එහෙම කොල්ලෙක් ගැන හරි කෙල්ලෙක් ගැන හරි එකපාරට දෙයක් කියන්න අමාරුයි නේ. අනික ඔතන දෙන්නම දන්න මස්සිනෙක් ගෑවිලත් ඉන්න නිසා වචනයක් දුන්නට පස්සේ ආයේ ඒක අනිත් පැත්ත හරවන එක ටිකක් complex වැඩක්. (බැරි වැඩක් නෙවේ ඒ උනාට සාමාන්‍ය අවස්ථාවකට වඩා අමාරුයි). ඒ නිසා කෙල්ල තවම කල්පනා කර කර ඇත්තේ. කෙල්ලට තීරණයක් දෙන්න තරම් data මදි ඇති.
කෙලින්ම බෑ නොකියා හිකි හිකි ගගා ඉන්නවා කියන්නේ ඒකිට උඹේ වරදක් පේන් නැතුව ඇති. ඒ කියන්නේ දැනට තත්වේ අවුලක් නෑ.
මම නම් කියන්නේ හාද? / බෑද? කියලා කෙලින්ම වචනයක් ගන්න බල කරන් නැතුව එයා ට කතා කරන්න, හම්බෙන්න මොකක් හරි බොරු හේතුවක් දාල පොටක් පදගනින්. ඊට පස්සේ උඹලා දෙන්නටම ටික දවසක් යද්දී තේරෙයි මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියලා. එතකොට වචනේ අරන් වැඩේ ඉස්සරහට කරන් යන්න නැත්නම් එක හරිගියේ නෑනේ කියලා වෙන අතක් බලාගන්න. මුලින් වචනේ අරන් හිර කරගන් නැතුව එහෙම කරන එක දෙන්නටම ලේසි වෙයි.