කෙරෙපකුපායි වීනා mona /-/*/-/
මනබඳිනා සුන්දරත්වයක් හිමි ලොව උසම දියඇල්ල ඒන්ජල් ය. එහි සම්පූර්ණ උස අඩි 3212 (මීටර් 979) කි. දියඇල්ල පහළට ඇදහැලෙන බෑවුමේ උස ගතහොත් එය අඩි 2648 (මීටර් 807) ක් වේ. මෙය පිහිටා ඇත්තේ වෙනිසුවෙලාවේ බොලිවර් ප්‍රාන්තයේ ග්‍රෑන් සබානා පළාතේ පිහිටි කනයිමා ජාතික උද්‍යානයේ ය.
පළමුවෙන් ම මේ දියඇල්ල සොයාගෙන ඇත්තේ අර්නස්ටෝ ඩී සැන්ටා කෘස් නමැති පුද්ගලයා විසිනි. එහෙත් මෙය සොයා ගැනීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රචලිත කතාව වන්නේ ගුවන් නියමුවෙකු වූ ජිමී ඒන්ජල් විසින් 1937 දී පළමුවරට මෙය දැක ඇති බවට වූ කතාවයි.
ඝන වනාන්තරයක් මධ්‍යයේ පිහිටා තිබෙන මෙම ඒන්ජල් දිය ඇල්ල නයගරා දිය ඇල්ල මෙන් පහළොස් වාරයක් උසින් වැඩි ය. ලෝකයේ උසින් වැඩිම දිය ඇල්ල මෙන්ම ඉතා මෑතදීම සොයාගත් දිය ඇල්ලක් ලෙස ඒන්ජල් වාර්තාවක් පිහිටුවා තිබේ.
ජේම්ස් ඒන්ජල් ‘රන්නිධි’ සොයමින් මධ්‍යම සහ දකුණු අමෙරිකාව පුරා පියාසර කළේ ය. Auyan – tepui වනාන්තරයට ඉහළින් තවත් සහකරුවෙකු සමග ගුවන්ගත ව සිටින විට අහම්බෙන් මෙම දිය ඇල්ල ඇස ගැටී ඇත. ඒ 1937 වසරේ දී ය.
ඔවුන් ඒ ආසන්නයෙන් තම යානය ගොඩ බැස්සුව ද දිය ඇල්ල වෙත ළඟාවීමට අසමත් විය. 1947 වනතෙක් කිසිවෙකුටත් දිය ඇල්ල ආසන්නයට ළඟා විය නොහැකි විය. 1947 දී දිය ඇල්ල ආසන්නයට ළඟා වූ අමෙරිකානු ගවේෂක කණ්ඩායමක් මෙම දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇල්ල බව වාර්තා කළේ ය.
මුලින්ම දිය ඇල්ල දුටු ජෙම්ස් ඒන්ජල්ට ගරුකිරීමක් ලෙස මෙය ඒන්ජල් දිය ඇල්ල ලෙස නම් කළේ ය. එහෙත් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස් දැඩි අමෙරිකානු විරෝධී පුද්ගලයෙකි. ඒ හේතුවෙන් අමෙරිකානු පුද්ගලයෙකුගේ නමක් ඒ සඳහා යෙදීමට ඔහු අකමැති විය.
ඒ අනුව මෙම දියඇල්ල “කෙරෙපෙකුපායි වීනා” යනුවෙන් හැඳින්වීමට ඔහු තීරණය කර තිබිණ. වෙනෙසුවේලාවේ පැරැන්නන් දියඇල්ල හැඳින් වූ නම නැවත යෙදීමට ඔහුට අවශ්‍ය විය. ස්වදේශික පෙමොන් බසින් ‘කෙරෙපකුපායි වීනා’ යන්නෙන් අහස් කෙරෙන්නේ ‘ගැඹුරුම තැනට වැටෙන දිය ඇල්ල’ යන්නයි.
හියුගෝ චාවේස් ජනාධිපතිවරයා මෙම දිය ඇල්ලේ නම වෙනස් කරන බව පැවැසුවේ 2009 වර්ෂයේ දී ‘හලෝ ප්‍රසිඩන්ට්’ නම් සෑම සති අන්තයක ම සජීවී ව විකාශය කෙරෙන වැඩසටහන අතරතුරේ දී ය. මෙය එරට ගුවන්විදුලියෙන් හා රූපවාහිනීයෙන් විකාශය වූවකි.
බටහිර රටවල් යොදා ඇති නම් වෙනස් කරන්න චාවේස් දක්ෂයෙක් බව ප්‍රසිද්ධ ය. 1999 වසරේ දී බලයට පත්වීමෙන් අනතුරු ව මේ වාමාංශික ජනාධිපතිවරයා තම රටේ නිල නාමය පවා වෙනස් කර ඇත. මේ වනවිට රටේ නිල නාමය ‘වෙනෙසුවේලා බොලිවේරියානු ජනරජය’ ලෙස වෙනස් කර තිබේ. එසේ නම් කළේ නිදහස් අරගලයට උරදුන් සයිමන් බොලිවාර්ට ගරු කිරීමක් ලෙස ය. ඉන්පසු ඔහු කැරකාස්හි ‘සෙරෝ ඇවිලා’ කන්ද ස්වදේශීක ජනයා විසින් භාවිතා කළ නම වන ‘ගුවාරයිරා රෙපානෝ’ යනුවෙන් වෙනස් කළේ ය. එහෙත් ‘ඒන්ජල්’ දිය ඇල්ලේ නම මේ වනවිටත් වෙනස්කර නොමැත.
ඒන්ජල් දිය ඇල්ලේ මුලින්ම පළමු දිය බිඳුව ඇරැඹෙන්නේ අඩි 2646 ඉහළිනි. ඝර්ම කලාපීය වනාන්තරයට ඇද වැටෙන අධික වර්ෂා ජලය Auyan – tepu ගිරිශිඛරය මතින් පහළට ඇද වැටීම මගින් ඒන්ජල් දියඇල්ල නිර්මාණය වී ඇත.
දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දිග වෙනිසියුලාවේ “කරාඩි” නදියෙන් උපත ලබන මෙම දිය ඇල්ල වෙනිසියුලානුවෝ “සාල්තෝ සියුජල්” නමින් ද හඳුන්වති.
ගයනාවේ උස්බිම්වලට ඇදහැලෙන වර්ෂා ජලයෙන් නිර්මාණය වන ඒන්ජල් දියඇල්ල වෙනිසියුලාවේ ජාතික සම්පතක් ලෙස සැළකේ. වෙනෙසුවේලාවේ අංක එකේ සංචාරක ආකර්ෂණය මෙය වන අතර මෙම ඒන්ජල් දියඇල්ල යුනෙස්කෝව නම් කළ ලෝක උරුමයක් ද වෙයි.

thx for sharing