කෙල්ලෙකුගේ ඇසින් ආදරය දකින්නට
යාලුවනේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. මේක මම හිතල ටයිප් කරපු පොඩි කතාවක පලවෙනි කොටස. මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ගණන් ගන්න එපා. කියවල බලල පුළුවන් නම් ඔයාලගේ අදහසක් එකතු කරන්න බලන්න. මේක පොඩි සත්‍ය කතාවක් අනුසාරයෙන් තමයි දාන්නේ.
මේ කියන්න යන්නේ පුංචිම කතාවක්. මුලක් මැදක් අගක් හිතාගන්න බැරි උනත් මගේ ජීවිතේ වෙනස් උන විදිහ තමයි මේ. මම කොල්ලෙක්ගේ ආදරයක් ලබන එක ගැන ඉගෙනගන්න කාලේ හිතුවේ නෑ. මොකද මගේ දුප්පත් අම්ම තාත්ත ගැන හිතල මට ඉගෙනගන්න ඕන උනා. පළමු වරම විශ්වවිද්‍යාලයට ගිහින් දවස පුරා නැහෙන මගේ අම්ම තාත්ත කවද හරි සතුටින් මම නිසා ලොකු ගෙදරක ඉන්නවා බලන්න මට ඕන උනා. මට එක පාරින්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න හැකියාව ලැබුණා. ඒත් එහෙම තියෙද්දිත් මගේ ජීවිතේ මුලින්ම වෙනස් කරපු කෙනා මට හම්බුණා. ඒ ප්‍රතිපල කියන්න ආර්ථික විද්‍යාව පන්තියට ගිය දවසේ.
මම පන්ති වලදී කොල්ලෝ එක්ක කතා කරේ නෑ. පාඩුවේ ඉන්න කෙල්ලෙක් නිසා කොල්ලන්ගෙන් කරදරයක් තිබ්බෙත් නෑ. ගියේ බාලිකවකට නිසා පාසල් කාලයේ කොල්ලෙක් ගැන ආදරයක් මට ඇති උනේ නෑ. ඒත් එක පාරටම කොල්ලෙක් මගේ ඉදිරියට ආව. ඒත් පළමු වරම විශ්වවිද්‍යාල යන්න වරම් ලැබුණු කෙනෙක්. මට හිතුණා මේ සුබ පතන්න තමයි ආවේ කියල. ඒත් එක පාරටම එයාගේ මුවින් ගිලිහුනේ "රෂිනි මම ඔයාට කැමතියි" කියන කතාවයි. ඒ කතාවට මම විතරක් නෙවෙයි පන්තියේ එවෙලේ හිටපු සිය ගණනක් ළමයි පවා ගල් ගැහිලා බලන් හිටිය. මට එකපාරටම ඇස්දෙකට කඳුළු එනවා දැනුණා. ඒ දැනුන ලැජ්ජාව මට ඉවසගන්න බැරි තරම්. මම අඬාගෙන දිව්වා පුළුවන් තරමක් දුරට මොකක්ද කරන්නේ කියල හරියට හිතාගන්න බැරුව. මට ඒ කොල්ල ගැන ඇති උනේ පුදුම තරහක්. ලස්සන කොල්ලෙක් උනත් එයා කරේ හරිම ජරා වැඩක් කියලයි මට හිතුනේ. එයාට ඒක විහිළුවක් වගේ වෙන්න ඇති. ඒත් මම වගේ අහිංසක කෙල්ලෙක්ට ඒක මොන තරම් දුකක් ගෙන දෙන දෙයක්ද කියල එයා පොඩ්ඩක්වත් හිතුවේ නැතුව ඇති.
කාලය ගෙවිල ගියා. විශ්වවිද්‍යාලෙ යන අයගේ නායකත්ව පුහුණුවට මටත් යන්න ලැබුණා. ඒත් ගියාට පස්සේ මට අර කොල්ලත් ඒ කෑම්ප් එකටම ඇවිත් ඉන්නවා දකින්න ලැබුණා. මට ආයෙත් තිබ්බ සතුට නැති වෙලා ගියා වගේ දැනෙන්න ගත්ත. ඒත් ඒ කොල්ල නම් සැබෑ දක්ෂයෙක් බව ටික දවසක් යද්දී මට දැනෙන්න ගත්ත. කොයි වෙලෙත් මගේ දිහා හොර ඇහෙන් බලද්දී මගේ තිබ්බ තරහ අඩු වෙවී ලජ්ජාවකට ඒක පෙරලෙන බව මට තේරුණා. ඒ ළමයාට ලස්සනට නටන්න පුළුවන්. ඒ වගේම රඟපාන්නත්. මම එයාට නිකන් වශී වේගෙන එනවද කියල මට හිතුණා. කෑම්ප් එකෙන් යන්න කාලේ එළඹෙනකොට මට එයාව නොදැක ඉන්න බැරි ගානට ආවා. ඒත් එයාට ඒ බව කියන්න තරම් ධෛර්යයක් මට තිබ්බේ නෑ. ඒත් කොහොම හරි එයාගේ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට ඒ බව කියන්න මම තීරණය කරා. ඒ විදිහට මගේ ජීවිතේ ලොකු වෙනසක් පටන් ගත්තා.
ටික දවසක් එයාගේ ආදරේ විඳගෙන ගෙව්වත් මට ඒ ආදරේ ලොකු වෙනසක් දැනෙන්න ගත්තා. එයාට වෙන කෙල්ලෙක් ඉන්න බව මට ආරංචි උනා. ඒත් ඇහුවට එයා ඒ බව නම් පිළිගත්තේ නෑ.ඒත් ගොඩක් විශ්වාසදායක ආරංචි මාර්ගයකින් මට ඒ බව ආයෙත් ආරංචි උනා. මම ආයෙත් ගිනි ගොඩකට වැටුණා.
ඔබලාගේ අදහස් වලට අනුව දෙවන කොටස ගේන්නම්. එහෙනම් පොඩි අදහසක් කියල යන්න අමතක කරන්න එපා යාලුවනේ