කෙල්ලෙක් නිසා A9ක් ගත් දක්ෂයා ගෙවල් බිද හිර&#3

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    කෙල්ලෙක් නිසා A9ක් ගත් දක්ෂයා ගෙවල් බිද හිර&#3

    Source :- http://www.rategossip.com/171/2014/08/school-boy-robber-house-for-wife

    171.jpg

    විභාගයෙන් පසු හදිසි විවාහයක් නිසා ජීවිතය අවුල්කරගත් සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන 9 ක් ලබාගෙන සමත්වූ දක්ෂ සිසුවෙකු මහාපරිමාණ සොරෙකු ලෙස පොලිසියට කොටුවූ පුවතක් ගම්පොළින් වාර්තා වනවා. ඔහු මේ සොරකම් කර තිබුනේ බිරියට ඇති අවංක ආදරය නිසා බව ඔහු ප‍්‍රකාශ කළා.

    ඔහු විසින් ලක්ෂ 32 ක රන් භාණ්ඩ සොරාගෙන ඒවා රජයේ බැංකු ඇතුළු ආයතන 18ක පමණ උකස්කොට තිබියදී ගම්පොළ පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගෙන තිබුණා.

    ඔහු රන් භාණ්ඩ උකස් කර ගත් මුදල් වලින් මිළදී ගෙන තිබූ ත‍්‍රිරෝද රථයක්, විශාල ගෘහභාණ්ඩ හා විද්‍යුත් උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.
    ගම්පොළ මවුන්ටෙන්පල් ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයකු වූ ඔහු අඩුවයසින්ම විවාහකයෙකු බවට පත්ව ඇත. ගම්පොළ ප‍්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ ඔහු සාමාන්‍ය පෙළ ඒ 9 ක් ලබා ඉහළින් සමත් වුවත් උසස් පෙළ හැදෑරීම මගදී අතහැර විවාහවූ අයෙකි.ඉ

    පේ‍්‍රම සම්බන්ධයකින් පසු හදිසියේ විවාහවූ ඔහුට පවුල් ජීවිතය ගතකිරීමට ආර්ථික ප‍්‍රශ්න පැනනැගි බවත් කිසියම් කර්මාන්තයක් හදාරන්නට කල්වේලා නොතිබූ නිසා රැකියාවක් සොයාගන්නට අපහසුවූ බවත් කියා තිබුණා. ටික කලක් කුලී වැඩ කරමින් සිට පසුව ඔහු සොරකමේ ගොස් ඇත්තේ මේ නිසාය.

    සොරකම් කිරීමට යොමුවූයේ තම බිරිඳට සුඛෝපභෝගී දිවියක් උරුම කරදීම සඳහා බව පොලිසිය වෙත ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
    ඔහු මුලින්ම ගම්පොළ කන්දවීදියේ නිවසකට ඇතුළුවී ලක්ෂ 6 ක රන්භාණ්ඩ හා ක්‍රෙඩිට් කාඞ්පතක් සොරාගෙන ඇත. පසුව ගම්පොළ ඉල්ලවතුර ප‍්‍රදේශයේ තවත් නිවසකින් ලක්ෂ 22 ක රන් භාණ්ඩ සොරාගෙන ඇත. මේ සියල්ල කර ඇත්තේ මහ දවල්ය. ඔහු සුඛෝපභෝගී නිවෙස් ගැන හෝඩුවාවෙන් පසුවී ඔත්තු බලා නිවැසියන් නැතිවන වේලාවක් බලා සොරකමේ ගිය බව කියැවුණා.

    ඔහු අවසන් වරට සොරකමේ ගිය නිවෙස් හිමියා ලබාදුන් සාක්ෂි පදනම් කරගෙන ඒ නිවසේ කුලී වැඩට ආ පුද්ගලයෙකු ලෙස සිටි මොහුව අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිවී තිබෙනවා. සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වූ 18 හැවිරිදි තරුණයාට ඉංග‍්‍රීසි බසද මනාව හැසිරවිය හැකි බවත් ඔහුගේ නිවස පරීක්ෂාවේදී පෙම්වතියට ඉංග‍්‍රීසියෙන් ලියූ පෙම්පත්ද හමුවූ බවත් පොලිසිය වාර්තා කළා.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොච්චාර ඉගෙන ගත්තත් වැඩක් නෑ බං හරියට මොලේ පාවිච්චි කරේ නැත්නම්..පව් මුන්ගේ දෙමව්පියෝ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113
    ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම හු*තකට වහල් උනාම ඔහොම වෙනව ... මොලේ නැති මෝඩ හුත්*ල :dull: ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලෙක් නිසා කොල්ලො පිස්සු නටනව බන්:dull: මොනා උනත් මූ නම් අමුමම් අමු මෝඩයෙක්:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න අවසානය.. ඉගෙනගන්න කාලෙ ලව් කරාම ඔහොම තමා.. බොක්කෙන් ලව් කරන එකා මිණී මරලා හරි සල්ලි හොයනවා කෙල්ලව සතුටින් තියන්න.. අන්තිමට බලපං ජීවිතේම ඉවරයිනේ උගේ.. අනේ මෙහෙමත් පොන්න හුකන්නලා..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරුමෙ කියන එක ගෙවලම ඉවර කරන්න එපැයි..:(.කිව්වට බෑ...:sorry:මේ මෝඩයට ඉගෙනගන්න තිබ්බ මොලේ ඉගෙනගන්න බැරි අහිංසකයෙක්ට තිබ්බනන්... :frown:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොල්ලෙක් කවදාවත් පොඩි වයසින් බදින්න හොඳ නෑ.... කේල්ලට 18 උනත් අව්ල් නෑ කොල්ලට අඩුම 22 වත් වෙන්නේ ඕනේ... අඩුම ගානේ ජොබ් එකක්වත් ඕනේ........
    :yes: