කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙ&#350

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    158
    43
    කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙ&#350

    කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙනස් කරන්න.
    69085249_900925686946021_2916583746637398016_n.jpg


    ආයේ නිකමට වගේ දාන්න හිතුනා.👇 අලුත් වීඩියෝ එකක් මග එනවා

    සමහර වෙලාවට උඹට දැනෙන්න පුලුවන් උඹේ යාලුවෝ වටේ ඉන්න අය උඹව මඟාරිනවා වගේ.

    කිසිම දේකට උඹව සෙට් කරගන්නෙ නෑ.
    උඹ එක්ක වැඩිය කතාකරන්නෙත් නෑ.
    උඹ කියන දේවල් එච්චරම ගනන් ගන්නෙත් නෑ.අහගෙන ඉන්නෙත් නෑ.
    ට්‍රිප් එකක් ගියත් උඹව හලලා යනවා
    උන් කතාකරන දේවල් උඹට තේරෙන්නෙ නෑ.
    උන් එක්ක ඉද්දි උඹට කතාකරන්න දෙයක් හිතාගන්නත් බෑ.
    උන් එක්ක සෙට් වෙලා සැපක් ගන්න උඹට ඕනවුනත් උඹට ඒක කරන හැටි තේරෙන්නෙ නෑ.
    කොන්වෙන්න වෙයි චාටර් වෙන්න වෙයි ගනන් නොගෙන ඉදී කියලා හිතෙන හින්දා උඹ පනින්න යන්නෙත් නෑ.
    එල්ලි එල්ලි කතාකරන්න ට්‍රයි කලත් වැඩක් නෑ.
    ගෙදර වුන් උඹව කෙයා කරන්නෙත් නෑ.
    උඹේ නංඟි කෙනෙක් මල්ලි කෙනෙක් වුනත් උඹව ගනන් ගන්නෙ නෑ. කියන දෙයක් අහන්නෙත් නෑ.

    මාරම විදියට කොන් වෙනවා වගෙ ෆීලින් එකක් එන්නෙ.

    උඹලා නොදන්නවා උනාට ගොඩක් කොල්ලොන්ට මේක පට්ටම බරක්. උන් නිකම් කොන්වෙලා තනිවෙලා කුජීත වෙලා වගේ ඉන්නෙ.

    කෙල්ලො කොල්ලො වට කරගෙන පට්ටම රස ජීවිතයක් ගෙවන කොල්ලො මේ ගෲප් එකේ ඉන්නවා.

    උඹලා හිතපං උන් ටික නැතිවුනානම් උඹ වැටෙන තැන.

    එහෙම වැටිලා ඉන්න වුන් උඹේ ක්ලාස් එකේ ඔෆිස් එකේ නැත්තම් අතර මඟදි දකිනවත් ඇති.

    තේරෙන්නෙ නෑ ඇයි එහෙම වෙන්නෙ කියලා.

    මට මැරෙන්න හිතිලා තියෙන්නෙ බං

    කියලා මට කොල්ලො 50කට වැඩිය මේ සිද්ධිය නිසාම කියලා තියෙනවා.

    උඹට මෙහෙම වෙන්න උඹ කරන වැරදි ටිකක් තියෙනවා.

    කෙනෙක් උඹව මනින්න පටන් ගන්නේ උඹව ඉස්සෙල්ලම දැකපු වෙලාවෙමයි.

    උඹ එක්ක එක වචනයක් කතාකරන්න කලින් කෙනෙක් උඹව මැනලා ඉවරයි.

    උඹ උනත් එහෙමයි.

    උඹ තව කෙනෙක් දැක්ක ගමන්ම ඌ උඹට වඩා උසයිද මිටියිද හැඩයිද පෙනුමයිද කියලා නිකන්ම උඹ මනිනවා. කෙට්ටු කොල්ලෙක්ද ඇඟ පත මස් දාලා ඉන්න ඩයල් එකක්ද කියලා මනිනවා.

    උඹ හැසිරෙන විදියෙන් කතාකරන විදියෙන්ඉතුරු ටික මනිනවා.

    කතාකරන්න පුලුවන් ඩයල් එකක්ද, බය වගේ හැංඟෙන පොරක්ද කියලා නිකන්ම තේරෙනවා.

