කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

    කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

    කෙලවල්ලෝ හැමෝම කාලා තියෙනවා නේද? හැබැයි මේ කෙලවල්ලන් ගැන හුඟක් කට්ටිය නොදන්නා දෙයක්. ඔබ දන්නවාද කෙලවල්ලන් අයත් වන Tuna Family එකේ මාලුන් හා ඩොල්ෆින් මත්සයන් අතර ඇති අපුරු සම්බන්ද තාවය.මෙය ට තාම විද්‍යාඥයන්ටත් හරියාකාරව පිලිතුරු දෙන්ඩ බැරිවුණු එක් අබිරහසක්.
    ඩොල්ෆින් මසුන් හා කෙලවල්ලන් එකට පිහිනා යාම මෙම අපුරු ස්භාවිකව සිදුවීමයි. මුහුදේ මතුපිටින් පිහිනා යන ඩොල්ෆින් මසුන් ට යටින් බොහෝ විට කෙලවල්ලන් රංචු පිහිනා යනවා.




    මෙය හුඟක් වාර්තා වන්නේ Yellow fin Tuna හා බෝතල් හොටැති ඩොල්පින් මසුන් අතරෙයි. 1950 දී පමණ අමෙරිකානු ධීවරයින් මෙය සංසිද්ධිය සිය කෙලවල්ලන් දඩයමේදී භාවිතා කොට තිබෙනවා.



    කෙලවලලන් වැනි විශාල ටුනා මසුන් ඇල්ලීමට තනි බිලිකොකු පාවිච්චි කෙරුණත් මේ නව ක්‍රමය මගින් දැල් යොදා කෙලවල්ලන් රෑන් පිටින් එකවර අල්ලා ගන්නට ඔවුන් සමත් වුනා.



    ඩොල්ෆින් මසුන් හඹා යන ඔවුන් දැල් එලා ඩොල්ෆින් මසුන් කොටු කර ගැනීමේදී මෙම ටුනා මසුන්ද රංචු පිටින් හසු වුනා.මෙම ක්‍රමයෙන් හසුවන ඩොල්ෆින් මසුන් බොහෝවිට මරා දැමුනා. ඩොල්ෆින් මස් වලට තහංචි පනවා තිබුනත් දැලට හසුවුණු ඩොල්ෆින් මසුන් බේරා හැරීමට මහත් වෙහෙසක් ගත යුතු නිසා ධීවරන් ඔවුන් මරා මුහුදට දැමීම බොහෝ විට සුදුකලා .





    මෙලෙස පහුගිය අඩ සියවසේ පමණක් ඩොල්ෆින් මසුන් මිලියන 5 ත් 7ත් අතර ප්‍රමානයක් මරාදමනු ලැබුවා.

    මෙසේ දිගින් දිගටම සිදුවන් ඩොල්ෆින් මරණ වළක්වාලීමට විවිද වර්ගයේ දැල් නිපද වනු ලැබුවත් ඉන් බලා පොරොත්තු වුනු ප්‍රතිපල ලැබුනේ නෑ.


    අවසානයේ 1972 ඇමරිකානු රජය සමුද්‍රීය ක්ශීරපයින් සුරකීමේ පනත(Marine Mammal Protection Act (MMPA)) මගින් මෙමෙ ක්‍රමය තහනම් කරනු ලැබුවා. නමුත් එය බලපෑවේ අමෙරිකානු ධීවරයින්ට පමණක් නිසා ලොව පුරා සිදුවනු ඩොල්ෆින් මරණ සැලකිය යුතු ලෙස අඩු වුනේ නම් නැහැ.
    අමෙරිකානු පනත මගින් ලබාගත් අදර්ශය මගින් ලොව පුරා මේ පිලිබඳ අවදානයට යොමු කරවීමට සත්ව වේදීන් මහත් වෙහෙසක් ගත්තා .The environmental nonprofit Earth Island Institute (EII) සංවිධානය මගින් ටුනා කර්මාන්තයේ ඩොල්ෆින් මසුන්ට හිරිහැරයක් නොවූ බව හැගවෙන ලෙස Dolphin Safe නම් මුද්‍රාව හඳුන්වාදෙනු ලැබුවා.

    ලොව බොහෝ රටවල් මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන ආනයනය කිරීමෙන් වැළකී සිටිනවා. එමෙනිසා මෙම මුද්‍රාව නොමැති ටුනා නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහත වැටුනා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක් මෙය දැනගෙන නොසිටි නිසා මේක කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා මට හිතුනා.
     
    • Like
    Reactions: lilman and dcpower

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරක් මස් හොඳ නැහැ කුකුල් මස් හොදයි :P

    :yes: එ තියරිය තමයි මෙතන්ටත් යොදල තියෙන්නෙ....:rolleyes:



    Mini mas kanna hodaida?


    14zqsl.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If morality doesn't apply for you it should be ok to eat human flesh as well?

    lol. i didn't say i have no moral values... i said it's immoral to have double standards in morality..

    btw. most of us would eat human flesh if we had to.:yes:
    we aren't doing so because we have many other alternatives and because of the culture, law, religions ...etc...:D:D
     
    Last edited: