බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..
දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.
මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..
මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..
මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..
මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..
ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..
කවදාවත් බීල නැති කෙනෙක්ගේ tolerance level එකයි බොන එකෙක්ගේ tolerance level එකයි වෙනස් නේ බන්. අනිත් එක කෙල්ලන්ගේ tolerance level එක කොල්ලන්ට වඩා අඩුයි. ටික ටික බිව්වා කෙනෙක් නම් ඔහොම වෙන්නේ නැහැ







