මේක මගේ හිතට වැදුන වචන පෙළක් share කරගන්න හිතුන ඉතින්. 
නිවන කියන්නේ ඇත්තටම මොකද්ද / මොන වගේද ?
..තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මග මෙය යැයි පෙන්වා දුන් සේක...
ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවේය හිමිගෙන් එක්තරා පැනයක්
තණ්හාව හල විගස සැනයකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබදුදැයි කියනු මැන
එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම වාගෙද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනිවෙලා කුසීථව පාවෙමින් සිටින්නා වාගෙද
ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නොඑසේනම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමිනි
මෙය ඇසු හිමි සද හෝරා ගණනක් වැඩ හිද නිසලව කිවේ මෙලෙසය
ඔබ අසු පැනයට පිළිතුරු නැත මට
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝ රුක් සෙවනේ වැඩ සිටි සමිදා
පැන ඇසු සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සියලු දන සැම අමතා දෙසුහ මේ සුළු කතාව උපමා
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි
රත් පැහැගත් ගිනි ජාල එහි පියසෙන් උසට නැගුණි
එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට පිට වන්නයි මම කිවෙමි
එහෙත් ඒ දන සැලුනේ නැත
හදිසි බවක් පෙන්නුවේ නැත
එක අයෙකුගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොදද
වැසි වසීද සුළග තදද
දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියනවා ද
මෙවැනි ප්‍රශ්න රාශියක්ය
මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් උනිමි නිහඩ
මට සිතුන මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ
ගින්නෙන් නැසුනා ම කියා
සත්තකිම්ම ප්‍රිය දරුවනි යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න බණක් නොමැත මට කියන්න
එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙරකළ
බුද්ධ වචනය ඇසුරෙන්
Bertolt Brecht ගේ කවියක්
( සිංහල පරිවර්තනය - කාලෝ ෆොන්සේකා )