කෙල්ලෝ ස්කූටි පදින එකට මිනිස්සු කියන මේ කŞ
දැං කාලේ කපු මහත්තයෙක් වුනත් කෙල්ලෙක්ට කටයුත්තක් එහෙම කතා කරන්න ගියහම කියනවනේ “ගෑල්ලමයා ස්කූටර් එකකුත් අරං තියෙන්නේ. ඒකෙං තමයි ගමං බිමං යන්නේ” කියලා. එතකොට ගෑල්ලමයට තනියෙන් යමක් කමක් කරගන්න පුලුවන් කියලා පොඩි තත්වයක් එන්න තමයි එහෙම කියන්නේ. හැබැයි ඒක අතිශයෝක්තියකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් ස්කූටියක් ගන්නෙ ගොඩක් වෙලාවට තමන් රස්සාවක් කරන, යම් ස්වාධීනත්වයක් තියෙන ගෑණු ළමයෙක්/ගැහැණියක් තමයි. හැබැයි මේ ස්කූටි කතන්දරෙත් එක්ක හොඳ නරක දෙකම තියෙනවා කියලා රට්ටු කියනවා
1. ස්කූටියක් ගත්තා කියන්නේ කෙල්ල ගොඩ!
ඇත්තටම ස්කූටියක් ගත්තා කියලා හතරවරිගෙ ගොඩ යන්නෙ නෑ. හැබැයි ස්කූටියක් ගන්න ගැහැණු ළමයෙක් ගැන බොහොම ධනාත්මක ආකල්පයක් හැදෙන්න මූලික හේතුව වෙන්නේ අර “තමන් වැර වෑයමින් හරි හම්බ කරපු මුදලින් ස්කූටියක් ගත්තු දහිරියවන්ත” කෙල්ලෙක් කියන කන්සෙප්ට් එකේ ඉඳලා තමයි. ස්කූටිය සමහරවිට තාත්තා උපන්දිනේට අරන් දුන්නා වෙන්න පුලුවන්. ඒත් පොදු ජන මතය ඇතුලේ ස්කූටිය සහ තරුණිය කියන එක තියෙන්නේ අර මුලින් කියපු කන්සෙප්ට් එක උඩ. ඉතින් ඒ වගේ දහිරියවන්ත කෙල්ලෙක්ව දීග ගන්න කවුද මහත්තයෝ අකමැති වෙන්නේ!
2. ස්කූටිය තනියෙන් පදින මට අනික් ඒවා මොනාද?
අර මුලින් කිව්වනේ ස්කූටිය සහ තරුණිය කියන්නේ සංකේතාත්මක සංකල්පයක් කියලා. අන්න ඒ සංකල්පය ඇතුලේ තියෙනවා ස්කූටියක් ගන්න, ස්කූටියක් පදින්න හැකියාව තියෙන කෙල්ලෙක් තමන්ගේ පවුල මත හෝ තවත් පිරිමියෙක් මත හෝ යැපෙන්නේ නැති බොහොම නිදහස්, ස්වාධීන කෙල්ලෙක් කියන එක. සාමාන්‍යයෙන් ඔය වගේ ගැහැණු ළමයෙක්ට කැමති වගේම අකමැති මිනිස්සුත් ඉන්නවා. ඒත් කවුරු කැමති අකමැති වුනත් ස්කූටියත් එක්ක ගැහැණු ළමයෙක්ට එන වටිනාකම වෙන්නේ ‘තමන්ගේ ඕනෑම දෙයක් තනියෙන් කරගන්න තරමට ස්වාධීනත්වයක් තියෙන කෙල්ලෙක්’ කියන එක තමයි
3. බස් එකේ යන්න බැරි නම් ගන්න ස්කූටියක්
සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවන් කියන්නේ ගැහැණියට අකටයුතුකම් සිද්ධ වෙන තෝතැන්නක් කියලනේ කියන්නේ. ඒ කියන්නේ ඇහැට කණට පේන ගෑණු ළමයෙක්ට පිරිමියෙක්ගේ කායික හෝ වාචික හිංසනයකට, හිරිහැරයකට ලක් නොවී තනියෙන් බස් එකක ගමනක් යන්න බෑ. හැබැයි මේ තත්වය මේ වෙනකොට ටිකක් වෙනස් වෙලා කියලත් කියන්න ඕන. කොහොම හරි ඔය වගේ හිංසාවක් වෙන වෙලාවක ගෑණු ළමයෙක් ඒකට විරුද්ධ වෙලා කතා කලොත් අහගන්න වෙන සුලභ කතාවක් තමයි “සැපට යන්න ඕන නං බස් එකේ යන්නෙ නැතුව කාර් එකක් ගන්නවා” කියන එක. මේ කතාව අපි කිසිසේත්ම අනුමත නොකලත්, ස්කූටියක් ගන්න කෙල්ලෙක්ට ඔය එක ප්රශ්නයකටවත් මුහුණ දෙන්න වෙන්නෙ නැහැනේ. තව දුරටත් බස් එකේ හැප්පිලි, ජැක් ගැහිලි වලට මුහුණ දෙන්නෙ නැතුව, ඕන්නැති බැල්මට් දාන අය්යලාට රවලා ලේ කෝප කරගන්නෙ නැතුව තමන්ගේ ගමනක් බබා වගේ ස්කූටියේ කරගන්න පුලුවන්. මේකත් ස්කූටියක් ගන්න එකේ කෙල්ලෙක්ට තියෙන වාසියක්.
හැබැයි අනිවා අපි කියන්නේ කෙල්ලෙක්ට ස්කූටියක් ගන්න වෙන්නේ බස් වල වද විඳින එක ඇතිවෙලානං, ඒක රටක් හැටියට අපි කණගාටු වෙන්න ඕන දෙයක්.
4. පාර පුරා රූං ගාලා මං යනවා ස්කූටියේ නැගලා!
ඔය උඩින් කිව්වේ ස්කූටියක් ගන්න එකේ තියෙන හොඳ දේවල් ටිකනේ. හැබැයි පාරේ තොටේ යන සමහර අය කියන නරකත් තියෙනවා. එකක් තමයි ගැහැණුන්ට රිය පදවන්න බැහැ කියලා නිර්මාණය වෙලා තියෙන මතය. හැබැයි අපිට අහන්න ලැබෙන්නේ නං වැඩිපුර ඇක්සිඩන්ට් වෙන්නේ පිරිමින් අතින් කියලා තමයි. කොහොම වුනත් පිරිමි වගේම ගැහැණුත් ඉන්න පුලුවන් හරි හැටි වාහන පදවන්න පළපුරුද්ද නැති, මාර්ග නීති තකන්නේ නැති අය. ඒක ගැහැණු පිරිමි භාවයේ වැරැද්දක් නෙවෙයි, මනුස්සයාගේ වැරැද්ද. ඉතින් මෙහෙම ගෑල්ලමයෙක් ස්කූටියක් ගන්නවා කියන්නේ දෙය්යනේ කියලා හැටට හැටේ පාර පුරා යනවා වෙන්න පුලුවන්. ඉතින් ඕක දකින මිනිස්සු බනින්නේ ඒ ගෑල්ලමයට විතරක් නෙවෙයි, ස්කූටි පදින ගැහැණු සංහතියටම
5. පවුල් අවුල් වාහනේ!
මෙන්න මේක අලුතින්ම අහන්න ලැබෙන දෙයක්. ස්කූටියට කියන්නේ පවුල් අවුල් වාහනේ කියලලු. එහෙම කියන්නේ ඇයි කියලා අපි දෙන්නෙක්ගෙන් තුන්දෙනෙක්ගෙන් අහලා බැලුවහම දැනගන්න ලැබුනේ ගෑණු ළමයි විතරක් නෙවෙයි, කසාද බැඳපු නෝනලාත් ස්කූටියක් ගත්තට පස්සෙ මහත්තයට හොරා පොඩී කොටුවක් එහෙම පනින්න පහසුවට ස්කූටිය යොදාගන්නවා කියලා. ඒ කියන්නේ වෙනදා ඕන දේකට යන්න වෙන්නේ මහත්තයත් එක්කනේ. දැන් මහත්තයාව බල බල ඉන්න ඕන නෑ, ස්කූටිය ගත්තා, ගියා. ඉතින් ඔන්න ඔය හින්දලු මේකට “පවුල් අවුල් වාහනේ” කියලා නම වැටිලා තියෙන්නේ!
හැබැයි අපි කියන්නේ මේක අනිවා ගොන් පාට් එකක්. මොකද කසාද බැන්ද මහත්තයෙක් බයික් එකක් ගත්තොත් නෝනට වඩා ලේසියෙන් කොටුවක් පනින්න බැරිද? ඉතින් ස්කූටියක් ගත්තු නෝනට ස්කූටියත් එක්ක වැඩි නිදහසක් හිමිවෙනවා තමයි. ඉතින් ඇයි ගැහැණු හැම වෙලාවකම පිරිමි මත යැපෙන්න ඕන? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නෝනට අරන් දෙන ස්කූටියේ නෙවෙයි. නෝනා කොටුවක් පනිනවනං එහෙම වෙන්න හේතු වෙන්නේ මොකක් නිසාද කියන එකේ. ඉතින් අපි කියන්නේ තමන්ගේ ගෘහ ජීවිතේ ප්‍රශ්නත් ස්කූටිය පිට පටවන එවුන්ට නොම්බර 7/16 යතුරකින් තලන්න ඕන කියලා තමයි!
aniwa.lk

Last edited: