙනු ඇති. ඔබ වැනි මාධ්ය. මගින් සදාචාරය නොතකා ඔවුන්ගේ ආත්ම ගවුරවය බින්දුවට බස්සනු ඇති.
    ළමා අපචාර සාමාන්ය දේවල් ලෙස නීතිය සලකන මෙවැනි රටක් මගේ දුවට ආරක්ෂි්ත නැත. මම මට ඉතුරු එකම සම්පත වූ දරුවා රැගෙන ඔබ වැනි වාචාලයන්, ලිංගික අල්ලස් ගන්නවුන්, ළමා දූෂකයන්, නීතියේ නාමයෙන් මනුස්ස ජීවිත විනාශ කරන්නන් සිටින මේ දේශයෙන් පලා යමි. ඔව්. හැකිඉක්මනින්..........


    https://www.facebook.com/groups/thulawa/permalink/1259424720748222/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල බලල තියෙනවද කියන Mystic River ෆිල්ම් එක. එකේ තියෙනව පොඩි කාලේ අපචාරයකට ලක් වෙච්ච පොඩි කොල්ලෙක් ඒ සිද්දිය හින්ද මුන දෙන ගෑටලු. පොඩි ලමයි පරිස්සම් කරන්න ඔනේ. ඒ වගේ වෑරදි කරපු බල්ලන්ගේ කපල දාන්න ඔනේ.
    මහ ලොකු සදාචාරයක් තියෙන රටේ මේ වගේ දේවල් කොච්චර වෙන්වද? පොඩි ලමයින්ගේ අනාගතේ විනාස වෙනව
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    මචෝ පොඩි කාලේ අතවරයට ලක් උනාම

    ජීවිත් වෙන්න හරි අමාරුයි බන්
    2.gif
    2.gif
    ................

    experiance එකෙන් කියන්නේ................
     

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    මේ පෝස්ට් එක දැක්කම හිතට හරිම දුකයි. අලුතින් account 1 හදන් ආවෙ මේකෙ මාව පෞද්ගලිකව දන්න අය ඉන්න නිසයි. පුංචිකාලෙ ගැහැණු ළමයෙක්ගෙ ජීවිතේට ලැබෙන මේ වගේ අත්දැකීමක් එක්ක ජීවිතේ කොයි තරම් අමාරැ වෙනවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා. ආදරණීය ස්වාම්පුරැෂයෙක් මෙතන ඉදලත් මේ ජීවිතේ බේරගන්න බැරි උනා. මේ වගේ හිතන පිරිමි කොච්චර අඩුයිද? ඇයට ආදරේ කළෙත් මේ විපත කලෙත් පිරිමියෙක්. මගේ ජීවිතේ මමත් මේ කියන බය වේදනාව විදිනවා. කාටත් හොරෙන් අඩනවා වැලපෙනවා. නොතේරෙන පුංචි වයසක ඉස්සරහ තියෙන සම්පූර්ණ ජීවිතේ පවුකාරයෙක්ගෙ විනාඩි කිහිපයක ආසාවකට දියවෙලා යනවා.

    මේ එළකිරියට එන බහුතරයක් පිරිමි අය. දුවල ඉන්න තාත්තලත් සහෝදරියො ඉන්න සහෝදරයන්ටත් හිතන්න ආරක්ෂාව සපයන්න ඉඩක් ගැන මේ දෙන පණිවිඩය අරගන්න. ඒ වගේම ආදරණීය සහෝදරයන්ට කියන්න තියෙන්නෙ පුංචිම කාලයක ගතවෙන ආසාව ගැහැණු දරැවෙක්ගෙ ජීවිතයම වෙන බව මොහොතකට සිතන්න.
     
    Last edited:

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    ඈ ඝාතනය කරනු ලැබුවේ, ඇගේ අහිංසක ජීවිතය හැම මොහොතක්ම විඳවීමක් කලේ අර කාලකන්ණි ළමා අපචාරකයා විසිනි. අපමේ පිළිබඳව කට පියාගෙන සිටියහොත් තවතවත් යක්දෙස්සන් දරුවන් තලා පෙලා පොඩිකර දමනු ඇති. තව තව මහාචාර්ය වසලයෝ ශිෂ්යාිවන්ගෙන් ලිංගික අල්ලස් ගනු ඇති...... තව තවත් චමිලලා දහස් ගණනක් මැරෙනු ඇති.... ඔබට මෙව්වා හොඳ පුවත් වන අතර මා වැනි වරදක් නොකළ මිනිසුන් තනි වෙනු ඇති. ඔබ වැනි මාධ්ය. මගින් සදාචාරය නොතකා ඔවුන්ගේ ආත්ම ගවුරවය බින්දුවට බස්සනු ඇති.
    ළමා අපචාර සාමාන්ය දේවල් ලෙස නීතිය සලකන මෙවැනි රටක් මගේ දුවට ආරක්ෂි්ත නැත. :(:(:(
     
    • Like
    Reactions: richlife

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    මේ වගේ දෙයක් නැවතිල කියවල යන්න ඉන්නෙත් බොහොම ටික දෙනයි වගේ. ඔයාල ගොඩදෙනෙක් නොදකින ජීවිතයක ඇතුල්පැත්ත දකින්න එන්න කියල ආරාධනා කරනවා. මේ වගේ පණිවිඩයකින් තවත් එක පුංචි පැටියෙක්ගෙ හරි ජීවිතේට ආරක්ෂාවක් සැලසෙනව නම් ඒක හරිම වටිනවා. දකින්න හිතන්න ඔබේ සොයුරිය දියණිය රකින්න. සංවේදීවෙන ඔයාගෙ හිත මේ ලෝකෙට ගොඩාක් වටිනවා.
     
    • Like
    Reactions: DjAtrocity

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    ගෙදරට ආපු ගුරෙක් ඕක කරනකන් අම්මල තාත්තල පොල් ගෑවද ? :(

    සාම්ප්‍රදායික මේවගේ මතවල එල්ලිල ඉන්න කොච්චර මිනිස්සු දැනටත් ඉන්නවද? මේවගේ කපුවන්ට ලෙඩරෝග එක්කම දුවත් බාරදීල ගුරැකමෙන් ඒව හොදකරනකන් කියල වැදගෙන එළියට වෙලා අන්ධ විස්වාස වල ඉන්න අම්මලා තාමත් ගම්බදව ඉන්නවා. ගම්වල විතරක් නෙවෙයි. කොළඹ අවටත් හොයාගන්න බැරි නැහැ. දෙයක් උනාම ලැජ්ජාවට වහන් ඉන්නවා. ඒවට දඩුවම් නොකලම හෙට තවත් කෙනෙක්ටත් ඒකම වෙනවා.
     
    • Like
    Reactions: LazyLizard

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    in Sri lanka so called civic society is full of this kind of calamity .. Im not accusing whole society, but there are many hidden and pseudo personalities are having doubled face committing crimes
    Unless we uprooted them completely, this will continue
    Today its for others , tomorrow one of our dear once will get victim of these kind of inhuman acts
    Awareness among people with open mind would be a solution .. but when ? is a big question
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ළමා අපචාර වැඩියෙන්ම කරන්නේ ගාමන්ට් යන කෙල්ලොයි, මිනිහා රට ඉන්න ගෑණූයි, ඒවා ඉතින් වාර්තා වෙන්නේ නෑ මොකද සමාජය හිතන්නේ ගෑණියෙක් ඇවිත් බිජ්ජ ඇල්ලුවම ඒක ලක් එකක් කියලයි.

     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මහ ලොකු සදාචාරයක් තියෙන රටේ මේ වගේ දේවල් කොච්චර වෙන්වද? පොඩි ලමයින්ගේ අනාගතේ විනාස වෙනව:angry::angry: