කෙලවුන වාහන වලට වන්දි
තෙල් ගහන්න ගිහින් කෙල වුන වාහන වලට වන්දි ගෙවනවලු..

පුදුමයි නේ..

බාල පෙට්ට්‍රල් භාවිතය හේතුවෙන් හානි සිදුවී ඇති එක් වාහනයකට උපරිමය රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බව ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. එහි වැඩබලන අලෙවි කළමනාකාර එස්.එම්.සී.පී. සමරකෝන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අමාත්‍යවරයා වෙත ඊයේ භාරදුන් කමිටු වාර්තාවෙන් ඒ බව නිර්දේශ කර ඇති බවයි. ඒ අනුව නිර්දේශිත වූ එම වන්දි මුදල ලබා දීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු පසු ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට එම කරුණු ලබාදෙන අතර, අනතුරුව එය සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු ප්‍රකාශ කළේ. අධ්යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය ලැබීමෙන් අනතුරුව බාල පෙට්‍රල් භාවිතයෙන් හානි සිදු වූ වාහන හිමියන්ට වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, සති දෙකක් වැනි කාලයක් තුළ මෙම සියලූ කි‍්‍රයාවලියන් අවසන් කර වන්දි ලබාදීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. බාල පෙට්‍රල් හේතුවෙන් සිය වාහනවලට සිදුවූ හානි පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දුරකතන මාර්ගයෙන් දැනුම් දුන් වාහන හිමියන් සති දෙකක් ඇතුළත සිය පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි.

Code:
http://www.hirunews.lk/sinhala/14865