කෙල්ලෙක් නිසා A9ක් ගත් දක්ෂයා ගෙවල් බිද හිර
Source :- http://www.rategossip.com/171/2014/08/school-boy-robber-house-for-wife
විභාගයෙන් පසු හදිසි විවාහයක් නිසා ජීවිතය අවුල්කරගත් සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන 9 ක් ලබාගෙන සමත්වූ දක්ෂ සිසුවෙකු මහාපරිමාණ සොරෙකු ලෙස පොලිසියට කොටුවූ පුවතක් ගම්පොළින් වාර්තා වනවා. ඔහු මේ සොරකම් කර තිබුනේ බිරියට ඇති අවංක ආදරය නිසා බව ඔහු ප‍්‍රකාශ කළා.
ඔහු විසින් ලක්ෂ 32 ක රන් භාණ්ඩ සොරාගෙන ඒවා රජයේ බැංකු ඇතුළු ආයතන 18ක පමණ උකස්කොට තිබියදී ගම්පොළ පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු රන් භාණ්ඩ උකස් කර ගත් මුදල් වලින් මිළදී ගෙන තිබූ ත‍්‍රිරෝද රථයක්, විශාල ගෘහභාණ්ඩ හා විද්‍යුත් උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.
ගම්පොළ මවුන්ටෙන්පල් ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයකු වූ ඔහු අඩුවයසින්ම විවාහකයෙකු බවට පත්ව ඇත. ගම්පොළ ප‍්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ ඔහු සාමාන්‍ය පෙළ ඒ 9 ක් ලබා ඉහළින් සමත් වුවත් උසස් පෙළ හැදෑරීම මගදී අතහැර විවාහවූ අයෙකි.ඉ
පේ‍්‍රම සම්බන්ධයකින් පසු හදිසියේ විවාහවූ ඔහුට පවුල් ජීවිතය ගතකිරීමට ආර්ථික ප‍්‍රශ්න පැනනැගි බවත් කිසියම් කර්මාන්තයක් හදාරන්නට කල්වේලා නොතිබූ නිසා රැකියාවක් සොයාගන්නට අපහසුවූ බවත් කියා තිබුණා. ටික කලක් කුලී වැඩ කරමින් සිට පසුව ඔහු සොරකමේ ගොස් ඇත්තේ මේ නිසාය.
සොරකම් කිරීමට යොමුවූයේ තම බිරිඳට සුඛෝපභෝගී දිවියක් උරුම කරදීම සඳහා බව පොලිසිය වෙත ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහු මුලින්ම ගම්පොළ කන්දවීදියේ නිවසකට ඇතුළුවී ලක්ෂ 6 ක රන්භාණ්ඩ හා ක්‍රෙඩිට් කාඞ්පතක් සොරාගෙන ඇත. පසුව ගම්පොළ ඉල්ලවතුර ප‍්‍රදේශයේ තවත් නිවසකින් ලක්ෂ 22 ක රන් භාණ්ඩ සොරාගෙන ඇත. මේ සියල්ල කර ඇත්තේ මහ දවල්ය. ඔහු සුඛෝපභෝගී නිවෙස් ගැන හෝඩුවාවෙන් පසුවී ඔත්තු බලා නිවැසියන් නැතිවන වේලාවක් බලා සොරකමේ ගිය බව කියැවුණා.
ඔහු අවසන් වරට සොරකමේ ගිය නිවෙස් හිමියා ලබාදුන් සාක්ෂි පදනම් කරගෙන ඒ නිවසේ කුලී වැඩට ආ පුද්ගලයෙකු ලෙස සිටි මොහුව අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිවී තිබෙනවා. සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වූ 18 හැවිරිදි තරුණයාට ඉංග‍්‍රීසි බසද මනාව හැසිරවිය හැකි බවත් ඔහුගේ නිවස පරීක්ෂාවේදී පෙම්වතියට ඉංග‍්‍රීසියෙන් ලියූ පෙම්පත්ද හමුවූ බවත් පොලිසිය වාර්තා කළා.

... 

.කිව්වට බෑ...
මේ මෝඩයට ඉගෙනගන්න තිබ්බ මොලේ ඉගෙනගන්න බැරි අහිංසකයෙක්ට තිබ්බනන්...