🌊 🚙 ආපදාවට පත් වාහන ගැන තොරතුරු එකතු කරයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.

    ඒ අනුව අදාළ තොරතුරු මත ඉදිරි කාර්යන් සිදු කිරීමට නියමිත බවත් ආපදාවට ලක්වූ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කර ධාවනයට සුදුසුද නැතිද යන්න තීරණය කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ රථ වාහන මෙන්ම ලියකියවිලිද විනාශ වී ඇති බවත් එම තොරතුරුද ලබා ගනිමින් අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    ඒ අනුව තමන් පදිංචි ග්‍රාම සේවා කොට්ඨාසයේ අදාළ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඔහු හරහා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර පොලිස් පැමිණිල්ලක් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා විවිධ අංශ මගින් නිවැරදි වාර්තා ලබා ගැනීම මෙම තත්ත්වය කළමනාකරණයට වැදගත් වන බවය.

    පවතින තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කර විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    ඒ අනුව 0707188866 යන වට්සැප් දුරකථන අංකය මගින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ වාහන සහ ලියකියවිලිවල යම් සාක්ෂි තමන් සතුව ඇත්නම් එම සාක්ෂි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් එය ඉදිරි කටයුතු සඳහා පහසුවක්ද වන බවය.
     
    • Like
    Reactions: Inigo Montoya

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ada ekak awith thibba garage ekata ganna deyak na.
    hadanna ba 50% wath parts replace karanna oni.
    අළුත් වාහන වල electrical components වලට වතුර/මඩ ගියාම හදන්න බෑ නේද? එතකොට write off කරන්න වෙනවද? Insurance එකෙන් full ගෙවන්නේ නෑ නේද? උපරිම 80% ගෙවයි, ඒත් insure කරල තියන value එක අනුව. Undervalue නම් sorry තමයි.

    වතුර ගිය අළුත් SUV එකක් ගලවන video එකක් දැක්කා පපුව පිච්චිලා ගියා
     
    Last edited:
    • Wow
    Reactions: asbestos