කෙල්ලෙක් ඕනේද?

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කෙල්ලෙක් ඕනේද?

    ත්‍රේඩ් එකේ මාතෘකාව දැක්කාම කට්ටියට තේරුම් යනවා ඇති අද මම කතා කරන්න
    උත්සහ කරන්නේ මොන කරුණු කාරණාව ගැනද කියලා..
    ආදරය කියන දේ ගැන මම දැන් මෙතන වැඩි විස්තරයක් පහදන්න උත්සහ කරන්නේ නෑ..
    හේතුව මම නිර්මාණය කල බොහෝ ත්‍රේඩ් වල ඒ ගැන පුළුල්ව විග්‍රහ කරපු හින්දා..
    කොහොම වුනත්.. මම නිර්මාණය කරපු ත්‍රේඩ් වල බොහෝ දෙනෙක් නැගු ප්‍රශ්නයක් තමයි..
    " ඇයි මචන් මට කෙල්ලෙක් තවම නැත්තේ.. " සහ " අපිට කොහෙන්ද මචන් කෙල්ලෝ " ඒ වගේම " අපිට කොහෙන්ද බං කෙල්ලෝ ආදරේ කරන්නේ.. "
    යනාදි විදියට බොහෝ දෙනෙක්..
    සුසුම් නගන්න වුනා..
    ඒ අය පුද්ගලිකව වගේම ත්‍රේඩ් එක ඔස්සේ වුනත්..
    මගෙන් ඉල්ලිමක් කලා " මචන් කොහොම ද බං කෙල්ලෙක් ව සෙට් කර ගන්නේ, පුලුවන් නම් ඒ ගැන කියලා දෙන්න " කියලා..

    ඒ අයට අද මම කියලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අපේ ජිවිතයට ආදරයක්
    තවම ලං කර ගන්න බැරි වෙන්න හේතුව මොකක් ද කියලා
    යම්තාක් දුරට තේරුම් කරලා දෙන්නයි..
    අපේ බොහෝ සහෝදරයන් හිතන දෙයක් තමයි තමන්ගේ කෙල්ල ඇවිත් " රූප සුන්දරියක් " ඒ වගේම " සෙක්සී සුදු කෙල්ලෙක් " වෙන්න ඕනේ කියන මතය..
    ඒ මතය කාටත් හිතෙන එක සාධාරණයි.. ඒ වගේ මතයක් කොයි කාටත් හිතෙනවා..
    ඒත් අපි ඒ දේවල් හිතේ තියාගෙන ජිවිතය ගත කරන්න උත්සහ කරනවා..
    ඒකයි අපේ සහෝදරයන් කරන වැරැද්ද...
    කොයි සහෝදරයන් අතරම හිතේ කොයි වගේ කෙල්ලෙක් ලැබෙන්න ඕනේ ද කියන එක ගැන සිහින දකිනවා කුඩා කල් පටන් ම..


    හරි මම මේ ගැන පුළුල් ව කතා කරන්නම්..
    එතකම් මම දැන් නිර්මාණය කරපු මේ කතාව පොඩ්ඩක් බලන්න..


    luvcoollifestyle4u0001v.jpg




    ඉහළින් මම පෙන්නුම් කරපු කෙටි කතාවෙන් වුනත් අපිට පැහැදිලිව තේරුම් යන එක දෙයක් තමයි.. හැම දෙයක් ම අපි වැරදි ආකල්පයෙන්
    හිතලා පසු තැවෙන්න හොද නෑ කියන එක.. අපේ බොහෝ සහෝදරයන් පසු බහින හින්දායි බොහෝ විට
    තමන් බලාපොරොත්තු වෙන දේවල් ඒ අයගේ ජිවිතයට ඇතුලත් කර ගන්න බැරි වෙන්නේ..

    දැන් කට්ටිය හිතනවා ඇති.. අපිට මේ කතාවේ සිදුවුන සිදුවිම වේලා නෑ නේ..
    එහෙම වුනා නම්.. මම නම් කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා ...

    පණ්ඩිත කමට සමහරු දැන් එහෙම හිතයි..
    මම කියන්න උත්සහ කරන දේ වැරදි කියලා තේරුම් කරන්න ඕනෑවට..

    හරි එහෙම හිතන අයට තව දුරටත් මේ ගැන පහදලා දෙන්නම්..

    හේතුව හොයා ගන්න :~ ඇයි ඒ කෙල්ලට ආදරේ කරන්න හිතුනේ කියලා මුලින් ම හිතන්න..
    මේ සම්බන්ධය හරි ගියා නම් කොයි තරම් දුරට..
    කර ගෙන යන්න හිතාගෙන ඉන්නවා ද කියලාත් හිතන්න... මේ සම්බන්ධය කරගෙන යන්නේ තමන්ගේ වේලාව නාස්ති කරන්න ඕනෑවට ද එහෙම නැත්නම්..
    තමන්ගේ ජිවිතය පුරාවටම සහාකාරියක් කර ගන්න ඕනෑවටද කියලා මොහොතක් හිතන්න..


    ඔබ විසින් ඔබව වර්ග කර ගන්න එපා :~
    ඔබ ලගින් ආශ්‍රය කරන මිත්‍රයන් ඔබව කොන් කරන්න පුලුවන්..
    ඕය කරන්න යන වැඩේ හරි යන්නේ නෑ.. ඔයාට ඔච්චර දෙයක් කරන්න විදියක් නෑ..
    උඹ මොඩ වැඩ කරන්න යන්න එපා යනාදියට..
    ඔබ ඔහුන්ව ගණන් ගන්න යන්න එපා..
    ඔබේ යාලුවන් ගේ කීම අහන්න හිතාගෙන ආදරයක් ගැන සිහින දකින්න එපා..


    ස්මාර්ට් වෙන්න :~
    සමහරු හිතන්නේ ස්මාර්ට් වෙන්න කියලා කිව්වාම හොදට හැන්දියට ඇදගෙන ජිවත් වෙන එක කියලායි..
    එහෙම ඉන්න ඕනේ නෑ.. පිරිසිදුව තමන්ට ගැලපෙන ඇදුම් ඇදන් චාම් විදියට ඉන්න පුලුවන් නම් ඒකත් ස්මාර්ට් ගතියට එක් පිටුවහලක් වෙනවා..
    කවදාත් ඔබ හිතන්න එපා තමන් ගොළු නිහඩ චරිතයක් කියලා.. තමන් හොද ප්‍රියමනාප පුද්ගලයෙක් කියලා කොයි මොහොතෙත් හිතට ගන්න..
    එතකොට තමන්ගේ මනසට සැනසිමක් වගේම හිතේ ශක්තියක් ඇති වෙනවා.
    මතක තියා ගන්න තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු කර ගන්න එක විතරක් නෙවෙයි..
    තමන්ගේ ජිවිතයේ කරන්න ඉතුරු වේලා තියෙන දේ..


    තමන් දන්නා අය :~
    තමන් ලගින් ආශ්‍රය කරන යෙහෙළියන් ගැන හිතන්න..
    විශේෂයෙන් තමන් ගේ නෑකම් ඇති සහෝදරියන් හෝ තමන්ගේ ම සහෝදරියන් එක්ක හිතවත් කම් පවත්වා ගන්න..එතකොට ඒ දේ බෙහෙවින් ම අධිතාලමක් වෙනවා.. තමන්ගේ හිතේ ඇති චරිතයක් එක්ක ඇසුරු කරන්න..


    ඇගේ කැමැත්ත අකමැත්ත :~
    කෙල්ලෙක්ගේ හිත දිනා ගන්න නම්.. ඒ චරිතය ගැන අපි පොඩි අධ්‍යනයක් කරන්න ඕන වෙනවා..
    ඒ කෙල්ල කොයි වගේ දේවල් වලට ද කැමති ඒ වගේම අකමැති කියන දේවල්..
    ඒතකොට අපිට කිසිම බයක් සැකයක් නැතිව ඒ කෙල්ලගේ හිත දිනා ගන්න පුලුවන් කම තියෙන්නේ..
    පුලුවන් තරම් වැඩකට නැති තේරුමක් නැති කතාබහින් බැහැරව ඉන්න වග බලා ගන්න..


    ඇහුම් කන් දීම :~
    බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා ම දේශපාලකයන්ටත් වඩා අන්තයි..
    දිගටම කතාකරගෙන යනවා.. සමහර වේලාවට ඒ අයටම තේරෙන්නේ නෑ.. තමන් මොනවාද මේ කියන්නේ කියන එක වුනත්..
    ඒ හින්දා පුලුවන් තරම් සවන් දෙන්න උත්සහ කරන්න.. ආදරය කිරිම කියන්නේ තර්ක කිරිමක් නෙවෙයි..
    පුලුවන් තරම් අපි ඒ ආදරවන්තියගේ කතාවලට සවන් යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ..
    මේ දේ බොහෝ දෙනෙක් දැන හෝ නොදැන කරන වැරැද්දක්..


    ඇගේ සිතුවිලි වලට එකග විම :~ ඔව්, මම දන්නවා.. කොයි කාටත් මේ දේ තමයි කරන්න අමාරුම.. ඒත් ඉතින් ආදරවන්තියගේ හිත දිනා ගන්න නම්
    ඇගේ සිතුවිලි වලට සවන් යොමු කරනවා වගේම ඇගේ අදහස් වලට එකගව කටයුතු කරන්න වෙනවා..
    උදා : ඔබ ඉලෙක්ට්‍රොනික උපාංග ගැන උණන්දුවක් තියෙනවා කියලා හිතන්න.. ඒත් ඒ උණන්දුව තමන්ගේ ආදරවන්තියගෙන් අපෙක්ෂා කරන්න හිතන්න එපා..
    ඇය සමහර වේලාවට ඡායාරූප කලාවට කැමැත්තක් දක්වනවා වෙන්න ඇති.. ඒ හින්දා තමන්ට පුලුවන් නම් ඇයගේ හිත දිනා ගන්න ඕනෑවට
    ඒ වගේ ඡායාරූප ගත කරන්න පුලුවන් ලස්සන තැන් වලට ඇයත් එක්ක ගමන් කරන්න..
    අඩුම තරමේ සත්තු වත්තට වුනත් කමක් නෑ.. ඇය බලාපොරොත්තු වෙන ආකාරයේ සුන්දර පරිසරයක් ඡායාරූප ගත කිරිමට එවිට ඇයට හැකියාව ලැබේ...


    විශ්වාසය රැකිම :~ ආදරය කිරිම කියන එකත් එක්තරා විදියක කලාවක් මම නම් දකින විදියට..
    ඒ කලාව ලස්සන කර ගන්න නම්.. අපිට අපේ නිර්මාණවලට තියෙන ඇල්ම නැති කර ගන්නේ නැතිව තියා ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    විශ්වාසයත් ඒ වගේ තමයි ඒ විශ්වාසය අපි පලුදු කර ගන්නේ නැතිව ඉන්න තාක් කල් අපිට සන්තොසෙන් ඒ ආදරය ගොඩ නංවා ගන්න පුලුවන් කම තියෙනවා..
    බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි.. ආදරවන්තිය අපිට අහවල් දවසේ වේලාවක් කිව්වාම ඒ වේලාවට අපිට යන්න බැරි වෙන එක.. ඒක අපි ඒ හැටි ගණන් ගත්තේ නැති වුනත්..
    ඒ ආදරවන්තියගේ හිතට ඒ දේ හුගාක් දුරට බලපානවා.. ඒත් ඒ ආදරවන්තිය අපිට තියෙන ලෙන්ගතුකමට සමහර වේලාවට ඒ දැනුන දුක වේදනාව අපිට නොපෙන්වයි..
    ඒත් මෙහෙම දෙයක් තියෙනවා.. අපි මේ දේ ඒ හැටි ගණන් නොගෙන හිටියා නම් යම් දවසක අපිටම තමයි ඒ වේදනාව විද දරාගන්න වෙන්නේ..