    උඹට වඩා ඇඟ පත තියෙන නීට් එකට පෙනුමට ඉන්න මොරාල් කොල්ලෙක්.වගේ පේන එකෙක්නම් උඹ එච්චර පාට් දාන්න යන්නෙ නෑ.

    "අයියේ...." කියලා කතාකරනවා.

    හැබැයි කෙට්ටු / මිටි / කොල්ලො අස්සෙ හැංඟි හැංඟි බයෙන් බයෙන් ඇවිදින එකෙක් නම් කතා කරද්දු ගැම්මට ඇස් දෙක දිහාවත් බලන්න බැරි කොල්ලෙක්නම්

    උඹ ඌව පොඩ්ඩක් පහලට දාලා කතාකරනවා.

    ඒක නිකන් හරියට ඖඩියකින් බැහැලා එන පොරක් දිහා උඹ බලන විදිය වගේම බයිසිකල් එකෙන් එන කොල්ලෙක් දිහා උඹ බලන විදිය වගේ.

    වෙනසකට තියෙන්නෙ වන්ඩිය කියන උපමාව වෙනුවට මෙතන ඉන්නෙ උඹ.

    මොකා කොහොම මොනවා කිව්වත් සමාජෙන් උඹව මනිනවා.

    සල්ලි වලින් පෙනුමෙන් හැඩරුවෙන් ඇඟපතින් උඹලා අපි කවුරුත් තව කෙනෙක්ව දැක්ක තප්පරෙන්ම මනිනවා.

    හැබැයි මෙතන තියෙන්නෙ සමාජෙන් උඹව දකින විදිය නෙමෙයි උඹ උඹව දකින විදියේ වරදක්.

    උඹ කවුද කියන එක තීරණය කරන්න ඕන උඹමයි.

    මොකද සමාජෙන් දකින්නෙ උඹෙන් පිටට පෙන්නන දේ.

    උඹ උඹ මිටි නිසා අවුලෙන්නම්
    උඹ කෙට්ටුයි නැත්තම් මහත නිසා අවුලෙන්නම්
    උඹ කැතයි කලුයි කියලා අවුල්ලෙන්නම්
    උඹ දැක්ක තප්පරේම උඹේ ඇස් වලින් හැසිරීමෙන් තව කෙනෙක් ඒක දකිනවා.

    උඹ මුලින් උඹ කවුද කියන දේ ඇතුලේ කම්ෆටබල් වෙන්න ඕන.

    උඹට ඒවා ප්‍රශ්නයක් නම් උඹ ඒවා හදාගන්න ඕන.

    උඹට උඹ කවුද කියන එකෙන් පැනලා යන්න බෑ.

    මෙහෙම හිතපන් උඹට උඹ කෙට්ටුයි කියන එක අවුලක් නම් උඹ මොකක් හරි ක්‍රමයකින් ඇඟ පත හදාගත්තොත් උඹේ හිතේ තවත් ඒ අවුල නෑ නේද?

    අන්න ඒ වගේ අඩුප්පාඩු තේරුම් අරගෙන ඒවා හදාගන්න ඕන.

    හැබැයි උඹට හදාගන්න බැරි දේවල් උඹට තියෙන්න පුලුවන්.

    ගොඩක් වෙලාවට එහෙම වෙන එක දෙයක් තමයි
    උඹේ "උස"

    මේක ගොඩක්ම වුන්ට හදන්න බෑ. ඒක හින්දා ඒ ගැන ලොකු ඉන්සිකියුරිටි එකක් බයක් උන්ගේ ඔලුවේ තියෙනවා.

    කෙල්ලෙක් බූට් තිබ්බොත් ඉස්සෙල්ලම

    අහන්නෙ නංඟි මං මිටි නිසාද බූට් තිබ්බෙ?
    නංඟි මං කෙට්ටු නිසාද?
    නංඟි මං කැත නිසාද?

    මේ වගේ ලෝකෙ නැති ප්‍රශ්න අහනවා.

    ඒකෙන් වටේ මිනිස්සුන්ට පේනවා උඹ ඇත්තටම කවුද කියන එක ගැන උඹ අවුලෙන් ඉන්නෙ කියලා.

    උඹ උඹ ගැන කම්ෆටබල් නෑ කියලා.

    මුලින් උඹ, උඹ ගැන කම්ෆටබල් වෙයන්. උඹ ඇත්තටම කවුද කියන එක තේරුම් අරගෙන ඒක ඇතුලේ ආත්ම විශ්වාසයක් හදාගනින්.

    උඹ මිටියි කියලා හිතපන්. හරි උඹ මිටියි. ඉතින් මොකද? උඹ විතරද මිටි?

    උඹ ඒක ගැන බයක් හිතේ තියෙන තාක් උඹ ඒක ගැන බයෙන් ජීවත් වෙන තාක් අනිත් වුන් හිතනවා උඹේ අඩුපාඩුවක් තියෙනවා කියලා.

    කෙල්ලෙක්ට වුනත් උඹ උඹ ගැනම අවුලෙක් ඉන්නවා කියලා තේරුනොත් ඒකි උඹට බූට් තියනවා.

    මොකද උඹටම හිතෙනවානම් උඹ එල කොල්ලෙක් මොරාල් කොල්ලෙක් නෙමෙයි උඹ මිටි නිසා උඹට ගැම්මක් නෑ කියලා

    උඹ කොහොමද එක අනිත් වුන්ට පෙන්නන්නෙ.

    ඒක හින්දා උඹ උඹ ගැන විශ්වාසයක් හදාගනින්.

    උඹේ අඩුපාඩු ඇතුලේ කම්ෆටබල් වෙයන්. හදාගන්න පුලුවන් අඩුපාඩුවක්නම් ඒක හෙමීට හදාගනින්.

    හදාගන්න බැරි දෙයක් නම්. ඒක ගැන කෙයා නොරක හිතට ගැම්මක් ගනින්.

    උඹට ඒක ප්‍රශ්නයක් නොවෙන තාක් ඒක අනිත් අයට ප්‍රශ්නයක් නෙමෙයි.


    උඹ උඹේ හිතින් උඹට පොරක් වෙයන්.

    ඒක අනිත් වුන්ට පෙන්නන්න ඕන නෑ. බොරු පොර ටෝක් දෙන්න යන්න ඕනත් නෑ. බොරු රගපෑමක් කරන්න ඕනත් නෑ .
    උඹ උඹට පොරක් වෙයන්.

    පස්සේ උඹ පොරක් කියන එක ඇත්තටම අනිත් වුන්ට ඔප්පු කරපන්.

    උඹ කෙට්ටුයිනම් / මහතයිනම් අනිවා ජිම් එකකට පලයන්.
    ගිහින් උඹේ හිතේ ඉන්න පොර ඩයල් එකව එලියට අරගෙන පෙන්නපන්. අන්න එතකොට අනිත් වුන්ත් දකියි උඹ පොරක් කියලා.

    ඒක පේන්නනම් මුලින් උඹ උඹට පොරක් වෙන්න ඕන.

    වචනෙන් පොරටෝක් දීලා වැඩක් නෑ. ඒක කරලා පෙන්නපන්.

    දෙයක් කරලා පෙන්නලා ඒක ඔප්පු කරපන්.

    හැබැයි ඒක කරලා පෙන්නලා පොර මානසිකත්වෙන් දඟලන්න හදන්න එපා.

    කාටත් එක වගේ සලකන නිහතමානි චරිතයක් වෙයන්.

    ගෙදරින් උඹව ගනන් ගන්නෙ නැත්තේ උඹ කරනවා කියලා පොරටෝක් දීලා කියපු දෙයක් කවදාවත් කරලා නැති හින්දා.

    පොරක් නම් කියන දේ කරන්න ඕන කරන දේ කියන්න ඕන.
    අවංක වෙන්න ඕන. උඹේ අඩුපාඩු ගැන ලැජ්ජාවක් නැතුව ගැම්මට ඉන්න ඕන. ඒවා හෙමීට
    හදාගන්න ඕන.

    උඹට හිනාවෙන්න බෑ කියන්න වුන් ඕනතරම් ඉන්නවා. උඹ ජිම් යද්දි

    " අඩෝ අන්න අරූ ජිම් යනවා" කියලා හිනාවෙන්න උන් ඕන තරම් ඉන්නවා.

    ඒකට අනිවා රෙඩි වෙලා ඉදපන්. ජිම් එක විතරක් නෙමෙයි අනිත් දේවලුත් එහෙම තමයි.
    මොනදේ කලත් උඹට හිනාවෙන්න වුන් ඉන්නවා.
    හැබැයි උඹ ඒවා ඔක්කොම ඉවසගෙන කන්න පුලුවන්හැම කට්ටම කාලා හොද ෆිට් ඇඟක් හදාගත්තොත් මොකාද උඹට හිනාවෙන්නෙ.

    අර හිනාවුනු වුන්ට හික් ගෑවෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. 😹

    උඹ කෙට්ටු වැඩි හින්දා ජිම් එකට යන්න බයයි අනිත් වුන් උඹට හිනාවෙයි කියලා. ජිම් එකේ කොල්ලො සෙට් එක තරම් වෙන සෙට් එකක් වෙන හෙවත් නෑ. උන්ට උබට හිනාවෙන්න වෙලාවක් නෑ. උන් බිසී උන්ගෙ ජීවිත එක්ක.

    නොදන්න දෙයක් අහගෙන එක්ක වැඩ කරපන්. හැබැයි උන්ට ඇණයක් වෙන්න එපා.

    උබටම සෙට් වෙන සුපිරි කොල්ලො ටිකක් හොයාගන්න පුලුවන් වෙයි. එතනත් ගිහින් හැංගෙන්නෙ නැතුව ගැම්මට හිනාවෙලා ඉදපන්
    😎😉🙏


    උඹට හදාගන්න පුලුවන් අඩුපාඩු ඔක්කොම හදාගනින්. හොදට මහන්සිවෙලා ඉගෙන ගනින්.

    ජොබ් එක උනත් උඹ ආතල් එකේ කරපන්.

    ඒක කරුමයක් වගේ හැමතිස්සෙම දකින්න එපා. ජොබ් එක එපාවෙලා ජීවිතේ එපාවෙලා වගේ නෙගෙටිව් විදියට ඉන්න එපා. පොසිටිව් විදියට හිතන ඩයල් එකක් වෙයන්.

    අනිත් දේ ලෝකෙ කැතයි කියලා එකෙක් නෑ.

    හැම කෙනාටම යන්න පුලුවන් උපරිම ලස්සනක් තියෙනවා. උඹට යන්න පුලුවන් උපරිම ලස්සන උඹ අරගනින්.

    ඒක හදාගන්න උඹ සාධාරණව හම්බ කරපන්. ඒ සල්ලි වලින් උඹේ අඩුපාඩු උබ හදාගනින්. ඒ අඩුපාඩුහින්දා සමාජෙන් හැංඟිලා ජීවත් නොවී සමාජෙට මිනිස්සුන්ට ආදරේ කරපන්

    උඹට අඩුපාඩු හදාගන්න කරන්න පුලුවන් දේවල් මං උඹට මට පුලුවන් විදියට කියලා දෙනවා.

    අනිත් වුන්ට පොරක් නොවුනත් උඹ උඹට පොරක් වෙයන්. පොරක් කියලා හිතාගෙන දගලන්න ටෝක් දෙන්න ඕන නෑ.

    ඒක ඇත්තටම ඔප්පු කරලා අනිත් වුන්ට පෙන්නපන්. එතකොට උඹ ඉදපු හැටි කාටවත් අදාල නෑ.

    ගෙදර අය අම්මා තාත්තා නංඟි මල්ලි උනත් කැමතියි උඹ ලොකු තැනකට එනවට. උඹ ගැන ලොකුවෙන් කතාකරන්න.

    අර අපේ පුතා
    අර අපේ අයියා
    ඒ අපේ මල්ලි
    අරූ අපේ ක්ලාස් එකේ හිටියේ.
    එක බැජියා
    එක ඔෆිස් එකේ.
    ඌ මගේ යාලුවා කියලා

    කවුරුත් ගැම්මට කියයි.

    ඒවා අස්සෙම
    " අරූ ඉදපු හැටි අපිනේ දන්නෙ"
    කියලා කියන වුනුත් ඉන්නවා කියන එක ඔලුවේ තියාගනින්.

    ගොඩක් වෙලාවට එහෙම කියන්නෙ දෙයක් කරන්න කොන්දක් නැති වුන්. දෙයක් කරන්න කම්මැලි වුන්.

    මෙලෝ රහක් නැති කුහක ඩයල්.

    හරි එකෙක්නම් තව එකෙක් තැනකට එද්දි උන්ට උදව් කරනවා. අඩුපාඩුවක් තියෙනවානම් ඒක පෙන්නලා දෙනවා.

    උඹේ ළඟම ඉන්න අය ගොඩක් වෙලාවට උඹ තැනකට එනවට කැමති නෑ. මොකද උන්ට තියෙන තැන නැතිවෙනවා. උන් යට යනවා. උඹ උඩටම එනවා.
    ඒකට සමහරු බයයි.

    මේක් ලේසි නෑ. මේක උඹට දවසින් දෙකෙන් එක රැයින් ලැබෙන්නෙ නෑ. අමාරුවෙන් කට්ට කාගෙන තැනකට වරෙන්.

    උඹ තැනකට ඇවිත් උඹට හිනාවුනු උන්ටත් උදව්වක් කරපන්. උඹට හිනාවෙන උන්ටත් හිනාවකින් උත්තර දීපන්

    උඹ වටේ ඉන්න කාටත් උබේ හතුරෙක්ට වුනත් ආදරේ කරපන්. ඒ අස්සේ උඹ වෙනුවෙන් මැරීගෙන වැඩ කරපන්.

    කවුරුවත් උඹව ගනන් ගන්නෙ නැත්තේ උඹ කියන දේ කරන එකෙන් නෙමෙයි නිසා.
    උබ ටෝක් දුන්නත් ඒවා කරගන්න බැරි නිසා.

    සමහර වෙලාවට උඹ සමාජෙන්හැංඟිලා ජීවත් වෙන හින්දා.
    උඹ ඇත්තටම කවුද කියන එක ගැන උඹ කම්ෆටබල් නැති හින්දා.

    ඒක හින්දා උඹ කවුද කියන එක ගැන සතුටු වෙයන්.

    එහෙම සතුටු වෙන්න බැරිනම් උඹට උඹ ගැනම සතුටු හිතෙනකම් ඒ අඩුපාඩු හදාගනින්.

    හැඩ වෙයන්. හොදට ඇදලා කරලා ඉන්න ට්‍රයි කරපන්. මහන්සි වෙලා සල්ලි හොයපන්. ඇඟක් හදාගනින්.
    කිසි දෙයක් නිකන් උඹට ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැඩ කරපන්.

    දන්න අදුරන නොදන්න කෙනෙක් එක්ක කට පුරවලා හිනාවෙයන්. හිනාවෙන් උඹට ඕන කෙනෙක් ෆිට් වෙනවා.
    බයනැතුව මොකද මචන් වෙන්නෙ කියලා අහපන්..
    හිනාවෙලා කතාකරපන්.

    ඒවට උදව්වක් ඉස්සහරට මං උබට අනිවා දෙනවා.

    උඹට යාලුවෝ කොල්ලො කෙල්ලො එක්ක ඉද්දි හැසිරෙන්න ඕන විදිය කියලා දෙනවා.

    ඒවා වචන වලින් විස්තර කරන්න අමාරුයි. අලුත් වීඩියෝ වලින් අනිවා කියලා දෙනවා.

    උඹ ලැජ්ජයි බයයි කියන්නෙ උඹට ආත්ම විශ්වාසයක් නෑ කියන එක.

    ඒකට කිසිම තර්කයක් නෑ. අන්න ඒක මුලින් නැති කරගමු.

    අනිත් දේවල් උඹට නිකන්ම ලැබේවි. උඹේ ලයිෆ් එක පට්ටම විදියට බලන් ඉද්දි වෙනස් වෙනවා උඹට පෙනෙයි.

    යකෝ මොන ලබ්බක්ද මං මෙච්චර කල් කලේ කියලා උඹටම හිතෙයි. ❤️

    අන්න එතනට එනකම් ගැම්මට ගමනක් යමන්.
    ❤️🌼

    මේවා කියවලා වීඩියෝ බලල " හරි මං දැන් ඩයල් එකක් " කියලා හිතින් චූන් වෙලා වැඩක් නෑ.

    ඒවා ලැබෙනකම් වැඩකරපන් . ඒ වෙනුවෙන් උබ අද මොනවද කලේ කියලා උබම කල්පනා කරලා බලපන්.

    හෙට තියෙන දේට රෙඩි වෙයන්.

    ජය ❤️

    copied from #mrx #xfactory
    youtube.com/MrXSL