කෙල්ලො කවදාවත් කියුටෙක්ස් ගාලා නෑ

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    කියුටෙක්ස් කියන්නෙ නිය ආලේපන වලට කියලා ගොඩක් අය හිතන් හිටියට, කියුටෙක්ස් කියන්නෙ Brand Name එකක් විතරයි. පැරසිටමෝල් වලට Panadol, රබර් සෙරප්පු වලට Bata, Washing powder වලට Rinso කියනවා වගේ Nail Polish වලට ලංකාවේ CUTEX කියලා තමයි කියන්නෙ.

    ඇත්තටම කියුටෙක්ස් කියන්නේ ලෝකයේ පලමු නිය සත්කාර නිශ්පාදන සමාගම. 1911 ඇමරිකාවේ ආරම්භ කරපු මේ දැවැන්ත සමාගමට නම දැම්මේ cut-ex කියන වචන දෙක යොදාගෙන. Manicure වලට අවශ්‍ය නිය සත්කාර කට්ටලයක් තමයි කියුටෙක්ස් සමාගම හැදුවේ. නැතුව පාට පාට nail polish නෙමෙයි. මුලදි cutex නිශ්පාදන මිලදී ගත්තේ සැලෝන් කරන අය විතරයි. Cutex සත්කාරක නිශ්පාදන ලෝකය පුරා රූපලාවන්‍ය ශිල්පීන් අතර වේගෙයෙන් ජනප්‍රිය උනා.

    1922-cutex-boardwalk.jpg

    1922 CUTEX සමාගම

    1925 වෙනකොට cutex සමාගම පලමු වරට රෝස පැහැති nail polish එක මාර්කට් එකට දැම්මා. Deep rose කියලා වර්ණයකින් ආපු මේක ලොවපුරා සුරූපිණියන් අතර උණුකැවුම් වගේ විකිණෙන්න ගත්තා. ඊලගට වර්ණයක් නොමැතිව clear polish එකකුත් ආවා. 💅

    1951-cutex-display.jpg

    කියුටෙක්ස් රතුපාර හදුන්වලා දුන්න කාලේ

    ඊට පස්සේ රතු පාට සංයෝජන කීපයක් Coral, a red pink, Cardinal, flame red ජනප්‍රිය උනා. අදින ඇඳුමෙ පාටට ගැලපෙන්න නිය ආලේපන කරන විලාසිතාවක් ලෝකය පුරා ප්‍රචලිත උනේ මේ කාලයේ.

    මේ අතරේ නේල් පොලිෂ් industry එකට REVLON කියලා සමාගමක් ආවා. ඒක කියුටෙක්ස් සමාගමේ අලෙවි ආධිපත්‍යයට මරු පහරක් උනා. Revlon සමාගම විවිධ වර්ණයන් වෙළඳපලට හඳුන්වල දුන්නා. ඒකත් ලෝකයේ හතර දිබ්බාගෙයෙම අතිශය වේගයෙන් ජනප්‍රිය උනා.

    මේ වැඩෙන් නහුතටම කෙලවෙන්න ගියපු cutex සමාගම පාට පාට nail polish හදන එක නවත්තලා nail polish Remover හදන්න ගත්තා. මිනිස්සු මොන කොම්පැනියේ නේල් පොලිශ් ගෑවත් ඒවා යවන්න අපිව ඕන" ඒ තීරණය කියුටෙක්ස්ලා ඒ වෙලාවෙ ගත්ත හොඳම තීරණයක්.

    කොහොම හරි දෙවන ලෝක 1940 යුද්ද කාලේදි cutex අමුද්‍රව්‍ය සපයගන්න බැරුව සමාගම පහල අඩියටම වැටුනා. 43 දි යුද්දෙ ඉවර වෙනකොට ප්‍රතිවාදී revlon ලා එක්ක තියෙන ගේම් එකෙන් බොහෝ දුරට කිව්ටෙක්ස් පැරදිලා හිටියේ.

    එතනින් පස්සෙ කියුටෙක්ස්ලා ලිප්ස්ටික් හදන්න ගත්තා, ඒ විතරක් නෙමෙ නිය ආලේපන ක්ශේත්‍රයේ බොහෝ අලුත් මානයක් හදුන්වා දුන්නා. 💄

    1960-cutex-slipstick.jpg

    කියුටෙක්ස් ලිප්ස්ටික්

    පස්සෙ මේ සමාගම ලෝක ප්‍රසිද්ද යුනිලීවර් ආයතනය විතරක් නෙමේ revlon ලා මිලදි ගන්නවා, 1950 ගණන් වලින් පස්සෙ කියුටෙක්ස් Nail Polish හැදුවෙ නෑ. වෙන වෙන නිශ්පාදන හැදුවා හැබැයි. මේ වෙනකොට cytex අයිති coty beauty සමාගම 2017 Nail polish ඉතාම සීමිත ප්‍රමාණයක් වෙලද පලට දැම්මා. ඒත් ඒවා බොහො විට අපේ රටවල් වලට ආවෙ නෑ.

    Cutex සමාගම රූපලාවන්‍යය ක්ශෙත්‍රයේ පුරාවෘතයක්. Cutex හි පැරණි පෝස්ටර් දැන්වීම් පවා ඇන්ටික්ස් එකතු කරන අය අතර විශාල මිලකට අලෙවිවෙනවා.

    අපේ රටෙ මේ වෙද්දි cutex පාවිච්චි කරපු අය ජීවතුන් අතර නැති තරම්. තාමත් පරණ කියුටෙක්ස් බෝතල් පරිස්සම් කරන් ඉන්න ආච්චිලා ඉන්නවා. ඇත්තටම ඒවා එක අතකින් කෞතුක භාණ්ඩ.

    නිය ආලේපන ගැන තව අපූරු කතා තියෙනවා.

    නිය ආලෙපන කලාව අවුරුදු 5000ක් විතර පරණයි. පුරාණ චීනයේ කාන්තාවන් බිත්තර සුදු මදය මී මැසි ඉටි සහ මල් පෙති මිශ්‍රණයක් එකතු කරලා හදාගත්ත ද්‍රාවණයකින් තමයි මුල්ම වතාවට නිය ආලේපන හදාගෙන තියෙන්නෙ.

    ලෝකයේ මිල අධිකම Nail polish එක Azature. මිල ඩොලර් 250, 000ක්. විශ්වාස කරන්න රුපියල් කෝටි 7.4ක් විතර. එකෙ තියෙන්නෙ කැරට් 274 කලු දියමත්ති මිශ්‍රණයක්. ලෝ ප්‍රකට කලාකාරිනියන්ගෙ හීන වලින් එකක්ලු azature පාවිච්චි කරන එක. කෙලී ඔස්බෝන්, බ්‍රිටිනි ස්පියර්ස්, ජෙනිෆර් ලෝපෙස්, රිහානා, රිකී මාර්ටින් වගේ අය ඒක පාවිච්චි කරලා තියෙනවා.
    acb5b3d50c635cf51201c9f30a9d9955.jpg

    මෙන්න භාන්ඩේ, වටිනාකම කෝටි 7.4යි

    ඉතින් ඔන්න ඕකයි cutex ගැන කතාව. ගෑනු ලමෝ මීට පස්සෙ shopping කරද්දි කියුටෙක්ස් හොයන්නෙපා, මොකද ඔයාට කවදාවත් කියුටෙක්ස් හොයාගන්න වෙන්නෑ. 🤭

    #ගෙහාන් සචින්ද ජයසිංහ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    දැන් ගොඩක් දෙනා ආටිෆිශල් නේල්ස් හයි කරගෙනනෙ ඉන්නෙ. ටික දවසක් ගියාම ඇත්ත නියපොත්ත උඩින් වැවිලා පේන්න ගන්නවා. ගෑනුන්ට නම් වගේ වගක් නෑ. මට නම් දැක්කමත් අප්පිරියයි. ඕවා අස්සෙ ගූ කෑලිත් හිරවෙනවා ඇති.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශල්ලි තමයි ඉතින්. නේල් ඉස්පා ඉස්සරහා ගෑනු පෝලිමට ඉන්නේ🤬 නියපොත්තෙ අලවන හිච්චං ස්ටිකර් එකක්ම අවමේ රුපියල් 400ක් විතර වෙනවා. ඇඟිලි දහයටම ඇලෙව්වොත් එතනම 4000ක්.
    ඕව දැකලා ලේ පුච්චගන්නේ නැතිව වයිෆ්ට ඕන මගුලක් කරගන්න කියලා මම වෙනින් කොහේ හරි සෙට්වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    මීට කාලෙකට ඉස්සර පොෂ් අක්කා කෙනෙක් කඩේකට ඇවිදින් නේල් පොලිෂ් තියෙනවද ඇහුවා. ⁣කඩේ කෙල්ල නෑ කිව්වා. කඩේ අයිතිකාරයට ඇහිලා, තියෙනවා මිස් පොඩ්ඩක් ඉන්න කියලා පෙන්නුවා. අරකි දැනගෙන ඉඳලා තියෙන්නේ කි⁣යුටෙක්ස් කියන වෙළඳ නාමය විතරයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    me lagadi kellek ekka kathaa kara kara innakota waradila mata cutex kiyala kiyawwenna giyaa :rofl:

    mata oka meter wunaa cutex kiyanne brand ekakne, nondi wenna bane kiyala mama kathawa harewwa "Cute nail polish" kiyala :P:lol:

    issara mata mathakai ape gewal wala ammala kiyanne Cutex ganawa kiyala..apith kiyanne ehemai podi kale :love: