කෙටි නාට්‍යයකට ලීවෙමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කෙටි නාට්‍යයකට ලීවෙමි


කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ ‍විභාගයකට අයත් වේදිකා නාට්‍යයකට(කෙටි නාට්‍යයකට) රචනා කර දුන් ගීතයකි

තත් පිරිමදිනා රැයේ උදාවෙන
අපේ හීන් හඬ මතකද වෙව්ලුව
ගිරිහෙල් පිසගෙන එන මදනල මැද
උරදුන් පදවැල් මතකද සෙනෙහින

කිකිණි හඬට පෙම් ගී වැල් මැවුණද
පිපුණු කුසුම් පෙති අපටම අහිමිද
නැගුණු බිඟුන් රැළ තොල්පෙති නැගුවද
සිතුණු සිතුම් පොදි ගීයක් පමණිද

සීත මිදුමෙත් උණුසුම් වූ අපි
මීවිතකින් තුටු නොවුණා නම් නිති
පුංචි හීන පොදි තුරුළු කරන් රිසි
සමරමුදෝ එක් කුසුමක වී පෙති

ගී පද රචනය - මාලන් විදානපතිරණ

(කියන්න බලන්න එහෙනම් හොඳද කියලා
)
 
  • Like
Reactions: Agree to Disagree

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බොහොම ස්තුතියි. කතාවේ හැටියට කාලයක් තිස්සේ එකම සංගීත කණ්ඩායමක ජීවිතය ගෙවපු තරුණයෙක් සහ තරුණීයකගේ වෙන්වන මොහොතක් ගැන;);)
ලස්සනයි. සරලයි.
කවුරු ගැනද මේ කියන්නේ?
 
May 28, 2015
377
67
0
බොහොම ස්තුතියි. කතාවේ හැටියට කාලයක් තිස්සේ එකම සංගීත කණ්ඩායමක ජීවිතය ගෙවපු තරුණයෙක් සහ තරුණීයකගේ වෙන්වන මොහොතක් ගැන;);)
එළ කිරි !!!:love::love::love: Good Luck!!!