    උදා :~ මේ විදියට හැම පාරම පරක්කු වේලා යන්න පුරුදු වුනාම.. ඇගේ හිතට ප්‍රශ්නයක් මතු වෙනවා..
    ඇයි මේ ආදවරන්තයා මේ විදියට හැසිරෙන්නේ කියලා.. වේලාවකට ඇයට හිතෙන්න පුලුවන්.. මාව මග හරින්න ඕනෑවට ද මේ විදියට කටයුතු කරන්නේ කියලා..
    එහෙමත් නැත්නම්.. හිතන්න පුලුවන්.. මා ඇයි මේ තරම් කාර්ය බහුලත්වයක් එකපාරටම ඇති වුනේ කියලා..
    සමහර වේලාවට ඒ ආදවරන්තියගේ කණට යම් කෙනෙකු විසින් විහිළුවට වුනත්, " මම ඊයේ ඔයාගේ බොයි ෆ්‍රෙන්ඩ් ව දැක්කා කෙල්ලෙක් එක්ක ශොපින් කරනවා " කියලා කිව්වා නම්..
    ඒ කෙල්ලගේ හිතේ අපි ගැන තියෙන ආදරයට අවිශ්වාසයක් කරන්නේ නැති වෙයි..
    ඒත් අපේ හැසිරිම් රටාව අනුව ඒ කතාව ගැන යම් තරමක් දුරට හිතලා ඒ ආදරවන්තිය දුක් වෙන්නත් බැරි නෑ..
    ඒ හින්දා පුලුවන් තරම් විශ්වාසය ගොඩ නැංවෙන විදියට කටයුතු කරන්න වග බලා ගන්න..

    හිතේ බය :~ බය කියන දේ කොයි කාටත් දැනෙන්න පටන් ගන්නේ කුඩා අවඩියේ ඉදලායි.. ඒත් ඒ බය අපිට ඇති වෙන්නේ කොයි හේතු කාරණා
    හින්දා ද කියලා අපි තේරුම් අරන් ජිවත් වෙනවා නම්.. තේරුමක් නැතිව හැම ප්‍රශ්නයක් වෙනුවෙන් ම බය වෙන්න ඕන වෙන එකක් නෑ..
    ආදරය පදනම් ව කතා කරනවා නම්.. අපේ හිතේ කැමැත්තක් ඇති වුනා නම්.. ඒ දේ අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.. නැතිව
    " මචන්, ඒ කෙල්ලගෙන් අහන්න ගිහිල්ලා, එකී කණට ගහයි වත් ද.. " කියලා තේරුමක් නැතිව අපි බොරු පවාපැම් හිතේ තියාගෙන ආදරය කරන්න බෑ..
    ඕනෑම දෙයක ප්‍රථිපලයක් අත් විදින්න නම් අපි විදවන්න වෙනවා..
    එතකොටයි අපේ ජිවිතයේ සතුටක් අත් විදින්න පුලුවන් කම ලැබෙන්නේ..


    වද දෙන්න එපා :~ කොහොමත් අපේ සහෝදරයන් කෙල්ලොන්ගෙන් නම්බර් එක ඉල්ලා ගන්න දක්ෂයෝ නේ..
    ඒ අතර කිහිප දෙනෙක් ට තමයි ඒ වගේ දෙයක් වත් කර ගන්න හිතේ ශක්තියක් නැත්තේ..
    කොහොම හරි දැන් නම්බර් එක ගත්තා කියලා හිතමු කෝ.. ඊට පස්සේ අපේ සහෝදරයන් කරන වැරද්දක් තියෙනවා.. තේරුමක් නැතිව ඉවක් බවක් නැතිව පුලුවන් හැම වේලාවේම වගේ කොල් කරලා ඒ තරුණියත් එක්ක කතා කරන්න උත්සහ කරනවා..
    ඔව්, ඔගොල්ලන් දැන් හිතනවා ඇති ඇයි මචන් කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලන්නේ කතා කරන්න නේ කියලා.. අනික පුදුම ගේමක් දිලා නේ මචන් ගත්තේ නම්බර් එක.. කියලා..
    ඔව්, ඔගොල්ලන් එහෙම හිතන එක සාධාරණයි නම් තමයි..
    ඒත් මම අදහස් කරන දේ ගැන පොඩ්ඩක් හිතට ගන්න ඊට පස්සේ තේරුම් යයි මම කියපු
    දේ වලත් ඇත්තක් තියෙනවා කියලා..
    දැන් මෙහෙමයි, අපි හැමදාම කතා කරන්න ගියාම ඒකේ කිසිම අගයක් දැනෙන්නේ නෑ..
    දවසක් විතර කතා කරන්නේ නැතිව ඉදලා බලන්න ඔබ බලාපොරොත්තු වෙන චරිතය ෆොන් එකෙන් කතා කරලා ඔබේ සුවදුක් හොයලා බලනවා ද කියලා.
    නැතුව තේරුමක් නැතිව උදේ දිවා රෑයක් නොබලා කතා කරලා අන්තිමේදි අපිට ඉතිරි වෙන්නේ ෆොන් කාඩ් එකට රිලොඩ් දැම්ම හිස් කොලේ විතරයි.. ( අපිට නම් ප්‍රශ්නයක් නෑ පැකෙජ් හින්දා :පී )
    මම ඒ ව්දියේ කිව්වේ විහිලුවට , ඒ විදියේ දෙයක් නම් කොයි ආදරවන්තයන්ටම සිදු නොවේවා කියන එකයි මගේ නම් ප්‍රාර්ථනාව..
    දැන් කට්ටියට තේරුම් ගිහිල්ලා ඇති නේ.. ඉවක් බවක් නැතිව අපි කෙල්ලට කොල් ගත්තාම එකෙන් තියෙන අවාසිය.. දවසක් කතා කරන්නේ නැතිව ඉදලා බලන්න..
    ඒ කෙල්ල අපි ගැන ආදරයෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ම කතා කරලා බලයි..

    ආහ්, තවත් දෙයක් කියන්න අමතක වුනා..
    අපේ සහෝදරයන් කරන වැරැද්දක් තමයි තමන්ගේ ෆොන් එක ඔෆ් කරලා තියාගෙන ඉන්න එක..
    ඒ වගේම බිසි කරගෙන තියාගෙන ඉන්න එක..
    ආදරයක් කරද්දි පුලුවන් තරම් ෆොන් එක ඔන් එකේ තියාගෙන ඉන්න වග බලා ගන්න.. හේතුව..
    අපේ ආදවන්තියට අපිව කොයි මොහොතේ වුනත් මතක් වෙන්න පුලුවන්.. ඒ මතක් වෙන වේලාවේ අපිට කොල් එකක් දෙන කොට ෆොන් එක ඔෆ් කරලා තිබ්බා නම්..
    ඒ ආදරවන්තියට පුදුම විදියට වේදනාවක් දැනෙයි.. ඒ වගේම හිතේ තරහක් ඇති වෙන්නත් බැරි නෑ.. ඒත් ඒ දේවල් හිතේ තියාගෙන ඉදි අපිට පෙන්නුම් කරන්නේ නැතිව..
    ඒ හින්දා මම කියපු කරුණ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වග බලා ගන්න..

    හිත වෙනස් නොකරන්න :~ මිනිසුන්ගේ හිත් ඇවිත් හරියට කාලගුණය වගේ කොයි මොහොතේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..
    ඒත් එහෙමයි කියලා ආදරයේදි ඒ වගේ වෙනස් විම් කරන්න හිතාගෙන ඉන්නවා නම් අපිට කවදාවත් මේ ජිවිතයේ සාර්ථකත්වයක් අත් කර ගන්න විදියක් නෑ..
    උදා :~ අපේ ආදරවන්තියගේ හිතවත් යෙහෙළියක් සමහර වේලාවට ඔබට මුණ ගැහෙන්න පුලුවන් කම ලැබෙයි..
    ඔබේ ආදරවන්තියට වඩා ඒ යෙහෙළිය දැකුම්කළු මනහර පෙනුමෙන් ඔබේ සිත් ඇදගන්නා සුළු පෙනුමකින් ඉන්නවා වෙන්න ඇති..
    ඒත් ඔබ ඒ යෙහෙළිය දිහා හිත් යොමු කරන්නේ නැතිව අපේ ආදරවන්තිය ගැන දිහා විතරක් ඇස් යොමු කරන්න වග බලා ගන්න..
    ඒ දේ ආදරවන්තියන්ගේ හිත් වලට පුදුමාකාර විදියට සතුටක් දැනෙයි.. එවිට ඇයට හිතෙයි " මගේ ආදරවන්තයා වලත්තයෙක් නෙවෙයි :පී " කියලා..
    හි. හි.. එහෙම හිතන්නේ නෑ.. කොහොම වුනත් ඔබ ගැන තව තවත් ඇයට ආදරය හිතෙන්න පටන් ගනි..


    ඉහළින් කැමැත්ත ගැනිම :~ අපි ආදරය කරන්න පටන් ගත්තාම අපිට ඒ මොහොතේ හිතට දැනෙන්නේ අපි හරියට කුරුල්ලන් මෙන් ඉගිලිලා
    මේ ආකාසේ පුරාවටම සැරි සරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒ තරමටම සුන්දරයි ඒ ආදරය.. අපේ එළකිරි අඩවියේ ආදරය කරන සහෝදර සහෝදරියන් නම් ඒ මතය හරි කියලා පිළිගනි.. ආදරයේ පහස විද දරාගෙන තියෙන හින්දා..
    කොහොම වුනත්.. ඒ විදියට අපිට ඉගිලෙන්න නම් අපිට යම් පියවර කිහිපයක් කරන්න වෙනවා..
    දැන් කට්ටිය හිතන්න එපා.. අපිට පියාබන්න නම් ඉතින් තටු දෙකක් හදා ගන්න ඕනේ කියලා ද කියන්න යන්නේ කියලා :පි.. හරි දැන් විහිළු ඇති කතාවට හිත ආයෙත් යොමු කරන්න..
    ඒ විදියට අපිට නිදහසේ ආදරය කරන්න නම්.. ඒ ආදරවන්තියගේ ගෙදරින් කැමැත්ත ගන්න ඕනේ..
    ඒ කතාව කියද්දි නම් ඉතින් කට්ටියගේම මුහුණු ඇඹුල් වේලා හින් දාඩිය දාන්නත් පටන් ගන්නවා...
    කොහොම වුනත් ඒ දේ කර ගන්න කියලා කියන්නේ හේතුවක් ඇතැතිවයි..
    එහෙම අනුමැතිය ගන්න එකෙන් තියෙන වාසිය ඇවිත්.. ඒ කෙල්ල ගේ හිත වෙනස් වුනත්..
    දෙමව්පියන්ගේ අනුමැතිය තියෙන හින්දා ඒ කෙල්ල අපිව අතරමග දාලා යන්නේ නැති වෙයි..
    ඕන්න දැන් මේ ත්‍රේඩ් එක බලන කෙල්ලෝ වුනත් මං ගැන වැරදියට හිතන්න පටන් ගත්තා..
    මම මේක කිව්වේ උදාහරණයකට.. මේ දේ අනිත් පැත්ත හරවලා ඔගොල්ලන් හිතා ගන්න.. ඒතකොට ඒ විදියට හිතන්න ගියාම මේ කතාව දෙගොල්ලන්ටම පොදු කාරණාවක් වෙනවා..

    ඒ විතරක් නෙවෙයි අනුමැතිය ගත්තාම පදුරු අස්සේ, හැම කාණුවක් ලගම.. ඒ වගේම කුඩයක් යට ඉදගෙන බයෙන් ආදරය කරන්න ඕන වෙන්නෙත් නෑ..
    අපිට නිදහසක් ලැබෙන හින්දා අපිට මේ සමාජයට බය නොවි ආදරය කරන්න පුලුවන් කම ලැබෙනවා..

    මේ ලිපිය ගත්තෙ Dhanu Hettiarachchi

    ගෙ http://dhaneshadil.blogspot.com/2011/10/blog-post.htmlබ්ලොග් ඒකෙන් තවත් හොද ලිපි තියනවා ගිහින් බලන්න

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හරි මම මේ ගැන පුළුල් ව කතා කරන්නම්..
    එතකම් මම දැන් නිර්මාණය කරපු මේ කතාව පොඩ්ඩක් බලන්න..

    ko ban :eek: