කෙල්ලට ලියපු ලියුම.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට ලියපු ලියුම.....

    Love_Couple_in_Park1.jpg


    දවසක් කොල්ලෙක්ට උගේ මාමණ්ඩියා මුණ ගැහිලා, මාමණ්ඩියා ඌට තර්ජනය කරලා දුවත් එක්ක තියෙන සම්බන්දය නතර කරන්න කියලා. ඌටත් මළ පැනලා ලිව්වා කෙල්ලට ලියුමක් මෙන්න මෙහෙම......


    මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
    ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක
    දවසින් දවස වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදීම
    ආයෙ කවදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.
    මම නිතරම හිතන්නෙ, කල්පනා කරන්නෙ,
    වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ
    ඔයාව කසාඳ බඳින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සෙ ඇති වෙන්නෙ
    මහාම මහ එපා කරපු හැඟීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ
    ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කතා කරන්න ආසාවක්.
    ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි, ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි.
    අපි විවාහ වුනොත්, මම හොඳට දන්නවා මට
    මුළු ජීවිතේම එපා වෙන බව. නිකමටවත් හිතෙන්නෙ නෑ මට
    සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. මට ඕනෙ මගේ හිත
    කාට හරි පුද කරන්න. ඒත් මට කිසිම ඕනකමක් නෑ මගේ හිත
    ඔයාට පුද කරන්න. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට
    මෝඩ කමෙන්, කුහක කමෙන් ඔයා දෙවනි නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාට
    පුළුවන් වුනේ නෑ මං ගැන හිතන්න, මට පිහිට වෙන්න.
    ඇත්තටම ඔයා මේවා හොඳට තේරුම් ගන්න.
    මම මේ කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් හැටියට
    මේ සම්බන්ධය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා
    මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුණෙ
    මට වමනෙට එන දේවල්. ඔයාගෙ හිතේ අහලකවත් නෑ
    මං ගැන ආදරයක්. මම එහෙම නම් නවතිනවා. මාව විශ්වාස කරන්න.
    මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආයෙ කවදාවත් එපා
    මම තවමත් ඔයාගෙ පෙම්වතා කියලා හිතන්න.

    කොල්ලා කෙල්ලට ලියුම යැව්වෙ මාමණ්ඩියට අහුවෙන විදියට. මාමණ්ඩියත් ලියුම බලලා අම්බානක සතුටු වුණා. ඌ ගැලවුනා කියලා හිතලා. කෙල්ලටත් ලියුම දුන්නා බලන්න. හැබැයි කොල්ලා කෙල්ලට කලින් කියලා තිබුණා ලියුම බලද්දි පේලියක් ඇර පේලියක් බලන්න කියලා..

    CoupleKissing.jpg


    කතෘ නොදනී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    great mcn
    +++++++++++
    එලස්..

    Captain ජැක් ස්පැරෝ;13363271 said:
    Patta idea eka :D
    :yes::yes::yes::D

    11.gif

    :D:D

    maxxa,,,,
    11.gif

    Oka awrudu ganak parana liyumak mama dakke oka koleka liyala thina ekakin anyway share karapu eka hodai dakapu nathi un godak athi
    අනිවා අනිවා.. ටිකක් පරණ සීන් එකක් තමා.. ඒක පේන්නෙ නැහැ.. බොඳ වෙලා වගේ..

    ela kollekne
    :yes::yes::D

    11.gif